Asia cup 2023: දුනිත් වෙල්ලාලගේ ඉන්දියාවේ ප්‍රබල කඩුලු 5 ක් දවා ගනී

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව Rohit Sharma, Shubman Gill, KL Rahul, Hardik Pandya සහ Virat Kohli දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.

Asia cup 2023: පන්දුවාර 20 ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව – 109/3

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 109 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ Rohit Sharma, Shubman Gill සහ Virat Kohli දවා ගැනීමට සමත් වුණා.

Asia cup 2023: පන්දුවාර 10 ක් අවසානයේ ඉන්දී​ය ලකුණු පුවරුව – 65/0

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 65 ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින Rohit Sharma ලකුණු 39 ක් හා Shubman Gill ලකුණු 18 ක් ලබා සිටිනවා.

Asia cup 2023: කාසියේ වාසිය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගයට අදත් වර්ෂාවෙන් බාධා මතුවීමේ අවදානමක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගයට අද දිනයේත් වර්ෂාවෙන් බාධා මතුවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ අනුව තරගය ආරම්භවීමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව ඇතත් මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට වර්ෂාව පතිත වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තරගය අද පස්වරු 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

2023 World Cup : නවසීලන්ත සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි නිත්‍ය නායක කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 ක් ඇතුළත්

පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 6 දෙනෙකු ද නවසීලන්ත සංචිතයට නම් කර ඇති අතර මාර්ක් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ඩැරල් මිචෙල් හා ග්ලේන් පිලිප්ස් මෙලෙස පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සදහා ඇතුළත් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

64feb74b6084c

Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගය නතර කළ තැන සිට අද

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගයට ඊයේ (10) වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව තරගය අද (11) අතිරේක දිනයට කල් දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර අද පස්වරු 3.00 ට පන්දුවාර 50 තරගයක් ලෙස ඊයේ නතර කළ ස්ථානයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 24.1 ක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාත් කෝලි ලකුණු 8 ක් හා කේ.එල්.රාහුල් ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Asia cup 2023: කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායමට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගය අද (10) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Asia cup 2023: ශ්‍රී ලංකාවට ලකුණු 21 ක ජයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 257 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් හා නොදැවී පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම ලකුණු 93 ලබා ගත්තා.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud කඩුලු 3 ක් හා Shoriful Islam එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 236 පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැඟින්, මතීෂ පතිරණ කඩුලු 3 ක් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

පන්දුවාර 40 ක් අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 177/5

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 3 ක්, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.