Conservative Party win in UK – Nationalism over liberalism?

Sri Lanka says the win by UK Prime Minister Boris Johnson and the Conservative Party at the UK elections, reflects the global trend of pro-nationalist Governments.
President Gotabaya Rajapaksa congratulated Johnson and the Conservative Party on their landslide win at the General Elections.
“Their victory reflects the global trend of pro-nationalist governments. I wish the new Prime Minister, the Government and the people of United Kingdom the very best,” the President said.
Opposition United National Party (UNP) Parliamentarian Harin Fernando said that the USA UK, India even Sri Lanka have proved its nationalism over liberalism.
“Conservatives have a sweeping victory. Congratulations to my Conservative friends. The message is clear. USA UK India even Sri Lanka have proved its nationalism over liberalism. The cycle continues,” he tweeted

ශ්‍රීලනිපයේ සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පත් කරනු ලැබ තිබෙනවා.
එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී මෙම පත් කිරීම සිදු කෙරුණු බවයි.
ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් තාවකාලිකව ඉවත්වුණා. ඒ, ජනාධිපතිවරණයේදී ස්වාධීනව සිටීමේ අපේක්ෂාවෙන්.

නව ජනපති වැඩ භාර ගනිද්දී ජනපති ලේඛම්, ආරක්ෂක ලේඛම් පත් කිරීම් ද හෙට

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතය. මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට ද නියමිතය..
ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමට සියළු වැඩ සුදානම් කර ඇති බව සදහන් වෙනවා
ඒවගේම මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කරනු ඇති බව පැවසෙනවා.
ඒ අනුව මෙම පත්වීම් හෙට සිදු කෙරෙනු ඇත

මැකෝ සමග පොඩි වෙලාවක්

කාර්යබහුල සමයක මැතිවරණයේදී ජනප්‍රියම චරිතය වන මැකෝ සමග පොඩි වෙලාවක් කතා කරන්න අපිට හැකි වුණා. මැකෝ පවසන්නේ 17 වනදා ප්‍රථිපල ලබා දිය හැකි බවටය. එයත් සමග කාලින සිදු කළ ප්‍රකාශ සටහනකි මේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 
 
