SL vs BAN 1st Test : දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 233 ක් ලබාගෙන සිටිනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස විශ්ව ප්‍රනාන්දු ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගිය අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 85 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 50 ක් ලබා සිටිනවා.

ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 28 ක් සපිරෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට්  ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 28 ක් සපිරෙනවා.

1996 වසරේ මාර්තු මස 17 වනදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබාගත්තා.

ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241 ක්.

ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ පළමු වරට ලෝක කුසලාන කිරුළ ශ්‍රී ලංකාවට උරුමකර දෙමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47 ක් ලබා ගත්තා.

65f68ab08d4d0 65f68ab08212b 65f68ab0745de

ඩිල්ෂාන් මධුශංකට හෙට තරගය අහිමි වෙයි

බංග්ලාදේශයට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි එම ආයතනය නිවේදනය කළේ.

දෙවැනි එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී පිටියෙන් ඉවත් වූ මධුශංකගේ වම් කකුලේ ආබාධයකට ලක්ව ඇති බව MRI ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය 2024

2024.03.08

 

ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය 2024

පළමු වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන දෙවන ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය අද (08) දින මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බොලිවුඩ් තරු පිරිවරා ඉතා උත්කර්ශවත් ලෙස ආරම්භ කිරීමට නියමිත ය.

ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය ( sport tourism) දිරිගැන්වීම අරමුණු කරගෙන දියත් කරන වැඩසටහන් මාලාවක තවත් අදියරක් ලෙස මේ තරගාවලිය පැවැත්වෙන බව ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය සහ විනෝදාස්වාදනය උපරිමයෙන් ප්‍රේක්ෂකයින් හට ලබා දීමට සංජේ දත්, බාද්ෂා, එම්රාන් හෂ්මි සහ ජැකලින් ෆර්නැන්ඩස් වැනි ජනප්‍රිය බොලිවුඩ් තරු සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සදහා සූදානම්ව සිටිති.

කණ්ඩායම් 07 ක්, තරග 22 ක්, දින 12 ක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියේ දී ක්‍රිස් ගේල්, යුවරාජ් සිං සහ හර්බජාන් සිං ඇතුළු අතීතයේ සිටි දැවැන්තම ක්‍රිකට් තරු රැසක් නැවත ක්‍රීඩා කරනු දැක ගත හැක. මෙහි පළමු තරගය අද (08) දින යුවරාජ් සිංගේ නායකත්වයෙන් යුත් නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා හර්ජබං සිංගේ නායකත්වයෙන් යුත් ඩුබායි ජයන්ට්ස් කණ්ඩායම තරග වදිනු ඇත.

මෙවර පන්දුවාර 90 තරඟ සඳහා පන්දු යවන්නන් 5 දෙනෙකු යෙදවීමට නියමිත අතර, එක් කණ්ඩායමකට ඔවුන්ගේ ලකුණ තැබීම සඳහා පන්දුවාර 3 බැගින් ලබා දී ඇත. මෙවර  තරගාවලිය Star Sports Network හරහා සජීවීව විකාශණය කෙරේ.

ලෙජන්ඩ් ක්‍රිකට් කුසලානයේ පළමු තරගය පන්දුවාර 20 ආකෘතියෙන් ක්‍රීඩා කළ අතර එය පසුගිය වසරේ මාර්තු 22 සිට 30 දක්වා ඉන්දියාවේ ගාසියාබාද්හිදී පැවැත්විණි.

WhatsApp Image 2024-03-08 at 16.16.37 (1) WhatsApp Image 2024-03-08 at 16.16.37 WhatsApp Image 2024-03-08 at 16.16.36 (1) WhatsApp Image 2024-03-08 at 16.16.36

මාධ්‍ය අංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

SL vs BAN 2nd T20 : කාසියේ වාසිය බංග්ලාදේශයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

SL vs BAN 2nd T20 : දෙවන තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට Sylhet ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ නව ක්‍රමයක්

අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අදාල තරගයේදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කමක් පිරිනැමීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

එහි පළමු පියවර ලෙස බංග්ලාදේශයට එරෙහිව ඊයේ (04) පැවැති තරගයේදී රැකගත් විශිෂ්ට උඩ පන්දු තුන වෙනුවෙන් චරිත් අසලංකට තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කම, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන විසින් ලබාදීම සිදුකර තිබෙනවා.

SL vs BAN 1st T20 : කාසියේ වාසිය බංගලාදේශයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

T10 තරගාවලිය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය ‌මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තරගාවලිය සදහා මෙරට ප්‍රධාන නගර කිහිපයක නම් සහිත කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත්ව ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වීමට නියමිත තිබෙනවා.

SL vs AFG 3rd T20 : කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.