පළාත් පාලන මැතිවරණයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට

2025 පළාත් පාලන මැතිවරණයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත භාරදී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව එක් එක් අපේක්ෂකයෙකුට වැය කළ හැකි වියදම් සීමා අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා භාර ගැනීම අනිද්දා අවසන් වෙයි

පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පතු භාර ගැනීම හෙට (26) දින මධ්‍යහ්න 12.00ට අවසන් වීමට නියමිතයි.

එසේම 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන් හි තේරිම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පළාත් පාලන මැතිවරණය ගැන කොමිසම හා පක්ෂ මහලේකම්වරු සාකච්ඡා

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණයේ වියදම් කළ හැකි මුදල් තීරණය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කර ඇති අතර, නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවීම් පිළිබඳවද අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

නාමයෝජනා පත්‍රවල ඇති සුළු අඩුපාඩු නිසා ඇතිවූ ප්‍රතික්ෂේප කිරීම් සඳහා උසාවි මාර්ගයෙන් කටයුතු නොකර, මැතිවරණ කොමිසම මැදිහත් වී විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය මැයි 06 පැවැත්වෙයි

පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම මේ බව සඳහන් කරනවා.

news images

වියට්නාම දූත පිරිසක් පාර්ලිමේන්තුවට

වියට්නාම් ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක යෙන් ඩක් හායිගේ ප්‍රධානත්වයෙන් යුත් වියට්නාම නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නගේ ආරාධනයකට අනුව ඔවුන් සිව්දින නිල සංචාරයක් සඳහා මෙහි පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔවුන් කථානායක ජගත් වික්‍රමරත්න, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ 03ක්, ස්වාධීන කණ්ඩායම් 09 ක් ඇප මුදල් තැන්පත් කරයි

ඊයේ (04) දින වන විට පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක 05 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙ‍ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

දේශපාලන පක්ෂ 03 ක් හා ස්වාධීන කණ්ඩායම් 09 ක් විසින්, පළාත් පාලන ආයතන 23 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67c80d7339590pdf_page_0

පළාත් පාලන ඡන්දයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 මධ්‍යම රාත්‍රිය දක්වා පමණයි

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.elections.gov.lk වෙත පිවිසීමෙන් බාගත කරගත හැකි‍ බවයි එම කොමිසම සඳහන් කළේ.

අයදුම්පත් භාර ගැනීමේ දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඉහළම වැටුප් තල 10 අතරට ගෙනැවිත් තිබෙනවා – අගමැතිනිය

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප්, ඉහළම වැටුප් ශ්‍රේණි 10 අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

වැටුප් වැඩි කිරීමත් සමඟ වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත්, 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ අනුව විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කර ඇති බව ද අගමැතිවරිය ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 6,019ක් වැඩිපුර වෙන්කොට තිබෙන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පවසා සිටියේ.

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

අයවැය දෙවනවර කියවීමට පක්ෂව ඡන්ද 155 ක් හා විපක්ෂව ඡන්ද 46 ක් හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා නාද කරන සීනුව මේ වන විට නාද කර තිබෙනවා.

ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැය දෙවනවර කියවීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතයි.