අනුර සජිත් විවාදය සඳහා සජබයෙන් දින යෝජනා කරයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදී පැවැත්වීමට යෝජනා කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

ජෙනරාල් මහේෂ් සේනානායක සජිත් සමඟ එක්වෙයි

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වී තිබෙනවා.

ඒ අනුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙසද ඔහු පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර යළි දිවුරුම් දුන්නා.

පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා.

මෝඩ කොටළුවෙක් වගේ විපක්ෂ නායකයෙක් මේ රටේ දේශපාලනය කළ යුතුයි කියලා හිතනවා නම් විතරක් ඡන්දෙ දෙන්න – ඩයනා

මෝඩ කොටළුවෙක් වගේ විපක්ෂ නායකයෙක් මේ රටේ දේශපාලනය කළ යුතුයි කියලා හිතනවා නම් විතරක් ඡන්දෙ දෙන්න – ඩයනා

ඩාර්ලි පාර් කොලඹ 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ට චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය පැමිණි අතර වැ.බ. සභාපති නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, වැ.බ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් සමග පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබදව කෙටි සාකච්චාව ක් මේ අවස්ථාව වේ පැවැත්ත්වේ..

ඩාර්ලි පාර් කොලඹ 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ට චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය පැමිණි අතර වැ.බ. සභාපති නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, වැ.බ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් සමග පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබදව කෙටි සාකච්චාව ක් මේ අවස්ථාව වේ පැවැත්ත්වේ..

තිසර ගුණසිංහ – ප්‍රචාරක ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ශය

සජබ හා එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට පොදුජන පෙරමුණ තීරණය කරයි

සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි පොදුජන පෙරමුණ පවසන්නේ.

පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉහත සඳහන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගිය 05 වැනිදා සමගි ජන බල සන්ධානය ලෙස සමගි ජන බලවේගය සමග ගිවිසුමගත වී තිබුණා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් වෙනමම නාමල් හමුවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් වෙනමම නාමල් හමුවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර දීර්ඝ කාලයක් පැවැති සබඳතාව තව තවත් ශක්තිමත් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන ගරු සන් හෙයාන් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ෂී ෂෙන් හොන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මුණ ගැසිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය

WhatsApp Image 2024-04-24 at 17.56.36 WhatsApp Image 2024-04-24 at 17.56.35 (2) WhatsApp Image 2024-04-24 at 17.56.35 (1) WhatsApp Image 2024-04-24 at 17.56.35

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය.

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ.

මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්වයන් පිළිබදව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි.

මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දෙන ලදී.

ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු විය.

විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළහ.

චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

WhatsApp Image 2024-04-23 at 13.41.27 (4) WhatsApp Image 2024-04-23 at 13.41.27 (3) WhatsApp Image 2024-04-23 at 13.41.27 (1) WhatsApp Image 2024-04-23 at 13.41.27 (2) WhatsApp Image 2024-04-23 at 13.41.27 WhatsApp Image 2024-04-23 at 13.41.28 (5) WhatsApp Image 2024-04-23 at 13.41.28 (4) WhatsApp Image 2024-04-23 at 13.41.28 (3) WhatsApp Image 2024-04-23 at 13.41.28 (2) WhatsApp Image 2024-04-23 at 13.41.28 (1) WhatsApp Image 2024-04-23 at 13.41.28

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට පත් කිරීම ගැන තීරණය මැතිවරණ කොමිසමට දැනුම්දීමට පියවර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කිරීම ගැන මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට මෛත්‍රී පාර්ශවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් ගත් තීරණය මෙලෙස මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය විසින් ඊයේ (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කර ගැනීමට කටයුතු කර තිබුණා.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම භාරදෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.