පළමු දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම අවසන් වෙයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පළමු දිනය සඳහා මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

අද පෙරවරු 9.00 සිට තැපැල් ඡන්ද විමසීමට පැවැත්වීමට කටයුතු කර තිබුණා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවල පිරිස් අද තැපැල් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු දිවයින පුරා සිදුවෙයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පළමු දිනය සඳහා අද (04) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව අද පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිව ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ආකාරය පහතින්.

සැප්තැම්බර් 22 වනදා නව ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ රනිල් වික්‍රමසිංහ – ආශු මාරසිංහ

සැප්තැම්බර් 22 වනදා නව ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහ පවසනවා.

බිමේ ජනතාව සිටින්නේ රට වසර දෙකක් තුළ මෙම තත්ත්වයට ගෙන ආ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන මැතිවරණයක් බවත් විවිධ මඩ පුවත් ප්‍රචාරය කර ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

සමඟියට 27ක් ලෙස එම එකඟතාවට අත්සන් තැබුවද එම එකඟතාව ලියවිල්ලකට පමණක් සීමා වී ඇති බවයි එම කණ්ඩායම පවසන්නේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අදාළව ප්‍රචාරක කටයුතුවලට එම 27 කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට සමඟි ජන බලවේගයේ උනන්දුවක් නොමැති බවත් දැනට පවත්වන මහජන රැළි ආමන්ත්‍රණය කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නැති බවයි කියවුණේ.

සමඟි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව මෙම 27 කණ්ඩායම විසින් වැඩපිළිවෙලක් භාර දුන්නද ඊටද යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සමඟි නායකත්වය කටයුතු කර නැති බවද වාර්තා විය.

ඒ අනුව ඔවුන්ව මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාලව මෙන්ම ඉදිරි සැලසුම්වලට අදාළව දායකකරගැනීමක් නොකරන හෙයින් තවදුරටත් සමඟි ජන සන්ධානය තුළ රැඳී සිටිනවාද යන්න තීරණයක් ගැනීමට සිදුව තිබෙන බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ.

මෙම අර්බුදය විසඳා ගැනීමට ඊයේ (03) දිනයේද සාකච්ජා කිරීමට ප්‍රභා ගනේෂන් මහතා ප්‍රමුඛ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිට ඇතත් ඊටද අවස්ථාවක් ලැබී නැති බව සඳහන්.

ඒ අනුවයි ඔවුන් සමඟි ජන සන්ධානයේ කටයුතුවලට තවදුරටත් සහය දක්වන පාර්ශවයක් නොවී ස්වාධීන වීමට තීරණයක් ගෙන ඇත්තේ.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප හා වාහන පර්මිට් අහෝසි කරනවා – අනුර

දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරන බවත්, ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ලබාදෙන නිල නිවස ද, විදුලි ගාස්තු හා ජල ගාස්තු ගෙවීම්ද අහෝසි කරන බවයි බණ්ඩාරවෙල පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඇමතිවරුන් පිටුපස වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීම අහෝසි කරන බවත්, තර්ජනයක් ඇත්නම් පමණක් පොලිස් ආරක්ෂාව ලබාදෙන අතර, තර්නයක් නැත්නම් ඇමතිගේ දොර ඇරීම සඳහා පොලිස් නිලධාරීන් ලබා නොදෙන බවද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන් බලා ගැනීම නතර කිරීමට කටයුතු කරන බවද, එවිට රට ගැන වුවමනාවක් ඇති අය පමණක් දේශපාලනයට පැමිණෙනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනියි

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.

ජගත් කුමාර මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට පසුගිය 29 වනදා තීරණය කර තිබුණා.

අපේ ආණ්ඩු හැමදාම ගොඩනැගුවේ රටේ දේශීය චින්තනය පදනම් කරගෙන – නාමල්

ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩු ගොඩනගන විට රටේ දේශීය චින්තනය පදනම් කරගෙන ගොඩ නැගීමට කටයුතු කළ බවයි කලවාන ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුව තුළද පරමාර්ථය වන්නේ පොළොව සමඟ පොරබදමින් වගාකරන ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“පුළුවන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට අද රටේ බහුතර සහාය හිමිව තිබෙනවා – ජනපති

“පුළුවන් ශ්‍රී ලංකා”  05 වසරක ජාතික වැඩසටහනට අද රටේ සෑම පළාතකම ජනතාවගේ සහාය හිමිව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවයි  හලාවත පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ හලාවත පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරන බවත්, මාදම්පේ ආර්ථික කලාපය ඇති කිරීම මෙන්ම හලාවත වරාය ප්‍රධාන වරායක් ලෙස දියුණු කර මෙම සියලු ආර්ථිකයන් අධිවේගි මාර්ගය සමඟ සම්බන්ධ කිරීමේ රජයේ සැලසුම් පිළිබඳවද ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 10.00 ට කොළඹ දී අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.