Category: politics_sub
මට රටට සේවය කරන්න ඕනෑම තනතුරක් හුරුයි
Tamil diaspora in Canada extend support to TNA
එජාපයෙන් ඉවත් කළ 115කගේ නම් ලැයිස්තුව
ආර්ථිකය හැසිරුවිය හැක්කේ එජාපයට පමණයි
එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් රැස්වීම්
එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කිරීමට නියමිතය.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කරගත් ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භය අද පස්වරු 04.00 ට ‘සිරිකොත’ එජාප පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරේ.
සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ සංවිධාන කෙරෙන අතර පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ඩිජිටල් වේදිකාව හරහා ප්‍රචාරක රැස්වීම් 100 ක් එකවර ඇමතීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ පැවසිය.
ඊට සමගාමිව දිවයිනේ ආසන සියල්ලක්ම අවරණය වන පරදි රැස්වීම 160 පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රධාන රැස්විම ඩිජිටල් හා සමාජ ජාල මධ්‍ය ඔස්සේ අනිකුත් රැස්විම් 160 සම්බන්ද වනු ඇත.
මේ රට දේශපාලන පක්ෂයක් විසින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පවත්වන පලමු ජනරැලී මාලව ද මෙය බවත්,එක්සත් ජාතික පක්ෂ නිල වේබ් අඩ්විය හා ෆෙස්බුක් පිටුව හරහා සියලුම දෙනාට මෙම රැස්වීම නැරඹීමට හැකි බවත් එජාප සන්නිවේදන අංශයේ ශානුක කරුණාරත්න පැවසිය.
මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා’ – ප්‍රසන්න කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘පොහොට්ටු’ පක්ෂය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇතත් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට හෝ ඔහුට සමීප කිසිවකුට මනාපය ලබා නොදෙන්නැයි කාර්මික
අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග ඉල්ලා සිටියි.
රාජපක්ෂ පවුලට වඩාත් සමීප පුද්ගලයකු ලෙස සැලකෙන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකළේ මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ ද කීවේය.
“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා.
මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක.
රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි.
මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට. ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.”
මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි
මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න මේ මැතිවරණයේදී බොදු බල සේනා සංවිධානය ජනතාවගෙන් බලය ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.
ඒ අනුව අපේ ජන බල පක්ෂයෙන් කොඩිය ලකුණ යටතේ සියලු ජාතික බලවේග එකතු කරගෙන මෙවර මැතිවරණයට තමන් වහන්සේ ඉදිරිපත් වෙන බව උන් වහන්සේ අවධාරණය කරන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි.
අපේ මුතුන්මිත්තන් උප නූපන් දරුවන්ට දිනාදුන් වටිනාකම් ආරක්ෂා කර තැබීම වෙනුවෙන්, මේ දිනූ ජයග්‍රහණය කෙලෙසන්නට ඉඩ නොදී එය ආරක්ෂා කරදීම වෙනුවෙන් ජාතිකවාදී වැඩපිළිවෙළක් මේ රට ඉල්ලා සිටි මොහොතක තමයි විවිධ තැන්වල බෙදිලා විසිරිලා වෙන්ව වැඩ කරපු මේ සියලු බලමුළු අද එක රොදකට ගොනු උනේ. අපිට උවමනයි මේ මහ මැතිවරණයේදී දැයම එක රොදකට ගොනු කරල වට්ටපු ජාතික නැගිට්ටවන්න. ඒ වගේම, නිදහසෙන් පස්සේ මේ මාරුවෙන් මාරුවට රට කරපු දේශපාලන ව්‍යාපාරය වෙනුවට අලුත් වැඩපිළිවෙලකට මේ රට යොමුකරවන්න අපිට උවමනායි. ඒ නිසා මේ මහ මැතිවරණයේදී මොනතරම් දුෂ්කරතා වුනත් සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් සහ සිංහලයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අපට උවමනායි මේ බලය අභ්‍යාස කරන්න.
2012 ඉඳලා මේ රට ගිලගනිමින් සිටින ඉස්ලාමීය උන්මත්තක අන්තවාදය ගැන කතා කරා. සාක්ෂි සාධක ඇතිව සහරාන්ගේ පුපුරවා ගැනීම දක්වා මේ වගේ සිද්ධියක් ඇති වෙන්න පුළුවන් මොනයම් හෝ වෙලාවක කියලා පෙන්නල දුන්නා. දැන් මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස කිහිපයක් ගතවෙලා තිබෙනවා. මොකද්ද අරගෙන තියන ක්‍රියාමාර්ගය? අවම තරමින් හැට නම ලක්ෂය පැත්තකින් තියමුකෝ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුන්සිය ගණනකට වත් සාධාරණය ඉෂ්ට කරාද? මේ ත්‍රස්තවාදය… උන්මත්තක අන්තවාදය පෝෂණය කරපු, ඔවුන්ට වැඩෙන්න දේශපාලනිකව සහයෝගය දුන්නු එක පුද්ගලයෙක් ටවත් නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. අවම තරමේ එක දවසකට වත් සිරගත කරන්න පුළුවන් වෙලා නෑ. ඒව තවමත් කතා විතරයි.
