SL vs ENG 2nd Test: කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක හා ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා.

SL vs ENG 1st Test: තෙවන දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 204/6

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ (23) නිමාවට පත් වුණා.

ඒ අනුව තෙවන දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 204 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසුවනවා.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65 ක් ලබාගත් අතර, දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටින කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක්ද, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 20 ක්ද ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 236 ක් ලබාගත් අතර, එංගලන්තය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 358 ක් ලබාගත්තා.

අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා එක්දින තරගාවලියේ දෙවන තරගය අද

අයර්ලන්ත හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද තරගය අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි මෙරට වේලාවෙන් සවස 3.15 ට ආරම්භ වීමට නියමිතයි.

ICC ජුලි මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

2024 ජූලි මස ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු තේරී පත්ව තිබෙනවා.

චමරිගේ නායකත්වය යටතේ පසුගිය මාසයේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් කුසලානය ජය ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වෙයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළ අද (12) අවසන් වුණා.

ජූලි 26 වනදා ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උලෙළ පුරා දින 15කට වැඩි කාලයක් පැවැත් වුණා.

මේ සඳහා ක්‍රීඩා 32කට අදාළව තරඟ 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වී තිබුණා.

ඔලිම්පික් උළෙල අවසානයේ එක්සත් ජනපදය රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සමඟින් පදක්කම් 126ක් ලබා ගනිමින් පළමු ස්ථානය දිනාගත්තා.

දෙවැනි ස්ථානය ලෙස රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් ලෙස පදක්කම් 91ක් චීනය දිනා ගෙන තිබුණා.

ජපානය රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් දිනා ගනිමින් පදක්කම් 45 ක් ලෙස තෙවැනි ස්ථානය දිනා ගෙන තිබුණා.

මීළඟ ඔලිම්පික් උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

ICC මගින් එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග ඔවුන් මෙලෙස මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.

SL vs IND 2nd ODI : ඉන්දියාවට ලකුණු 241 ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 240 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු  ලකුණු 40 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 40 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3 ක් හා Kuldeep Yadav කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 241 ක්.

ලකුණු පුවරුව පහතින්.

66af787e2c5ca

SL vs IND 2nd ODI : කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

SL vs IND 1st ODI : දෙවන එක්දින තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව  තරගය අද පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමිවී තිබෙනවා.

වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි

වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු හසරංග ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.