ජනතාවගේ ජීවන බර සටන 2025 දී අවසන් කරනවා – ජනපති

ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියල තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට එම සහන ලබාදීමට හැකිවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රටක බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අසීරු තීරණ ගැනීමට සිදුවුවද අවසානයේ සහන හිමිවන බවයි සඳහන් කළේ.

අලුත් ආර්ථිකයක්, අලුත් රටක් හා අලුත් දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමේ වැඩසටහන තමා මේ වන විටත් ආරම්භ කර තිබෙන බවද තමන්ට අවශ්‍ය රටට අලුත් ආර්ථිකයක් ලබා දීම බවද පැවසු ජනාධිපතිවරයා සජිත්ට හෝ අනුරට එය කළ නොහැකි බවයි දෙහිවල පැවති “රනිල්ට පුළුවන්” ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66e7d2636cbf2pdf_page_0

66e7d263ac4f5pdf_page_1

රනිල්ට වසර 30 ක් දෙස් විදෙස් බලවේග ජනාධිපති පුටුවේ වාඩි වෙන්න දුන්නෙ නෑ – වජිර

රනිල් වික්‍රමසිංහ 9 වන විධායක ජනාධිපති ධුරයට පත් වන්නේ නම් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යක් වනු ඇති බවට සහතික වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

රනිල් වික්‍රමසිංහට ජනාධිපති පුටුවේ වාඩිවීම සඳහා වසර 30ක් දෙස් විදෙස් බලවේග ඉඩ ලබා නොදුන් බවයි ජන හමුවක් අමතිමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව එම විදෙස් බලවේග සියල්ල පරාජය කරන කතිරය ගෑස් සිලින්ඩරය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනන් මනන් වානා, පලවෙනි මනාපෙන්ම සජිත් ජනාධිපති වෙනවා – ඩිලාන්

මේ වන විට සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්ෂ 100 ට කිට්ටු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ස්ථිර බවයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ, “දෙවනි මනාප නෑ, තුන්වෙනි මනාප නෑ, අනන් මනන් වානා, පලවෙනි මනාපෙන්ම සජිත් ජනපති වෙනවා වෙනවාමයි.” බවයි.

මේ සිද්ධ වෙන්න යන්නේ ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්ථනය – අනුර

ශ්‍රී ලංකාවේ සිදුවීමට යන්නේ සාමාන්‍ය දේශපාලන හුවමාරුවක් නොව ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්ථනය බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

රට පොහොසත් බවට පත් කිරීම සඳහා ජාතික ජන බලවේගයට අරමුණක් ඇති බවයි අද (13) මොනරාගල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කර ඇති බවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් මිනිසුන් කණ්ඩායමක්ද තමන් සමඟ සිටින බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාලිමාව ඇතුළු අනුර කුමාරට අවස්ථාවක් ලබා දීමට ගොස් අනාගතය අඳුරු කර ගන්න එපා – ජනපති

මාලිමාව ඇතුළු අනුර කුමාරට අවස්ථාවක් ලබාදීමට ගොස් තමන්ගේ අනාගතය පිළිබඳ තිබෙන අවස්ථාවන් අහිමි කර නොගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

නැවත පෝලිම් යුගයක් නිර්මාණය කරන අනුර කුමාරගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තමා විමසු නමුත් දින 03ක් ගත වී තිබුණද ඔහු තවම එයට පිළිතුරු ලබා නොදුන් බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ අනාගතය ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති මාලිමාවට භාරදිය යුතුද කියා තරුණ තරුණියන් තීරණය කළ යුතු බවයි අද (13) පස්වරුවේ පුත්තලම නගරයේ පැවති “රනිල්ට පුළුවන්” රැළිය අමතමින් සඳහන් කළේ.

රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වී තිබෙන නිසා මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66e4400049558pdf_page_2 66e43ffec8d90pdf_page_1 66e43ffea50a0pdf_page_0

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙනවා – අනුර

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ සැප්තැම්බර් 21 මේ රටේ ජනතාව ගනු ලබන්නේ රට අලුත්ම මාවතකට හරවන තීන්දුවක් බවත්, ජනතාවගේ බලාපොරොත්තු බිඳකින්වත් බිඳ වැටෙන්නට තමන් ඉඩ නොතබන බවයි කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් එම ඔහු සඳහන් කළේ.

පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි වන ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවත්, මේ වන විට විකිණෙන සහ විකුණන දේශපාලනය නතර කිරීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.

පියවරෙන් පියවර මේ රට ගොඩ නගන්නට ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තමන් සැලසුම් කර ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික ගැටළුව විසඳනවා – ජනපති

ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික ගැටළුව විසඳීමට කටයුතු කරන බවත්, තවත් වසර 20කින් මීට වඩා හොඳ රටක ජීවත්විය හැකි බවට වූ විශ්වාසය මෙරට තරුණ පරපුරට ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුත්තේ එම රට නිර්මාණය කිරීම වෙනුවෙන් බව අවධාරණය කළ ජනාධිපතිවරයා, සජිත්ට සහ අනුරට රට ගොඩනඟන සැලසුම් නැති බවත්, ඔවුන්ට රට භාර දුනහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවයි තිරුක්කෝවිල් ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැළියකට එක්වෙමින් පැවසුවේ.

මෙරට කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබූ තමා, සියලුදෙනාට ජීවත්විය හැකි රටක් පසුගිය වසර දෙක තුළ නිර්මාණය කර දුන් බවත්, තම දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩනඟන එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66e26c9e1e019pdf_page_1 66e26c9dd68b6pdf_page_0

ඉදිරි දින තුන ඇතුල​ත ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණොත් සිදුකළ යුතු දේ පිළිබඳ​ව දැනුම්දීමක්

ඉදිරි දින තුන ඇතුලත යම් අයෙකුට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම්, එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනුව ලබන (14) වැනිදා වන විට යම් කෙනෙකුට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේ නම්, හැඳුනුම්පත රැගෙන නියමිත තැපැල් කාර්යාලයට ගොස්, අනන්‍යතාවය තහවුරු කර සිය ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

මැතිවරණය පැවැත්වෙන දින තෙක්ම ඡන්ද දායකයින්ට මේ අවස්ථාව හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට කැඳවයි

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඊට අමතරව දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් ද අද පෙරවරු 9.30 ට කොමිසමට කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ අද දිනයේ ඔවුන් සමග සාකච්ඡා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රටේ ජනාධිපතිවරයා ලෙස ලොකුම කැප කිරීම කරන්න මම සූදානම් – සජිත්

තමා ජනාධිපත් ධූරයට පත්වූ පසු කිසිඳු වේතනයක් ලබා නොගෙන ස්වේච්චා සේවයක් ඉටු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනව‍ා.

ඒ අනුව සැප්තැම්බර් 21 වනදා පොදුජනතාව සමගි ජන බලවේගයට වරම ලබාදෙන විට ලොකුම කැප කිරීම කිරීමට රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සූදානම් බවයි වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තමන් පඩි සහ දීමනා ගන්නා ජනාධිපතිවරයෙක් නොවන බවත් තමන්ගේ සේවාව තම මාතෘ භූමියට ලබාදෙන්නේ කිසිඳු වේතනයක් නොගෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.