ජන්ද සුදනමේ වැඩ කවදා වගේ වෙනකොට ඉවර වෙයිද ?
සියලු දිස්ත්‍රික්කවල වැඩ නොවැම්බර් 13 වෙනදා එනකොට අවසන් කර ගන්න පුළුවන්
ජන්ද පත්‍රිකාවේ ඉදලා ජන්දේ නිකන් දිගයි වගේ ?
වැඩේ දිග පළල ගැන අපි හිතන්නේ නැහැ සමස්ත රජයේ සේවකයන්ම එකතු වෙලා අපිත් එක්ක කැපවීමෙන් අපේ වැඩ ටික කරනවා.
අප්ක්ෂකයෝ වැඩි වුණාම කියවුනේ ඔවුන් සමහරෙක් ප්‍රවර්ධනය කරන්න ආවා කියලා. මේවට විසදුම් නැත්ද ?
ඔව් එහෙම ඉන්නවා. සමහරු වෙනත් අය වෙනුවෙන් , සමහරු පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන්. කොහොම වුනත් පවත්නා නිතිය යටතේ අපිට අපේක්ෂකයෝ අඩු කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ ඇප මුදල් වැඩි කිරීම. මේ ඇප මුදල සාධාරණ නැහැ.
කියක් වගේ වැඩි විය යුතුද ?
ලක්ෂ 25කට වඩා වැඩි විය යුතුයි. ස්වාධින අපේක්ෂකයකුගේ ඇප මුදල තිස්හත් ලක්ෂ පනස් දහසකට වැඩි වෙන්න ඕන.අපි ප්‍රයෝගිකව හිතලා මම හැම වෙලෙමත් මේක කිව්වා. අඩුම ලක්ෂ 5 කටවත් වැඩි කරමු කියලා. එතකොට සවධික අපේක්ෂකයකගේ මුදල හත්ලක්ෂ පනස්දාහක් වෙනවා. ඒත් එහෙමයි කියලත් තරංග කරුවන් අඩු වෙයි කියලා හිතන්න බැහැ. මිලියනයක විතර ඇප මුදලක් නියම වුණානම් අඩු වෙයි.
මෙවර ජනාධිපතිවරණය  සාමකාමී වෙයි ද ?
ඔව් ඒ ගැන සහතික වෙන්න පුළුවන්. පොලිස් ආරක්ෂාව, පොලිස් මොබයිල් සේවාව , අපේ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයින් ක්‍රියාත්මක වනවා. කිසිම විදියකින් නීතිවිරෝධී ක්‍රියාවක් සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
මාධ්‍ය භාවිතාව ගැන ඔබ නිතර කතා කළා ?
මාධ්‍ය උපමාන අපි හැමදාම කියනවා. එත් කඩනවා. රාජ්‍ය මාධ්‍ය සාකච්චා කරලා ඒ අයගේ නොමනා හැසිරීම් වලට අපි දඩුවම් කරනවා. පුද්ගලික මාධ්‍යත් එහෙමයි. මාධ්‍ය උපමාන වලට අනුකුල නොවීම වරදක්. පක්ෂ වලට පක්ෂග්‍රාහී නොවීම වැදගත්. කැඩුවොත් අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවා. ලක්ෂයක් දඩ. අවුරුදු 3ක් හිරේ.
ජනතාවට කියන්න තියෙන්නේ මොකද්ද ?
උදේම ගිහිලා ජන්දේ සාමකාමිව දාන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.
ඔබ ෆේස්බුක් එකට අත තිබ්බා නේද ?
එහෙම කරන්න ඕන නැහැ. බොහෝ ඒවා විකෘති වෙලා පළ වෙන්නේ. මාධ්‍ය තමයි මෙලෙස විකෘති කරන්නේ. අපිව තහනම් කරන්න පාලනය කරන්න අවශ්‍ය නැහැ නමුත් වෛරී ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශන ගැන අපි අවධානයෙන් ඉන්නවා. තමන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කළාට කමක් නැහැ, නීති වලට එකග නොවන ඒවා නවත්තන්න අපි වැඩ පිළිවෙලක් දියත් කළා. අපි ඒවා රිපෝර්ට් කළා. එහෙම දෙයක් ඇරෙන්න අපි ෆේස්බුක් තහනමක් අදහස් කළේ නැහැ.
By AshWaru

උතුරු නැගෙනහිර ජන්දවලින් 99%ක්ම සජිත්ට

උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්‍රජාතාන්ත්‍රවාදී  පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.
ඔහු වැඩි දුරටත් පැවසුවේ මෙවන් අදහසක්,
“ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් අදියරේ මේ වන විට අප ඉන්නවා. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී අපිට පෙනෙන දෙයක් තමයි දවසින් දවස සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා එක් වන ජනතාව විශාල වශයෙන් වැඩි වෙමින් ඉන්නවා.
දකුණේ සිංහල ඡන්ද මේවන විට සියයට පනහ පනහේ තියෙනවා. ඉදිරි දින දෙක තුල මෙය තවත්  සජිත් ගේ පැත්තට වැඩි වෙන්න පුළුවන්. නමුත් උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම සජත් ප්‍රේමදාස මහතාට  ලැබෙනවා.  ඒකේ කිසිම සැකයක් නෑ. උතුරු නැගෙනහිරින් පිටත ජීවත් වන දෙමළ මුස්ලිම් ජනතාවගේ ඡන්දත් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි.

සජිත් තෝරා ගත්තේ ඇයි? එරාන් අපට පහදයි

දවසින් දවස සමීප වන ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ තේරීම පිළිබදව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා Boston අප කල කාලීන දේශපාලන කෙටි සංවාද සටහනකි මේ.
 
සජිත් නම් කිරීමේ සටනේ මුල ඉදලදා ඔබත් හිටියා නේද ?
 
