SL vs IND 1st ODI : වෙල්ලා​ලගෙන් අර්ධ ශතකයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් හා හයේ පහර 1 ක් ඇතුළත් වුණා.

SL vs IND 1st ODI : පැතුම්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වුණා.

Olympic Games : කයිල් අබේසිංහට මූලික වටයේ තරගයෙන් 8 වන ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 51.42 කින් නිම කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ සමත් වුණා.

එහිදී ඔහුට 8 වන ස්ථානය හිමිවී ඇති අතර සමස්ත ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිවී ඇත්තේ 54 වන ස්ථානයයි.

ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Women’s Asia Cup 2024: කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 60 ක් හා Jemimah Rodrigues ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් හා සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 18 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 61 ක් හා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව 2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

චමරිගෙන් අර්ධ ශතකයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 2 ක් හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.

Women’s Asia Cup 2024: ශ්‍රී ලංකාවට ලකුණු 166 ක ඉලක්කයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 60 ක් හා Jemimah Rodrigues ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් හා සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 166 ක්.

SL vs IND 1st T20 : ශ්‍රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක Suryakumar Yadav  ලකුණු 58 ක්, Rishabh Pant ලකුණු 49 ක් හා Yashasvi Jaiswal ලකුණු 40 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214 ක්.

ලකුණු පුවරුව පහතින්.

66a5108ea083e

SL vs IND: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (27) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Womens Asia Cup 2024: ශ්‍රී ලංකා – පාකිස්ථාන අවසන් පූර්ව තරගය අද

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තරගය අද (26) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අද රාත්‍රී 7.00 ට මෙම අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වීමට නියමිතයි.

පැරිස් ඔලිම්පික් උළෙල අද ඇරඹේ

33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) ආරම්භ වනවා.

අද සිට අගෝස්තු 11 වනදා දක්වා පැරිස් හා ප්‍රධාන නගර 16 ක් කේන්ද්‍ර කරගනිමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.

රටවල් 206 ක් නියෝජනය කරමින්, ක්‍රීඩා ඉසව් 32 ක් වෙනුවෙන් මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714ක් තරගාවලියට එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 ක් සහභාගි වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.