2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (13) උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මධ්‍යස්ථාන 49 කදී එම කටයුතු සිදුවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
මධ්‍යස්ථාන 13314 ක් සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධය වෙත නිකුත් කරන බවයි අද (12) පැවති මහ මැතිවරණය සම්බන්ධ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15 ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන බවත් පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරන අතර දෙවනුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණනය කරන බවද ඔහු ප්‍රකාශ කළා.
අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරන කරන අතර ඉන් අනතුරුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජනාධිපතිතුමනි ඔබතුමා දුන්නු පොරොන්දු ටික කෙඳිරි නොගා ජනතාවට ලබා දෙන්න – ජොන්ස්ටන්
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) වන විට ඉවත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත්, ඡන්ද ආයාචනා කිරීමට ගෙයින් ගෙට යෑමද, පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම නිහඬ කාලය තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (01) දෙවන දිනටත් සිදුවනවා.
පසුගිය මස 30 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කර තිබුණා.
ඒ අනුව අද දිනයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.
මහ මැතිවරණය සඳහා වන තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පළමු දිනය සඳහා අද (30) අවසන් වුණා.
ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
විවිධ ප්‍රදේශවල තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදුවූ ආකාරය පහතින්.

දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ඒ අනුව එම නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.
සෙසු දිස්ත්‍රික්කවලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට සිදුවන බවයි රජයේ මුදුණාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
අපේක්ෂකයින් තිදෙනෙක් හැර අනෙකුත් සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ වියදම් වාර්තා ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 57 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 26 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 537ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
ලැබුණු පැමිණිලි අතරින් 412 ක් විසඳීමට කටයුතු කර ඇති අතර විසඳීමට ක්‍රියාකරමින් ඇති පැමිණිලි සංඛ්‍යාව 125 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ වාර්තාව පහතින්.
