අගමැති ධුරය බාරගන්න මට කිසිම ආරාධනාවක් ලැබු​නේ නෑ, ඒක සම්පූර්ණ බොරු කතාවක් – අනු​ර

අරගලය සමයේ අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට තමාට කිසිඳු ආරාධනයක් කිසිඳු ලෙසකින් නොලැබුනු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එය ගොතන ලද අසත්‍ය කතාවක් බවද, ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ඔවුන් සතුව තිබූ බලය තමන් අතට ලබා දේයැයි කියා සිතන්නටවත් හැකිදැයි ඔහු පෙන්වා දෙනවා.

එපමණක් නොව, තමා කොන්දේසි සහිතව අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට සූදානම් බව 2022 මැයි 13 ලිඛිතව දැනුම්දුන් නමුත්, එම ලිපියට අඩු තරමේ පිළිතුරක් හෝ නොලැබුනු බවද ඔහු සඳහන් කළා.

මෙම බොරුව මනූෂ නානායක්කාර සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් දිගින් දිගටම පැවසුවද, එය සම්පූර්ණ අසත්‍ය කතාවක් බවයි ඊයේ (06) තුලාව වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කළේ.

Courtesy: ITN තුලාව

ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීම පූර්ව කොන්දේසියක් – සමගි ජන බලවේගය

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර අද (06) දිනයට යෝජිත ස්වාධීන රුපවාහිනී සේවය විකාශන පහසුකම් සපයා ඇති විවාදය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය විසින් ස්වාධීන රුපවාහිනී සේවයට පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව නායකයින් අතර විවාදයට පෙර දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බවට පූර්ව කොන්දේසියක් පැවති බවද, එය නොසලකා හරිමින් ජාතික ජන බලවේගය නායකත්වයන් අතර විවාදයට පමණක් එකඟ වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

තමන් ඉදිරිපත් කළ කිසිඳු යෝජනාවකට යහපත් ප්‍රතිචාරයක් නොදක්වා නායකත්ව විවාදය සඳහා දිනයකට ජාතික ජන බලවේගය එකඟවූ බවද, ඔවුන් එකඟ වූ දිනය පදනම් කරගනිමින් ස්වාධීන රුපවාහිනී සේවයද විවාදය පැවැත්වීමට සූදානම් බවට සිදුකළ ප්‍රකාශය විධිමත් සැලසුම් සහගත ක්‍රමවේදයක් අනුගමනය නොකොට සිදුකළ ප්‍රකාශයක් බවද එමඟින් පෙන්වාදී තිබෙනවා.

මෙම විවාදය පැවැත්වීමේදී සමඟි ජන බලවේගය ලෙස අපේක්ෂා කළේ සියලුම විද්‍යුත් නාලිකා, මුද්‍රිත නාලිකා ඇතුළු සියල්ලන් එකඟවන පොදු ස්ථානයක පැවැත්වීම බවයි අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අදාළ ලිපිය පහතින්.

6661a243496a2pdf_page_1 6661a2430590cpdf_page_0

විවාදයට අනුරගෙන් ප්‍රතිචාර, සජිත් තවමත් නිහඬයි – ITN

ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතර අද (06) පැවැත්වීමට නියමිත විවාදය සඳහා සහභාගී වීමට සූදානම් බව දන්වා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රතිචාර දක්වා ඇති බව ස්වාධීන රූපවාහිනී සේවය පවසනවා.

කෙසේ නමුත් විවාදය සඳහා සිදුකළ ඇරයුමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති විකාශය වාර්තා කළේ.

අදාළ විවාදය අද රාත්‍රී 10 ට ස්වාධීන රූපවාහිනී HD මැදිරියේ පැවැත්වීමට සූදානම් බව එම සේවය අපේක්ෂකයින් දෙදෙනාටම ලිඛිතව දැනුම්දුන් බව ඔවුන් මීට පෙර වාර්තා කළා.

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

‍ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තව වසර දෙකකට ජනාධිපතිතුමාට රට බාර දෙන්න

තව වසර දෙකකට ජනාධිපතිතුමාට රට බාර දෙන්න

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රංග බණ්ඩාර

තවත් වසර දෙකකට වැටුණු රට ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය ලබා දීම සුදුසු යැයි එක්සත් ජාතික පක්ෂ මහලේ කම් රංග බණ්ඩාර මහතා කියා සිටිනවා
අද අපිට කෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවති ාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා එසේ පැවසුවා

