Asia cup 2023 Final : ඉන්දියාවට ලකුණු 51 ක ඉලක්කයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක්, Hardik Pandya කඩුලු 3 ක්  දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 51 ක්.

Asia cup 2023 Final : කුසල් මෙන්ඩිස් දැවී යයි – 39/7

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටිනවා.

කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණා.

Asia cup 2023 Final : ශ්‍රී ලංකාවේ තවත් කඩුලු 2 ක් දැවී යයි – 17/6

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 17 ක් ලබා සිටිනවා.

කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා හා දසුන් ශානක දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

Asia cup 2023 Final : ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 4 ක් දැවී යයි – 8/4

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 8 ක් ලබා සිටිනවා.

කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක සධීර සමරවික්‍රම, චරිත් අසලංක දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

මහීෂ් තීක්ෂණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

මහීෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරතුර දී පන්දු රකිමින් සිටියදී තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක්වූ අතර ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ, ඔහුගේ ආබාධ තත්ත්වය හදුනා ගැනීම සදහා ඔහුව අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවයි.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිඵල අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Asia cup 2023: කාසියේ වාසිය පාකිස්තානයට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර කුසල් ජනිත් පෙරේරා සහ ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Asia cup 2023: ශ්‍රි ලංකා පාකිස්තාන තරගයට වර්ෂාවෙන් බාධා

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

තරගය පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද ප්‍රමාදවිය හැකි බවයි සඳහන් වන්නේ.

මේ වන විට ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ක්‍රිකට් ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කරයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව යටතේ කුසලානය අද (14) ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශූරතා කුසලානය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී ශූරතා කුසලානය නැරඹීම සදහා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා අවස්ථාව හිමිවනවා.

එසේම පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා One Galle Face හීදී එය ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

Asia cup 2023: ශ්‍රි ලංකා පාකිස්තාන තරගය අද

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද පස්වරු 3.00 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

Asia cup 2023: පන්දුවාර 40 ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව – 180/7

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 5 ක් හා චරිත් අසලංක කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.