ක්‍රිකට් ක්‍රීඩ​ක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Asia cup 2023: සුපිරි 4 වටයේ තරග අද ආරම්භ වෙයි

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අද (06) ආරම්භ වනවා.

සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම් සමත් වුණා.

සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.

පන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 63/1

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 63 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 30 ක් ලබාසිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ලබා‌ගෙන සිටියදී දැවී ගියා.

Asia cup 2023: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද (05) සවස 3.00 ට ආරම්භ වනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර උප නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා පත්කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි කේ.එල් රාහුල් මෙම සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

64f6f4c061de2

Asia cup 2023: ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගය අද

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (05) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලාහෝර් හිදී අද පස්වරු 3.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

Asia cup 2023: කාසියේ වාසිය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Asia cup 2023: බංග්ලාදේශයට ලකුණු 89 ක ජයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 89 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු මෙහෙදි හසන් මිරාස් හා නජ්මුල් හොසේන් ශන්ටෝ ශතක වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 44.3 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 245 ක් පමණයි.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 75 ක් හා හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 51 ක් රැස් කළා.

Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගය වර්ෂාව නිසා අතහැර දැමේ

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් මෙලෙස තරගය අතහැර දැමීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

එංගලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය වනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායිකා චමරි අතපත්තු පන්දු 31 කින් ලකුණු 55 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 30 ක් ලබා ගත්තා.