World report warns human rights gains in Sri Lanka in grave peril

Respect for fundamental human rights in Sri Lanka is in serious jeopardy following Gotabaya Rajapaksa’s election as president in November 2019, Human Rights Watch said today in its World Report 2020.
Rajapaksa, along with his brother Mahinda Rajapaksa, who was named prime minister, were implicated in numerous human rights violations during their previous years in power from 2005 to 2015, which included a crackdown on journalists and activists. Gotabaya Rajapaksa, who then served as defense secretary, was also implicated in war crimes.
“There is every reason to fear that any progress Sri Lanka has made in recent years in restoring basic rights and rebuilding democratic institutions will be overturned with a vengeance,” said Meenakshi Ganguly, South Asia director at Human Rights Watch. “The new president seems intent not only to wipe away the Rajapaksas’ past abuses but clear the path for future ones. Concerned governments should make it clear that international crimes cannot simply be brushed under the carpet.”
In the 652-page World Report 2020, its 30th edition, Human Rights Watch reviews human rights practices in nearly 100 countries. In his introductory essay, Executive Director Kenneth Roth says that the Chinese government, which depends on repression to stay in power, is carrying out the most intense attack on the global human rights system in decades. He finds that Beijing’s actions both encourage and gain support from autocratic populists around the globe, while Chinese authorities use their economic clout to deter criticism from other governments. It is urgent to resist this assault, which threatens decades of progress on human rights and our future.
Under the outgoing Maithripala Sirisena administration, there was some progress in addressing abuses during the civil war between the Sri Lankan government and the Liberation Tigers of Tamil Eelam, which ended in May 2009. The administration made commitments to the United Nations Human Rights Council and restored some government-occupied land and established the Office for Reparations and the Office on Missing Persons.
However, Sri Lanka failed to keep its pledge in repeated Human Rights Council resolutions to establish an accountability mechanism that included international judges and prosecutors. The new Rajapaksa government has indicated that it does not intend to respect those commitments.
Senior police officers investigating Rajapaksa-era abuses have been transferred, or their security clearance has been withdrawn, and the army has been given increased responsibility for the normal police role of protecting “public safety.” The newly appointed defense secretary, Gen. Kamal Gunaratne, is implicated in alleged war crimes committed by the 53 Division of the Sri Lankan army, which he commanded. The current army chief, Gen. Shavendra Silva, recently appointed by Sirisena, is similarly implicated in alleged war crimes committed by the 58 Division when it was under his command.
In 2019, Sri Lanka suffered its worst communal violence since the end of the civil war. Islamist suicide bombers attacked churches and hotels in Colombo and other cities on Easter Sunday, April 21, killing over 250 people and injuring hundreds more. Anti-Muslim mobs, some linked to nationalist politicians and incited by extremist Buddhist monks, attacked Muslim property and vilified Muslims and foreign asylum seekers, putting them at risk of assault. The government imposed a state of emergency for four months. The authorities detained hundreds of people without charge under the Prevention of Terrorism Act, an abusive law that the government had committed to replacing

රන්ජන්ගේ හඬ පට සිද්ධිය ගෙන ආවේ දුමින්ද සිල්වා නිදහස් කරන්න – පා.ම. හිරුණිකා

තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ පසු මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වා ඉක්මනින් නිදහස් කරනු ඇතැයි තමා සැක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය.

“දුමින්ද සිල්වා නිදහස් කිරීම සඳහා රන්ජන් රාමනායකගේ සිද්ධිය උපයෝගී කරගෙන එයට අඩිතාලම දමමින් සිටිනවා” යැයි ඇය පැවසුවා.

පද්ධතිය වෙනස් කිරීමට පොරොන්දු වූ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, ජනාධිපති සමාවකින් දුමින්ද සිල්වා නිදහස් කරනු ඇත්දැයි ඇසූ විට ඇය කියා සිටියේ “ජනාධිපති ගෝඨාබය නරක් කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ” මහතා බවය.

