රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව​ට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා රවී කරුණානායක නම් කර මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තවමත් අයෙක් නම් කර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

න​ව ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානාය​ක කටයුතු කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක නව අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

එසේම ඔහු මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

න​ව පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි

වෛද්‍ය ධම්මික පටබැඳි නව පරිසර අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබෙනවා.

නව බලශක්ති ඇමති කුමාර ජයකොඩි

කුමාර ජයකොඩි නව බලශක්ති අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබෙනවා.

නව කම්කරු ඇමති මහාචාර්​ය අනිල් ජයන්​ත

මහාචාර්ය අනිල් ජයන්ත නව කම්කරු අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබෙනවා.

ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පී.සත්‍යලිංගම් පත් කෙරේ

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ එහි මහලේකම් පී.සත්‍යලිංගම් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය විසින් මැතිවරණ කොමිසමට මේ බව දැනුම්දී තිබෙනවා.

සර්වජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දිලිත් ජයවීර පත් කෙරේ

සර්වජන බලයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මේ බව දැනුම්දී තිබෙනවා.

ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව විජිත හේරත්ට

2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

ඒ අනුව එය ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364 ක් ලබා තිබුණා.

ඉන් අනතුරුව 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289 ක් ලබාගනිමින් මහින්ද රාජපක්ෂ පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙළීමට අගමැතිවරිය සමත්වී තිබුණා.

අද දිනය තුළම මෙලෙස අගමැතිවරිය විසින් පිහිටවූ වාර්තාව විජිත හේරත් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් අදාළ වාර්තාව ඔහු සතු කර ගැනීමට සමත්වී තිබෙනවා.

මහින්දගේ වාර්තාව බිඳ දමමින් අගමැති හරිනි වාර්තාගත මනාප සංඛ්‍යාවක් වාර්තා කරයි

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්වී තිබෙනවා.

ඒ අනුව මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.

මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364 ක් ලබා තිබුණා.

ජාතික ජන බලවේගයට ආසන 159 ක බහුතර බලයක් සමඟ ඉතිහාසගත ජයක්

මෙරට දසවන පාර්ලිමේන්තුව තෝරා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වුණු 2024 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186 ක් ලබා ආසන 159 ක් ලබාගනිමින් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

සමගි ජන බලවේගය ඡන්ද 1,968,716 ලබා ගනිමින් ආසන 40 ක් දිනාගෙන ඇති අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 5 ක් ලබා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 350,429 ක් ලබා ආසන 3 ක් ලබාගෙන ඇති අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 257,813 ලබා ආසන 8 ක බලය හා සර්ව ජන බලයට එක් ආසනයක් හිමිවී තිබෙනවා.