වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණෙයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් ඊයේ (31) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඊළඟ ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා – මෛත්‍රී

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බවට තමා විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණයට අදාළ ලේඛන ගැසට් කිරීමට සූදානම් – මැතිවරණ කොමිසම

මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ස.ජ.බ. මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ. සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය ඇතුළු කණ්ඩායමක් මේ සඳහා එක්වී ඇති බවයි සඳහන් වන්නේ.

වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්

පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම සමග ඒකාබද්ධව අපේක්ෂකයින් දැනුවත් කිරීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මැතිවරණ අපේක්ෂයන් සියලුදෙනා මෙම නීති ගැන දැනුවත්ව සිටීම වැදගත් බවත් මැතිවරණය අවසානයේ මැතිවරණ වියදම් නිල වාර්තා ලබාදීම සෑම අපේක්ෂකයෙකුගේම වගකීමක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ ක්‍රියාවලිය ඇරඹීමට අවශ්‍ය ගැසට් නිවේදනය තවම මුද්‍රණයට යොමු කර නැහැ – ර.ප්‍ර.දෙ.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මෙතෙක් මුද්‍රණයට යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර නොමැති බවයි.

ee4524592c35d1d1e52548789ebdef9a

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම් එම් මොහොමඩ්ටද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ඔහු පැමිණිලි කර ඇති අතර මේ වන විට ඔහුට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර ඇති බවද, එම තර්ජන සියල්ල එකම දුරකථන අංකයකින් WhatsApp ඔස්සේ සිදු කර ඇති බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.

ඇතැමුන් හොර අල්ලනවා කිව්වාට අල්ලන විදිහ කියන්නේ නැහැ – සජිත්

ඇතැමුන් හොරු අල්ලන බව පැවසුවද, එය කරන්නේ කෙසේදැයි නොපවසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නමුත් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සොරකම් කරන ලද මුදල් සහ සම්පත් නැවත පවරා ගැනීම සඳහා අණ පනත් සම්මත කරන බවත්, එමඟින් සොරුන් අල්ලා ගන්නා බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

හම්බන්තොට සූරියවැව දී පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

අමාත්‍යාංශ දෙකක ලේකම්වරු වෙනස් කෙරේ

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර යන අය පත් කොට ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරිම් සිදුකර ඇති බවයි.

1eb5703924a799eda9b018e7ff5c37c3

කල් දාන්න ඕනෙ නැහැ, ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සුදානම් බව එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඡන්දය කල් දැමිය යුතු නොවන බවත්, රටේ ‍බොහෝ දෙනා පොදුජන පෙරමුණ ශක්තිමත් පක්ෂයක් ලෙස පිළිගන්නා බවයි ඔහු එහිදී කියා සිටියේ.

අනුරාධපුරයේ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.