මේක තමයි පාක්ෂිකයාගේ ඉල්ලීම. සජිත්ට තමයි ජනතා ප්‍රසාදය වැඩියෙන්ම තියෙන්නේ කියලා අපි කලින්ම කළ සමීක්ෂණ අධ්‍යනයන් වලින් දැක්කා ඒ නිසා කලින්ම එකට සුදානම් වුනා. මේක තමයි ජනතාවගේ ඉල්ලීම.මේ තීන්දුව ගත්ත වෙලේ සිට පෙන්නවා පක්ෂකයාගේ පිබිදීම. කිසිම වදවිවාදයක් නැතුව අපි සියළු දෙනාම අපේක්ෂකයා දිනවීමේ වැඩපිළිවෙලේ ඉන්නවා. මට අංක එක රට. දෙක පක්ෂය තුන පුද්ගලයා. රනිල් මයා ගේ උපදෙස් අනුව ජන්ද වැඩ යනවා.
අපේක්ෂකයා නම් කරන්න කල් ගියා වැඩි නැත්ද ?
 
අපේක්ෂකයා එක්ක විවාදාත්මක තත්වයක් තිබ්බා. අදහස් තිබ්බා. සමහරු මේක දැක්කේ පක්ෂේ ඇතුලේ තිබ්බ අභ්‍යන්තර ගැටුමක් විදියට. නමුත් මේක තමයි අපේ පක්ෂේ තියෙන අදහස් දැක්වීමේ අවස්ථාවීමේ ප්‍රජාත්‍රන්තවාදය. සාකච්ජා කරලා වාදවිවාද කරලා අවසානයේ හොදම තීරණය හොදම වෙලාවේදී අපි ගත්තා.
සජිත් මේ තැනට ආවේ ප්‍රේමදාසගේ පුතා නිසාද ?
 
කොහෙත්ම නැහැ. රාජපක්ෂලාගේ වගේ අපේ පක්ෂේ ඒවා නැහැ. සජිත් මේ තැනට ආවේ ඔහුගේ ස්ව උත්සාහයෙන්. ඔහු ඉහළට ආවේ තනියම දීර්ඝ අත්දැකීම් සමග පරිනත වෙමින්. ඔහුගේ හැකියාව ඔහු ඔප්පු කරලා ඉවරයි.
නමුත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් විවේචනයට ලක් වෙනවා ?
 
මෙහෙමයි මගේ අදහස නම්, දේශපාලනයට අඩු වයසින් එනකොට ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයි. ඒත් අවුරුදු 40 පස්සේ එනවනම් අත්දැකීම් වඩාත් වැදගත්. අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් අධ්‍යාපන සුදුසුකම් වලින්ම පමණක් රටක් හදන්න බැහැ. අපි ඉදිරිපත් කළ අපේක්ෂකයාට මේ සියල්ල තියෙනවා.
පක්ෂේ සේරම සජිත්ට කමතිවුණේ නැහැ නේද ?
 
සජිත් අපේක්ෂකත්වයට පත් වුණේ පක්ෂ නායකත්වයේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාක්ෂිකයාගේ ආශීර්වාදය ඇතුව. සුළු සුළු වාද විවාද තිබුණත් දැන් එක පෙළට ඔහු වෙනුවෙන් හිට ගන්නවා. අදහස් දෙකක් තියෙනවා කියන්නේ බෙදීමක් නෙමෙයි. වාද විවාද කලේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය නිසා.
සජිත්ව ගත්තේ කොන්දේසි දාලා කියන එතකොට ඇත්තක්ද ?
 
එහෙම කිසිම කොන්දේසියක් නැහැ. පක්ෂේ ප්‍රතිපත්තියි පුද්ගල ස්වාධින අදහසුයි සියයට සීයක්ම ගැලපෙන්නේ නැහැ. නමුත් සජිත්ගේ අදහස් සහ පක්ෂේ ප්‍රතිපත්ති එහෙම පරස්පර නැහැ.

