විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම ඉවත් කරනවා – සජිත්

තම පාලනයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැළඳගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

මීට පෙර බොහෝ දෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට කයිවාරු ගැසුවද ඔවුන් කිසිවෙක් එය වෙනස් නොකළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

තමාට තනතුරු අසාවක් නොමැති බවද, එහෙයින් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට අවංකව පොරොන්දු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දිලිත් ජයවීරගේ මංගල රැලිය අද යාපනයේදී

සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේදී අද සවස 2.30ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාසගේ මංගල රැලිය කුරුණෑගලදී පැවැත්වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැළිය ඊයේ (16) සවස කුරුණෑගල දී පවත්වා තිබෙනවා.

එම රැලිය සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අනුර කුමාර දිසානායකගේ මංගල මහ රැලිය අද දකුණු පළාතේදී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල මහ රැලිය අද (17) දකුණු පළාතෙන් ආරම්භ වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද සවස 2ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

ජනපතිවරණ ඡන්ද පත්‍රිකාව අද රජයේ මුද්‍රණාලයට

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද (16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එය සකස් කිරීමේ කටයුතු සිදුවන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 39ක් වන අතර, ඒ අනුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් දිගු වන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එහි ප්‍රමාණය සහ ඒ සඳහා යන වියදම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අනුර කුමාර දිසානායක අස්ගිරි මහනායක හිමි හමුවෙයි

අනුර කුමාර දිසානායක අස්ගිරි මහනායක හිමි හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත සහෝදරයාද එක්ව සිටියේය.,

සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිවේන්තු මන්තී එස්.එේ මරික්කාර්ල මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

එළඹෙන ජනාධිපතිවරණඹේ නියත පරාජය හමුඹේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩඩායම් විවිධ අසතය ප්‍රවෘත්තති නිර්මාණය ඹකාට, ජනමාධය සහ සමාජ මාධය, හරහා පතුරුවාලීඹම් වැඩ පිලිඹවලක නිරත වන බව අප ඹවත දැනගන්නට ලැබී ඇත. හ ිටපු ජනාධිපති මමත්‍රිපාල සිරිඹසේන මහතා සමගි ජන සන්ධානය හා එකතු වී ඇතැයි පතුරවනු ලබන ප්‍රවෘත්තතිය ද එවැන්නකි. හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් ඹහෝ එවැනි සහායක් ඹහෝ ලබා ගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් ඹනාමැති බව අවධාරණය කරමු. ඹමම මැතිවරණ කාල සීමාව තුළ සියලු පක්ෂයන්ට අභිඹයෝගයක් වී ඇති සමගි ජන සන්ධානඹේ අඹේක්ෂක සජිත්ත ඹේමදාස මැතිතුමාට එඹරහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් ඹේශ්‍පාලනඹේ න ිරත සියලු අඹේක්ෂකයන්ඹගන් මාධය ඹමඹහයුම් පිළිබඳව විමසිලිමත්තව බුේධිඹයන් ග්‍රහණය කර ගන්නා ඹමන් අපි ජනතාවඹගන් ඉල්ලා සිටිමු

 

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.

ජනක රත්නායක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා එක්සත් ලංකා පොදුජන පක්ෂය නියෝජනය කරමින් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.