Asian Games 2023 : පන්දුවාර 14 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 68/4

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පිළිතුරු ඉනිහ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25 ක් ලබා ගනිමින් දැවීගිය අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 21 ක් ලබා සිටිනවා.

Asian Games 2023 : ශ්‍රී ලංකාවට ලකුණු 117 ඉලක්කයක්

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 116 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 46 ක් හා Jemimah Rodrigues ලකුණු 42 ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි කඩුලු 2 ක් බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 117 ක්.

ලකුණු පුවරුව පහතින්.

6511370f351a2

Asian Games 2023 : පන්දුවාර 10 ක් අවසානයේ ඉන්දියානු ලකුණු පුවරුව – 59/1

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 59 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුනේ සුගන්දිකා කුමාරි එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

Asian Games 2023 : කාසියේ වාසිය ඉන්දීය කාන්තා කණ්ඩායමට

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Asian Games 2023 : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවසන් මහා තරගය හෙට(25) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර  එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ (23) රාත්‍රීයේ ආරම්භ වුණා.

තරගාවලියේ ක්‍රීඩා 8ක මූලික වටයේ තරග පසුගිය 19 වැනිදා සිට ආරම්භ වූ නමුත් එය නිල වශයෙන් සමාරම්භක උත්සවයක් ද සමඟින් ඊයේ රාත්‍රීයේ ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ඔක්තෝබර් 08 වැනිදා දක්වා චීනයේ Hangzhou හිදි පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මෙම තරගාවලිය ක්‍රීඩා ඉසව් 9ක් වෙනුවෙන් එළඹෙන 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ද සැලකෙනවා.

මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 483ක් වෙනුවෙන් තරග කිරීමට නියමිත රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවෙන් එක් වන තරගකරුවන් ප්‍රමාණය 96ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Part of the Sri Lankan Contingent at the Opening Ceramony of the 19th Asian Games, Hangzhou, 23rd September 2023.
Part of the Sri Lankan Contingent at the Opening Ceramony of the 19th Asian Games, Hangzhou, 23rd September 2023.

Asian Games 2023: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟයි.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 15 කට සීමා වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තායිලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 15 තුළ තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 10 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යන ක්‍රිකට් සංචිතයේ නායකත්වය සහන් ආරච්චිගේ ට

19 වැනි ආසියානු ක්‍රීඩා තරගාවලිය ලබන 23 වැනිදා සිට ඔක්තෝම්බර් 8 වැනිදා දක්වා චීනයේ හැංශුයි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කළේ.

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා පිරිමි (ශ්‍රී ලංකා A) හා කාන්තා සංචිතද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතයේ නායකයා ලෙස සහන් ආරච්චිගේ නම් කර ඇති අතර, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු නම්කර  ඇති බවයි සඳහන් වන්නේ.

තරගාවලිය ක්‍රීඩා 21කින් සමන්විත වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බීච් වොලිබෝල් , ගොල්ෆ් , ඔරු පැදීම , යාත්‍රා පැදීම, ජල ක්‍රීඩා, බැඩ්මින්ටන්, දුනු ශිල්පය, බොක්සිං, චෙස්, විද්‍යුත් ක්‍රීඩා, ජූඩෝ, වුෂු, මල්ලවපොර, බර ඉසිලීම, ටයිකොන්ඩෝ, ස්කොෂ්, කරාටේ, ක්‍රිකට් සහ මලල ක්‍රීඩා යන තරග නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවීමට නියමිතයි.

තරඟාවලියට සහභාගී වන ක්‍රිකට් සංචිත පහතින්.

650aa39d72150 650aa39d6a05d

ICC CWC 2023 : ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කෙරේ

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණය අද (20) දිනයේ දී ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. වනිඳු සහ දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වයන් හා දසුන් ශානක සම්බන්ධයෙන් වන තීරණය ඉක්මනින් දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

අදාළ twitter පණිවිඩය පහතින්.

650a814f5a4bd

Asia cup 2023 Final : ආසියානු කුසලානය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (17) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගය කඩුලු 10 කින් ජය ගැනීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 6 ක්, Hardik Pandya කඩුලු 3 ක්  දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම 7 වන පන්දුවාරයේදී කිසිඳු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ඒ අනුව 2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා