ICC CWC 2023 Warm-up : පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 98/2

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ICC CWC 2023 Warm-up : කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය අද (03) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරණු ලබනවා.

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න විශ්‍රාම ගැනීම නිවේදනය කරයි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වන නිලූක කරුණාරත්න සිය ක්‍රීඩක ජීවිතයේ සමුගැන්ම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔහුගේ වෘත්තීය බැඩ්මින්ටන් ජීවිතය 17 වතාවක් ජාතික ශුරතා දිනා ගැනීමට සමත් වූ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා කිහිපයකදී ඔලිම්පික් තරගාවලියද නියෝජනය කිරීමට සමත් වුණා.

මේ දක්වා අන්තර්ජාතික ජයග්‍රහණ 34ක් ලබාගැනීමට නිලූක කරුණාරත්න සමත්ව තිබෙනවා.

6518e26ef07b0

ICC CWC 2023 Warm-up : බංග්ලාදේශයට කඩුලු 7 ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 68 ක්, ධනංජය ද සිල්වා ලකුණු 55 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Tanzid Hasan ලකුණු 84 ක්, Mehidy Hasan Miraz ලකුණු 67 ක් හා Litton Das ලකුණු 61 ක් ලබා ගත්තා.

ICC CWC 2023 Warm-up : බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 264 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 68 ක්, ධනංජය ද සිල්වා ලකුණු 55 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය 264 ක්.

ICC CWC 2023 Warm-up : ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (29) සිට ආරම්භ වනවා.

Guwahati, Thiruvananthapuram සහ Hyderabad යන ක්‍රීඩාංගනවලදී පුහුණු තරග පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා මෙම පුහුණු තරග පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අද පස්වරු 2.00 ට Guwahati හිදී ඇරඹීමට නියමිතයි.

මෙයට අමතරව අද දිනයේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතරත් නවසීලන්තය සහ පාකිස්ථානය අතරත් පුහුණු තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නේපාල කණ්ඩායම T20 ලෝක වාර්තා අලුත් කරයි

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ දී ඉනිමකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිඳ දැමීමට නේපාල කණ්ඩායම අද (27) සමත්වුණා.

ඒ, චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී මොන්ගෝලියාවට එරෙහිව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් රැස් කරමින්.

මීට පෙර මෙම වාර්තාවට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හිමිකම් කියූ අතර ඔවුන් 2019 වසරේ දී අයර්ලන්තයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 278 ක් ලබා එම වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලකුණු 300 ක් වාර්තා කළ ලොව පළමු රට බවට නේපාලය අද ඉතිහාසගත වුණා.

මෙයට අමතරව නේපාල කණ්ඩායමේ Kushal Malla විසින් වේගවත්ම T20 ශතකයට හිමි වාර්තාව තමන් සතු කරගත්තා. ඒ පන්දු 34 කදී සිය ශතකය රැස්කරගනිමින්.

එමෙන්ම නේපාල කණ්ඩායමේ Dipendra Singh වේගවත්ම T20 අර්ධ ශතකයට හිමි වාර්තාව තමන් සතු කරගත්තා. ඒ පන්දු 9 කදී සිය අර්ධ ශතකය රැස්කරගනිමින්.

ලකුණු 314 ක ඉලක්කයක් හඹා ගිය මොංගෝලියානු කණ්ඩායමට සියළු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 41 ක් පමණයි.

ඒ අනුව ලකුණු 273 ක ජයග්‍රහණයක් හිමිවූ අතර එය සැලකෙන්නේ T20 තරගයක කණ්ඩායමක් ජයග්‍රහණය කළ විශාලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (26) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 ක් ඇතුළත්ව තිබෙනවා.

වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මෙවර එක්දින ලෝක කුසලානය අහිමිවී ඇති අතර ශාරිරික යෝග්‍යතාව මත සහ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට ආබාධ තත්ත්වයක් මතුවුවහොත් ඉදිරියේදී ඔහු කණ්ඩායමට එක් කිරීමට නියමිතයි.

65137bbc2798e 65137bbc3c831 65137bbc6d61c

ICC CWC 2023 : ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව තිබෙනවා.

මෙම සංචිතය සඳහා කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, ලහිරු කුමාර ඇතුළත් කර තිබෙනවා.

වනිඳු හසරංග, මහීෂ් තීක්ෂන සහ දිල්ෂාන් මදුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කිරීමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ඇතුළත් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

6512889788aef

Asian Games 2023 : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කම

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 19 කින් ඉන්දියාව ජය ගැනීමත් සම ඔවුන් රන් පදක්කම දිනාගත් අතර ශ්‍රී ලංකා රිදී පදක්කම දිනා ගත්තා

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 116 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 46 ක් හා Jemimah Rodrigues ලකුණු 42 ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි කඩුලු 2 ක් බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 97 ක් පමණයි.

ලකුණු පුවරුව පහතින්.

6511571002226 6511570fd8de3