ජනාධිපති සහ අගමැති අතර ගැටුමක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් කිසියම් ආයතනයකට මෑතකදී කරන ලද පත්වීමකින් මෙය යළිත් සනාථ වූ අතර පසුව එය ජනාධිපතිවරයා විසින් අත්හිටවීමට කටයුතු කළා. ”හිරුණිකා වැඩිදුරටත් පැවසීය .

ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ රන්ජන් රාමනායක එස්එස්පී යෙන් විමසා ඇත්තේ විමර්ශන ඉදිරියට යන්නේ කෙසේද යන්නයි.

මාධ්‍යවේදීන්ට එසේ කිරීමට ඇති අයිතිය සේම නිලධාරීන් සමඟ කතා කිරීමට ඔහුට අයිතියක් ඇත. ජනමාධ්‍යවේදීන් පෑනෙන් කරන දේ පාර්ලිමේන්තුවේදී අප විසින්ම කරනු ලැබේ. ”හිරුණිකා පැවසූ අතර, යහපාලන පාලනය යටතේ ඔවුන් කිසි විටෙකත් අධිකරණ කටයුතුවලට මැදිහත් නොවූ බව අවධාරණය කළාය.

කෙසේ වෙතත්, ඔවුන් අවධාරණය කළේ යහපාලන රජයේ පාලන කාලය තුළ ඔවුන් කිසි විටෙකත් අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීම්වල නිරත නොවූ බවයි. “යහපාලනය තුළ අප විසින් පිහිටුවන ලද අධිකරණයේ ස්වාධීනත්වය පවත්වා ගැනීමට අපට හැකි වී තිබේ.” රන්ජන් සහ ශානි අබේසේකර අතර ඊනියා දුරකථන සංවාදය පැවති බව රජයේ විශ්ලේෂක විසින් ඔප්පු කර නොමැති බව ඇය පැවසුවාය.

රංජන් සමඟ එන තුවක්කු නාටකය

ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති පිස්තෝල භාවිත කරන ප්‍රභූන් රැසක්ම 2020 වර්ෂය සඳහා තම බලපත්‍රය අලුත් කර නොමැති බව අනාවරණය වනවා.
බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමේදී මෙම කරුණු හෙළි වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූන් වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය පිස්තෝල බලපත්‍රය නිකුත් කරන අතර, ඒවා වාර්ෂිකව අලුත් කරගත යුතුයි.
කිසිවෙකු විසින් බලපත්‍රයක් නොමැතිව තමා භාරයෙහි කිසිම තුවක්කුවක් තබා නොගත යුතු බව ප්‍රභූවරුන්ට පිස්තෝල බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා ලබාදෙන උපදෙස් පත්‍රිකාවේ පළමු වගන්තියේ සඳහන් වේ.
එහිදී  දෙවැනි වගන්තියට ප්‍රකාරව බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. ඒ අනුව, බලපත්‍රය එක් එක් අවුරුද්දේ දෙසැම්ර්බර් මස 31 වැනි දිනට කලින් අලුත් කරවාගත යුතුයි.
ඊට පසු බලපත්‍රය අලුත් කරගන්නා විට නඩු පවරනු ලැබීම වෙනුවට බලපත්‍ර ගාස්තුවට සමාන වන මුදලක් දඩයක් ලෙස අය කරනු ලබනවා.
බලපත්‍රය අලුත් කරගන්නා විට උවමනා වුවහොත් පරීක්‍ෂා කිරීම පිණිස තුවක්තුවද ඉදිරිපත් කළ යුතුය යනුවෙන් සඳහන් වේ.
තුවක්කු ආඥා පනතට අනුව වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
තුවක්කු ආඥා පනතේ 22(2) උ) වගන්තියට අනුව යම් තැතැත්තෙකු සතුව ඇති ගිනි අවියට නිකුත්කර ඇති බලපත්‍රයේ වලංගුභාවට අහෝසි වී දින දහයක කාලසීමාවක් තුළ පමණක් එම ගිනි අවිය තම සන්තකයේ තබාගත හැකියි.
ඉන්පසුව එම අවිය ඔහු සන්තකයේ තබාගත නොහැකි අතර, තවදුරටත් තබාගන්නේ නම් පළමු වතාවට එම වරද කළහොත් රුපියල් දසදහසක් නොඉක්මවන දඩයකට හෝ අවුරුදු පහක් නොඉක්මවන කාලයක් බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වන බවද දක්වා තිබෙනවා.
එම වරද දෙවැනි වරට හෝ ඉන්පසුව කළ විට අවුරුදු දහයකට නොඅඩු හා අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් වන බවද දක්වා තිබෙනවා.
එමෙන්ම ස්වයංක්‍රීය තුවක්කුවක් හෝ රිපීටර් තුවක්කුවක් භාරයේ හෝ ළඟ තබාගැනීම හෝ භාවිත කිරීමෙන් වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කර දඬුවම් කළ යුතු බවද එහි සඳහන් වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජය මගින් නිතුත් කර ඇති පිස්තෝල (තුවක්කු) බලපත්‍ර මේ වර්ෂය සඳහා අලුත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී අනාවරණය වූයේ, පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ වර්ෂය සඳහා මෙතෙක් බලපත්‍රය අලුත් කර නොමැති බවයි.
එමෙන්ම බලපත්‍රය අලුත් නොකිරීමේ වරදකට මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් මීට පෙර අසා නොමැති බවද මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් සඳහන් කළා. එහිදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හරි මාර්ගයේ ගමන් කරන බවත් පොලිසිය සහ විමර්ශකයින් වැරදි මාවත ගමන් කිරීම කණගාටුදායක කරුණක් බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ රන්ජන් රාමණායක අත්අඩංගුවට ගැනීමෙන් පසුව.
” මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීම සහ දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු සිටින බවත් පොලීසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන් ගැන විමර්ශනය කළ හැකිව තිබෙනවා. පොලිසිය ගත් ක්‍රියාමාර්ගවලට මම එකඟ වන්නේ නැහැ” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ
කෙසේවෙතත් මෙය කුමන්ත්‍රනයක් බවත් විපක්‍ෂය මේ වන දෝෂාරෝපණය කරමින් සිටිනවා.
මේඝා 

