2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 2 ක්, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
Category: sports_sub
පන්දුවාර 20 ක් අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 84/4
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 2 ක්, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
Asia cup 2023: කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය අද (09) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
Asia Cup 2023: ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද
ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවැනි තරගය අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පස්වරු 03 ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙක ම ජයග්‍රහණය කළ අතර, බංග්ලාදේශය මූලික වටයේ තරග දෙකෙන් ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණයි.
Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගයට අතිරේක දවසක් නම් කෙරේ
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම තරගය කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
යම් හෙයකින් 10 වනදා තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් තරගය පසුදින එනම් 11 වනදා පවත්වීමට සූදානම් කර ඇති අතර තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් පිරිස් සඳහා එම ප්‍රවේශපත් අතිරේක දිනය සඳහා ද වලංගු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Asia cup 2023: සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනය වෙයි
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර කාණ්ඩ කිහිපයක් මිල ගණන් අඩු කිරීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව Lower Blocks ‘C’ හා ‘D’ හි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1,000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
සැප්තැම්බර් 9, 12, 14 හා 15 යන දිනවල පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිල පමණක් මෙලෙස අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Asia cup 2023: පාකිස්තානයට කඩුලු 7 ක ජයක්
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 38.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 193 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 39.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
එංගලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලි ජයක්
එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින් එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් තමන් ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජය වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116 ක් පමණයි.
පන්දු යැවීමේ චමරි අතපත්තු ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.උදේශිකා ප්‍රබෝදනී හා කවීෂා දිල්හාරි ලකුණු 16 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
චමරි පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.
සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Asia cup 2023: කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද (06) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
