පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) ආරම්භ වනවා.
මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) ආරම්භ වනවා.
මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
සංචිතය සදහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති තිලක් වර්මා ද නම් කර ඇති අතර, ආබාධවලට ලක්ව සිටි KL Rahul හා Shreyas Iyer ද සංචිතයට නම් කර තිබෙනවා.
ආබාධ හේතුවෙන් දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah ද ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කර තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) පැවැත්වෙනවා.
ඒ අනුව B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
තරගය අද රාත්‍රී 7.30 ට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06.00ට ආරම්භ වනවා.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ ප්‍රවේශ පත්‍ර ඊයේ (17) නිකුක් කර තිබුණා.
පළමු අදියරේ වැඩිම අවධානයක් දිනාගන්නා තරගය වන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම අලෙවිය අවසන්වී තිබෙනවා.
ඒ අනුව ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ මේ වන විට එළිමහනෙහි (Grass Embankment) සුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් පමණක් ඉතිරිව ඇති බවයි සඳහන් වන්නේ.
එසේම ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍රද සම්පූර්ණයෙන්ම අලෙවිය අවසන්වී ඇති අතර එළිමහනෙහි (Grass Embankment) සුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් පමණක් ඉතිරිව තිබෙනවා.
මෙම තරඟ දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය (Eliminator) B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය ලෙස (Qualifier 1) Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර තරගය මේ වන විට කොළඹදී පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ලසිත් කෘස්පුල්ලේ ලකුණු 80 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 3 ක් හා Noor Ahmad කඩුලු 2 ක් ලබා ගත්තා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා Dambulla Aura කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 147 ක්.
ලකුණු පුවරුව පහතින්.

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු, රජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන් සහ දිල්හානි ලේකම්ගේ මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.
ලෝක ශූරතා තරගාවලියට මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් හා මීටර් 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න සුදුසුකම් සැපිරුවද ඔවුන් දෙදෙනාම සහභාගී නොවීමට තීරණය කර තිබෙන බවද සඳහන්.
යුපුන් ආබාධයකට ලක්ව නැවත පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ආසියානු ක්‍රීඩා උළෙලට මූලිකත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ගයන්තිකා ද ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම් කිරීමට තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය 19 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ටිකට් පත් මේ වන විට නිකුත් කර ඇති අතර විවිධ මිල ගණන් යටතේ ටිකට් පත් මිලදී ගැනීමේ හැකියාව පවතන බවයි සඳහන් වන්නේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගන්නා තරගය වන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ ටිකට් පත් සඳහා මෙහිදී ඉහළම මිලක් නියම වී තිබෙනවා.
pcb.bookme.pk යන වෙබ් ලිපිනයට පිවිස අදාල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ.
සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.