State Minister Wijesekera slams Police over Ranjan Ramanayake’s arrest

A State Minister has accused the Police of going on the wrong track with its investigations after former Minister Ranjan Ramanayake was arrested yesterday with a gun of which the licence had expired.

State Minister for Tea Industry Development Kanchana Wijesekera said that while the President and the Government was on the right track the Police was not.

He tweeted saying there is clear evidence against several others over the misuse of public funds yet action is not being taken against them.

“President and Govt on the right track but sadly the Police and Investigations are on the wrong track. There are multiple members with clear evidence of misusing public funds and corruption that the police and AGs Dep can go after. I do not agree with the Police actions,” Wijesekera tweeted.

His tweet came after the Police action on Ramanayake was questioned by many on social media and the popularity of the politician saw a sharp rise

නව ජනාධිපතිවරයාගේ පාලනයෙත් නීතියේ හිල්.. මෝරුන් එළියේ සිටිද්දී හාල්මැස්සන් ඇතුලේ.

 

බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්ද
දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට
ගැනීම අප සංවිධානය තරයේ හෙළා දකිමු.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප
සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ
අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයකි. එබැවින් ජනතාවාදී
දේශපාලන නායකයින් මෙවැනි වරදවල් මත අත්අඩංගුවට ගැනීමේදී
රජය මීට වඩා සැළකිලිමත් නොවුනහොත් රජය ලද තැනම ලොප්
වීමට ඉඩ ඇති බව මේ අවස්ථාවේ අවධාරණය කරමු.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලීසිය විසින්
අත්අඩංගුවට ගත් මෙම අවස්ථාවේදී මේ රටේ තවත් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය ලැබෙන නීති විරෝධී සූදුවක් පිළිබදව
අප පොලීසියේ අවධාණය යොමු කරන අතර එම ස්ථාන වටලා
නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත් වුවහොත් ශ්‍රී ලංකා
පොලීසිය ස්වාධින පොලීසියක් වනු ඇත.

1. අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය
පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන
සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක්
දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි. 1930 අංක 9, 1930
අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි
අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට
බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු
මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත්
ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර
පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී
නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම
සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම
නීතිවිරෝධීවේ.

ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින්
වටලන තෙක් අප සංවිධානය දෑස් දල්වා බලා සිටිමු.

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

” සෞභාග්‍යයේ දැක්ම”

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව ගතවූ මසක කාලයක් තුලදී එළැඹි තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ” සෞභාග්‍යයේ දැක්ම” නමින් හඳුන්වනු ලබන එම තීන්දු තීරණ හේතුවෙන් ජනතාවගේ දැඩි ප්‍රසාධයක් හිමිවී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රුපියල් 300 million නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම, මාර්ග තදබදයට විකල්පයක් ලෙස කිලෝමීටර් ලක්ෂයක අන්තර් විකල්ප මාර්ගයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම, රටට එරෙහිව ක්‍රියාත්මක වන දස දහසකට අධික රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම ආදී කරුණු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.

ඊට අමතරව අධ්‍යාපන කේෂ්ත්‍රය නගා සිටුවීම සහ පාසල් දරු දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ගනු ලැබූ තීන්දු තීරණ හා තරුණ තරුණියන්ගේ රැකි රක්ෂා ගැටලුව විසදීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ගද මින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

එමෙන්ම රාජ්‍ය ආයතනවල පවත්වනු ලබන අනවශ්‍ය උත්සව නතර කිරිම, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක වැටුප් හිමි ටෙලිකොම් සභාපතිවරයාගේ වැටුප ලක්ෂ 2.5ක් දක්වා අඩු කිරීම ආදී ක්‍රියා මාර්ග සහ රාජ්‍ය ආයතන සඳහා සේවකයින් බඳවා ගැනීමේ දී සියලුම දිස්ත්‍රික් සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මේ වන විට ජනතා ප්‍රසාධය හිමිව ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාසයක කාලය තුලදී ගනු ලැබූ සියලු තීන්දු සහ තීරණ පහතින් දැක්වේ.

Important decisions - New_page-0001

MCC අහෝසි කිරීමට සජිත්ගේ සහාය

එම්.සී.සී ගිවිසුම අහෝසි කිරීම සඳහා තමන් වත්මන් ආණ්ඩුවට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිනෙන විට එම්.සී.සී ගිවිසුම මෙන්ම තවත් බොහෝ ගිවිසුම් අහෝසි කරන බවට ප්‍රතිඥා දුන් බවයි.
ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කිරීමට තුනෙන් දෙකක බලයක් නොව හයෙන් පහක බලයක් ලබා දීමට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහය දැක්වීමට සූදානම් බවත් එම්.සී.සී ගිවිසුමට තමන්ද පෞද්ගලිකව විරෝධය පළ කරන බවයි ඒ මහතා කියා සිටියා.

එජාපය තමන්ගේ ඒවා වහගන්න නාඩගම් මවනවා / විදෙශ් ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා

කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුව යන අත ගැන Boston Lanka අපට කියූ දේ
නව ඇමතිධුරය ගැන මොකද හිතෙන්නේ ?
රටේ ආර්ථිකයට බලපාන විෂයන් කිහිපයකම අමාත්‍යංශ යටතේ ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මේක තාවකාලික ආණ්ඩුවක්. භාරකාර ආණ්ඩුවක් තුල අපි ආදර්ශයක් ලබා දීලා තියෙනවා. බාර දුන් වගකීම නිසිලෙස කරන්න උපරිම ලෙස කැප වෙනවා.
මත්තල ගුවන් තොටුපලේ ක්‍රියාකාරිත්වය හදන්නේ කොහොමද ?
මත්තල ජනතාවගේ මුදල් වලින් හැදුවේ. පහුගිය රජය එහි වී ගබඩා කරලා විනාශ කළා. රටේ පාලකයන් නොකළ යුතු විශාල පහත් ක්‍රියාවක් ඒක. දැන් මේවා යථා තත්වයට ගේන්න වැව කරනකොට ඒවාට වියදම් වෙන්නෙත් රටේ ජනතාවගේ මුදල්. නැවත ගුවන් තොටුපල යථා තත්වෙට පත් කලාට පස්සේ පරිපාලනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්චා කරලා දේශීය විදේශීය සමාගම් වලට මේ ආයතනයත් එක්ක වැඩ කරන්න එන්න කියලා මම යෝජනා කරන්න කැමතියි.
MCCහි අලුත්ම තත්වේ මොකද්ද ?
පසුගිය කැබිනට් මණ්ඩලයේදී කමිටුවක් පත් කළා මෙම ගිවිසුම පිළිබදව අධ්‍යනය කරලා කැබිනට් එක දැනුවත් කිරීමට. ඒ අනුව ඉදිරියේදී ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නවා. මේ ගිවිසුමේ රටට හානි දායක වගේම වාසිදායක කරුනුත් තියෙනවා. ඒවා අධ්‍යනය කර ඒවා අපේ රටට හිතකරද කියා බැලිය යුතුයි. පහුගිය කාලේ හිටපු ජනාධිපති පත්කළ කමිටුව මෙය අහිතකර බව පැවසු නිසා තමයි නැවතත් එම සැකය තහවුරු කර ගැනීමට කැබ්නට් මණ්ඩලයේ ඉල්ලීම උඩ තවත් කමිටුවක් පත් කළේ. දැන් මේ සම්බන්දයෙන් වගකීම අපේ රජයට තියෙනවා. කොහොමත් රටට අහිතකර කිසිවකට අපි එකඟ වෙන්නේ නැහැ.
එදා ඔබලා විරුද්ධ වෙලා අද සකක්ච්චා කරන්නේ ඇයි ?
තිබුන එකට අපි සම්පුර්ණයෙන් විරුද්ධයි. දැන් බලන්නේ වාසිදායක දෙයක් තියෙනවා නම් එක රටට ගන්න
සිව්ස් තානාපති නිලධාරිනියගේ සිදුවීම නවත්ත ආණ්ඩුව ආන්දෝලනයට තුඩු දුන්නා නේද ?
ඒක රංගනයක්. මේක බොරුවක් කියලා ඔප්පු වෙලා ඉවරයි. බොරු බිල්ලෝ මවලා මිනිස්සුන්ට හිරිහැර කරන්නේ  කියලත් දැන් හෙළි වේවි.ඔය කියන පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රයෝජන ගත්තා දේශපාලන පළි ගැනීම් වලට. එජාපයේ ප්‍රබලයන්ම තමයි ඔය කියන නිලධාරීන් රට යවන්නේ. නීතියට යටත්ව කටයුතු කරන ආණ්ඩුවක් ආවම දැන් ඔය බිල්ලෝ මවපු බොරු කාරයෝ භය වෙලා. තමන්ව අනාවරණය වෙයි කියලා. ඒ නිසා සමහරි රටින් පයිනවා. දැන් කල ඒවා හෙළි වෙයි කියලා බයට ඒවා වහන්න කරන දේවල්. එජාපය දැන් තමන්ගේ අවුරුදු හතරමාර ගැන බයෙන් ඉන්නේ
බදුම්කරේට මොකද වෙන්නේ ?
පාර්ලිමේන්තුවට ලබන 3 වැනිදායින් පසු ඉදරිපත් කරනවා. අපි ඒක ගැන දිගටම කතා කළා සාධාරණයක් ඉටු කරනවා. හොරු අල්ලනවා. ඒ වගකීම අපේ රජය නිතියනුකුලව ගන්නවා.
ඉදිරි මැතිවරණ කටයුතු වලට සුදානම කෙසේද ?
අපි අන්තවාදීන් සමඟ සන්ධාන හදන්නේ නැහැ. රටේ ජනතාව ඇත්ත බොරුව දන්නවා. රට යන වෙනස පැහැදිළිව ජනතාව භුක්ති විදිනවා. ඒ නිසා තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන්න ජනතාව පෙළ ගැහිලා අවසන්.