, මම මේ පිළිබඳව මීට පෙර අදහස් දක්වද්දී සමහරු ව්‍යවස්ථාව ගැන කතා කරනවා පාර්ලිමේන්තුවක් තියෙන්නේ ඒකටයි ඕනෑම අවස්ථාවකදී ේ අවශ්‍යතාවය මත ව්‍යවස්ථාව වෙනස් කොට හෝ නැවත ආර්ථිකය ගොඩ එන තෙක් මේ ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය හැකියි මහ මැතිවරණයේදීද මා ජනමත විචාරණයක් පවත්වා න්න ඒ පිළිබඳව ක්‍රියා කිරීමට හැකියි රටේ ආර්ථිකයට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ඉතාමත් තද බරක් බවයි ඔහු පෙන්වා දෙන්නේ
මෙවැනි වාතාවරණයක න් සියලුම මන්ත්‍රීවරුන් එක්ව තීරණයක් ගැනීමත් යන මත විචාරණයකට යාමත් සුදුසු යයි ඔහු පෙන්වා දෙනවා

එසේ නොවී මැතිවරණ පවත්වා ට නැවත බංකොලොත්භාවයට පත් කිරීමට කිසිම අයෙකු කැමති වන්නේ නැහැ

ජුනි 06 සජිත් නොඑන විවාදයට දිලිත් ජයවීර එන්න කැමතියි – දිලිත්

ජුනි මස 06 වැනිදා සජිත් ප්‍රේමදාස නොඑන විවාදයට අනුර කුමාර දිසානායක සමඟ තමන් සහභාගී වීමට කැමති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විවාදයකට ආරාධනා කර ඇති බවද, සජිත් ප්‍රේමදාස අහිංසකයෙක් බැවින් ඔහුට කරදර නොකර තමන් සමඟ විවාදයකට එන ලෙස අනුර කුමාර දිසානායකට ආරාධනා කරන බවයි ඔහු සඳහන් කළේ.

තමන් අනුර කුමාර දිසානායකගෙන් අසීරු ප්‍රශ්න කිසිවක් නොඅසන නමුත්, ඔහුට තමන්ගෙන් කැළණියේ නයා ගැන, ධම්මික පැණිය ගැන සහ ඇන්ටිජන් ගැන ඇතුළු ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න ඇසිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අපේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ දේශපාලනයක් – අනුර

ජාතික ජන බලවේගයේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

සමාජයේ ඇත්ත සහ බොරුව කියා දෙකක් ඇති බවද, තම පක්ෂය ඇත්ත මත පදනම් වුවද, වත්මන් පාලකයින්ගේ මුළු දේශපාලනයම බොරුව මත පදනම් වූ දේශපාලනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන් ජනතාවට ඇත්තටම ආදරය කරනවා නම්, ජනතාවට විදින බෙහෙතට වස දැමීමටත්, ජනතාව බොන තේකට එක්කරන සීනිවලට අය කරන බද්දෙන් සොරකම් කිරීමටත්, මුළු රටේම වාහන පර්මිට් නතර කර තිබියදී පර්මිට් ගැනීමට ලියුම් අත්සන් කිිිිිරීමටත් ඔවුන්ට හැකි දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.

තම පක්ෂයේ සියලු දෙනා සැබැවින්ම මෙරට ජනතාවට හොඳ ජීවිතයක් සහ යහපත් රාජ්‍යයක් අපේක්ෂා කරන අය බවත්, මෙම ඇත්ත සහ බොරුව අතර වෙනස ජනතාවට හෙළිදරව් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

මගේ වේගයට වර්තමානයේ වැඩ කරන්න පුළුවන් කිසිම සමකාලීනයෙක් නෑ – සජිත්

තමන් සමඟ සම සමව රටට අගයක් එකතු කිරීම සඳහා වේගයෙන් වැඩ කළ හැකි වෙනත් කිසිඳු සමකාලීනයෙකු නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කෙසේ නමුත් තමන්ගේ වේගය අඩු වී යමෙකු තමාට වඩා පරිණතව දක්ෂ ආකාරයෙන් ඉදිරියට එන බව තමාට වැටහෙයි නම්, පොදුජනතාව තමාට යන්නට කියන තෙක් නොසිට සුදුස්සාට තැන දෙන බවද ඔහු සඳහන් කළා.

නමුත් මේ මොහොතේ තමන්ට ඉතා හොඳ ගමනක් යා හැකි බව තමන් තරයේ විශ්වාස කරන බවයි YouTube වැඩසටහනකට එක් වෙමින් ඔහු අවධාරණය කළේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව, අද(21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටීමට එක්විය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව, අද(21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටීමට එක්විය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද එක්විය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙසත් කීර්ති උඩවත්ත මහතා වැඩ බලන මහලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙසත් කීර්ති උඩවත්ත මහතා වැඩ බලන මහලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.