මරණ දඩුවම එජාපය් ප්‍රතිපත්තියක්ද යන්න මුජුබර් බොස්ටන්ට පහදයි

ත්‍රස්තවාදි ක්‍රියාවන් වල නිරත වන හා ත්‍රස්තවාදි ක්‍රියාවලට හවුල් වන හැම කෙනෙකුටම තම පාලන කාලය තුළදී මරණීය දණ්ඩයනය ක්‍රියාත්මක කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා
නමුත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂය පසුගියදා දැක්වූයේ දැඩි විරෝධයක්.
එසේ විරෝධතාවයක් තිබියදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් දැයි අප එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ගෙන් විමසන්න අදහස් කළා
මන්ත්‍රීවරයා ලබා දුන්නේ මෙවන් අදහසක් ,
සජිත් මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියන්නේ මහා පරිමාණයේ මත්ද්‍රවය ජාවාරම් කරුවන්ට ත්‍රස්තවාදි ක්‍රියාවන් වල නිරත වන හා ත්‍රස්තවාදි ක්‍රියාවලට හවුල් වන හැම කෙනෙකුට , මහා පරිමාණයෙන් සිදු වන ඝාතනය සම්බන්දයෙන්. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ එක්සත් ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂක. ඔහුගේ ප්‍රකාශ ඔහුගේ තීරණ එජාප සංධානයේ නිල ප්‍රකාශ බවට පත් වෙනවා. ඒවගේම පක්ෂයේත් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඔහුගේ ප්‍රකාශ පිළි ගන්න වෙනවා.

පල්ලෙවත්ත නැහැ යයි බොස්ටන්ට දුන් ප්‍රකාශය විජිත ඔව් කියයි

එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් කිහිප දෙනෙකු ජාතික ජන බලවේගයට එකතු වෙමින් අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට සුදානම් බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා.
මේ එකතුවීම සම්බදන්යෙන් පසුගිය සතියේදී අප මහේෂ් සේනානායක මහතාගෙන් සහ රොහාන් පල්ලෙවත්ත මහතාගෙන් කල විමසීමේදී ඔවුන් සදහන් කලේ එවන් අදහසක් නොමැති බවයි.
නමුත් වර්තමාන දේශපාලන සංස්කෘතියට එරෙහිව සටන් කිරීම මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්තිය බවත් ජන බලවේගය ඔහුගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම එකඟ බවත් සදහන් කරමින් වැඩි දුරටත් පැවසුවේ මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත සමඟ ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විජිත් හේරත් මන්ත්‍රීවරයාගෙන් දැන ගන්න ලැබුණා.

ජනබලවේගයකට අපේක්ෂකයින් කිහිප දෙනෙක් එකතු වන ලකුණු

එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් කිහිප දෙනෙකු ජාතික ජන බලවේගයට එකතු වෙමින් අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට සුදානම් බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා
වර්තමාන දේශපාලන සංස්කෘතියට එරෙහිව සටන් කිරීම මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්තිය බවත් ජන බලවේගය ඔහුගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම එකඟ බවත් සදහන් කරමින් වැඩි දුරටත් පැවසුවේ මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත සමඟ ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවා.

ජාතික ජන බලවේගය අද එළිදැක්වයි

ජාතික ජන බලවේගයේ රටම අස්වද්දන අපේක්ෂාවේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වුවා.
රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දැක්මක් සහිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් ද අවශ්‍ය බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ප‍්‍රකාශකළේ රට තුල නිෂ්පාදනය කල හැකි ආහාර අනවශ්‍ය ලෙස පිට රටින් ගෙන්වීම හරහා රටම ගැටලූවකට පත්ව ඇති බවයි. සිය පක්ෂයේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ(22) මහනුවර පැවැති උත්සවයකට එක වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා
agri8-818x490
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මේ වන විට අවශ්‍ය නිවැරදි වගා සැලැස්මක් මෙන්ම නිසි කළමනාකරණ සැලැස්මක් ද බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක තව දුරටත් මෙහිදී සඳහන් ලැබුවා.