Concerns raised over attack on media freedom in Sri Lanka

Sri Lankan authorities must thoroughly investigate several recent attacks against journalists, hold those responsible to account, and ensure that journalists can report freely in the country, the Committee to Protect Journalists (CPJ) said today.
On December 6, a group of men beat Thusitha Kumara de Silva, a reporter for the Daily Mirror and LankaDeepa newspapers, and his wife with helmets and sticks near their home in Beruwala, western Sri Lanka, according to news reports. They were both admitted to a local hospital for treatment and later transferred to a general hospital with unspecified injuries, according to those reports.
On December 10, a group of men entered the offices of the Resa newspaper and grabbed Maduka Thaksala Fernando, a journalist at Resa parent company Lake House, by the neck, dragged him outside, and beat him while telling him not to return to the newspaper, according to news reports.
Police arrested five suspects in the de Silva attack on December 11, according to reports by the Daily Mirror and the BBC. Fernando has lodged a complaint with the police, according to news reports.
The attacks, along with a spate of police actions against journalists in Sri Lanka, followed the November 18 inauguration of President Gotabaya Rajapaksa, who has been accused of involvement in the 2009 murder of journalist Lasantha Wickramantunga and of a broad campaign against journalists during his tenure as defense minister, according to CPJ reporting.
On December 12, Rajapaksa addressed the heads of local media institutions in a speech, saying that while there was an opportunity for “reasonable criticism,” he expected every media institution to conduct “favorable media reporting” to uphold the country’s reputation, according to news reports.
“The number of attacks against the media within weeks of President Gotabaya Rajapaksa’s inauguration is extremely alarming,” said Aliya Iftikhar, CPJ’s senior Asia researcher. “Rajapaksa has said the media will not be hindered under his administration, and he must prove that by ensuring that recent attacks against journalists are thoroughly investigated and those responsible are swiftly brought to justice.”
De Silva told the BBC that he had recently been threatened over his reporting on an illegal liquor production company.
Fernando alleged that his attackers belonged to the Sri Lanka Podujana Peramuna trade union, a pro-government union, and attacked him because of his political beliefs, according to news reports.
The chairperson of the union, Chandana Bandara, denied that any union members beat Fernando; he said members went to the Resa office simply to talk to Fernando, who was editing a video that Bandara alleged was critical of Rajapaksa, according to a report by Sri Lankan outlet News First.
In the two weeks following Rajapaksa’s inauguration, police questioned Thinappuyal newspaper director Sakthivelpillai Prakash about his outlet’s coverage of the Liberation Tigers of Tamil Eelam on November 22, and Voice Tube editor Thushara Vitharana about a recent broadcast from the outlet on November 28, according to news reports. On November 26, police questioned The Leader video manager Sanjaya Dhanushka for several hours, according to news reports, which did not specify the motive for the questioning.
Thinappuyal, The Leader, and Voice Tube all supported Sajith Premadasa, Rajapaksa’s opponent, in the November election, according to a report by exiled human rights group Journalists for Democracy in Sri Lanka.
On November 26, police raided the offices of News Hub, a local news website, and searched the outlet’s records for references to Rajapaksa, according to news reports.
CPJ emailed the Sri Lankan Information and Communication Technology Agency for comment, but did not receive any response. (Colombo Gazette)

බැදුම්කර වාර්තා කෝප් කමිටුව දුන්නේ නැත්ද ?

මේ වන විට පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කොට ඇති අතර නව සැසිවාරය ලබන ජනවාරි මාසයේ මුල ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ කරළියට පැමිණි තවත් එක් කරුණක් වන්නේ කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවයි. මෙම වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දෙසැ. 03 වෙනිදා කෝප් කමිටුවක් කැඳවා එහිදී කෝප් සාමාජිකයින්ට ලබාදීමටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් තීරණය කරලා. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව රටට හෙළිකළ හැකිව තිබූ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් තවත් මාස ගණනකට හෝ වසර ගණනකට යටපත් වීම සිදුවූ බව බොහෝ දෙනාගේ මතය වෙලා
කෙසේ වෙතත් සිද්ධිය මෙසේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ නොවැම්බර් 11 දින මහ බැංකු අධිපතිවරයා විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත වෝහාරික වාර්තාවට අදාළ නීතිපතිවරයාගේ නිර්දේශ සහිත ලිපියක් එවා ඇති අතර නොවැම්බර් 27 වැනි දින වෝහාරික විගණනයට අදාළ වාර්තා 05ක් කෝප් කමිටු කාර්යාලයට එවා තිබෙනවා. එම වාර්තා 05 තුළ 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කරුණු ගණනාවක් ඇතුළත් බවත් නීතිපති නිර්දේශය වන්නේ කෝප් කමිටුවේ සාමාජිකයින්ට පමණක් මෙම වාර්තා පරිශීලනය හැකි බවත් අධිකරණ ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය රහස් තොරතුරු එම වාර්තා තුළ අඩංගු බවත් මහ බැංකු අධිපතිවරයාගේ ආවරණ ලිපියේ සඳහන් කොට තිබිලා. මේ හේතුවෙන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් ලේකම්වරයාට උපදෙස් දී තිබුණේ එම වාර්තා සේප්පුවේ බහා තබන ලෙසත් පාර්ලිමේන්තුවේ ඊළඟ සභා වාර දිනය එනම් දෙසැ.03වැනිදා පෙරවරුවේ කෝප් සභාව කැඳවීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස.
එසේ තිබියෙදී දෙවැනිදා වන විට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනය අත්සන් කරන බවට ප‍්‍රවෘත්තියක් පළ විය. මේ අතර කෝප් සභාපතිවරයා කෝප් කමිටුවේ සාමාජිකයින් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න වැනි මන්ත‍්‍රීවරුන්ට කතා කොට සැසිවාරය අවසන් කිරීම පිළිබඳව විමසූ අතර අවම වශයෙන් 03වැනිදා මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ හැකිද යන්න විමසන ලෙස කියාලා කියලයි සදහන් වන්නේ. කෙසේ වෙතත් දෙසැ.02 දින මධ්‍යම රාත‍්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කෙරුනා .  පසුදින එනම් 03වැනිදා කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති කෝප් ලේකම්වරයා හමුවුනා. ”දැන් මේ වාර්තා අපි කාටවත් විවෘත කරන්න බැහැ. මම හිතුවේ 03වෙනිදා කෝප් කමිටුව කැඳවලා සාමාජිකයින් ඉදිරියේ මේ වාර්තා විවෘත කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවට දාන්න. ඒ නිසා මමවත් විවෘත කළේ නැහැ. ඒ තීරණය ගත යුත්තේ කෝප් කමිටුවේ සාමාජිකයින්. නමුත් දැන් කෝප් කමිටුව අහෝසිවෙලා තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයෙන් පස්සේ පත්වෙන කෝප් කමිටුවෙන් තමයි මේ ගැන ඉදිරි කටයුතු සිදුවෙන්නේ. ඒ වෙනකල් වාර්තා සේප්පුවේ දාලා තියන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති පවසලා.
සමහර මාධ්‍යයත් වාර්තා කළා ඒ වගේම මේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කිව්වා මේ වාර්තා කලින් ලැබිලා ඉදිරිපත් කළේ නැහැ කියලා.” යනුවෙන්  විමසුවාම, ”ඒක පට්ටපල් බොරුවක්. සමහර ඞීල් වහගන්න කියන කතා මේවා. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ බැඳුම්කර වංචාවයි. ඒකේ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ විගණන වාර්තා එළිදැක්වුවා නම් ජනතාවට ඒ ගැන ඇත්ත දැන ගන්න පුළුවන්. දැන් ඉතිං ඒ අවස්ථාව ජනතාවට අහිමි වුණා. ආයේ කෝප් කමිටුවක් පත්වෙලා න්‍යායපත‍්‍ර හදලා මේ ගැන තීරණ ගන්නකොට මහ මැතිවරණයත් ඒවි.” සුනිල් හඳුන්නෙත්ති පැවසුවා