අපිට මේ රටේ සමස්ත මුස්ලිම් ප්‍රජාව සමග ගැටුමක් නෑ. ස්වදේශික සාම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මිනිස්සු අපේ මිනිස්සු. පහුගිය කාලේ ආණ්ඩු කරපු හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ මේ රටේ සමාජ බෙදුම්වාදය බරපතළ විදිහට ගොඩනැගෙන්න දුන්නට. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා.. අනතුර අපි කලින්ම පෙන්නල දුන්නා… ඒ කියපු විදිහටම ඒ අනතුරු මේ මහ පොළොවේ යථාර්ථයක් වුනා. ඒ අනතුරෙන් මුදවා ගැනීම සඳහා නීති අණපනත් හදන්න අවශ්‍යයි. ඒ නීති අණපනත් හදන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ වෙනුවෙන් අරගල කරන්න අපිට එතැන නියෝජනය වෙන්න අවශ්‍යයි. අපි අවුරුදු කීයක් තිස්සේ සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් අණපනත් සකසන්න කියලා කතා කරලා තියෙනවද? එක පනතක් සම්මත කර ගන්න බැරි වුණා. මේ පාර්ලිමේන්තුවේ එක පනතක් වත් සම්මත කර ගන්න බැරි වුණා.
ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ඉන්න අයගේ ලැයිස්තු ටික අරගෙන බැලුවාට පස්සේ පේනවද මේ රටේ හැම මිනිසෙකුගේම මුහුණුවලට හිනා මල් කැන්දන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක ජාතික ප්‍රතිපත්තියක් සෑදිය හැකි කවුරුත් ඉන්නවා කියලා? හොරකම වංචාව දූෂණය ගැන කතා කරනවා. ඒවා නවත්තන්න පුළුවන් ඒවා ජීවන භාවිතාවේදී අභ්‍යාස කරපු මිනිස්සු ටිකක් ඉන්නවද? බැලින්නම් අර පරණ බඩු සෙට් එකමයි ඉන්නේ. මේ පරණ සෙට් එකම තෝරලා ආපහු පාරක් පාර්ලිමේන්තු යවන්න නම් කෝටි 600ක් 700 ක් වියදම් කරලා ඡන්දයක් තියන්න ඕනෙද? පරණ ටිකම නං යන්නෙ ඒගොල්ල නම් දැනටමත් ඉන්නේ මෙච්චර කාලයක් ඒගොල්ලෝනම් කෙරුවේ උඹලම බෙදාගෙන කාපල්ලා කියලා ඡන්දෙ නොතියා හිටිය නං ඉවරයිනේ.
නමුත් අපි දැකපු දේ තමයි ජනාධිපතිවරණයේදී මේ රටේ සාතිශය බහුතරයක් සිංහල මිනිස්සු කල්පනා කළේ මේක තමයි ජාතියට ලැබෙන අවසාන අවස්ථාව කියලා. මිනිස්සු බඩ ගැන හිතුවේ නෑ.. මොනවත් ඉල්ලුවෙත් නෑ.. කොන්දේසි විරහිතව අපිට අපේ රටේ ජාතික ආරක්ෂාව හදාගන්න පුළුවන් නායකයෙක්, නිර්දේශපාලනික අපේක්ෂකයෙක් ඕනි කියලා ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා. ඔහුගේ දේශපාලනික භාවිතා පිළිබඳව අපිට තර්කයක් නෑ. ඔහු මේ දක්වා රටට කරලා තියෙනවා හැමෝටම වඩා වෙනස් දෙයක්. නමුත් ඔහුට මේ රටේ නීති හදන්න බෑ තනියම. ඒකයි අපි තරග කරන්නේ. නීති හදන්නෙ පාර්ලිමේන්තුවේදී. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා සියලු ජාතික බලවේග එක රොදකට ගොනු කරල අපි ඉල්ලනවා බලය ඉල්ලනවා. මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න. ඊට අදාළ අණපනත් ටික හදාගන්න. ඒවට බලපෑම් කරන්න පුළුවන් කිහිප දෙනෙක් මෙතන ඉන්න ඕනේ. අපිට ජාතික අභිලාෂය වැදගත්. අපි වෙන වෙන පාරවල් වලින් ආවත්, අපි මොන පාට සිවුරු ඇන්දත්, එකක්වත් වැදගත් නෑ. අපිට අපේ ජාතික අභිලාෂය තමයි වැදගත්. ඒ නිසා අපි ඒ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවාර්යයෙන්ම ඕනෑම අභියෝගයට එරෙහිව ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා හැමෝම එකාවන්ව එක්සිත්ව වැඩ කරනවා.
Samagi Jana Balawegaya party office opened in Kotte
මගේ කුඩුවේ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ – හිටපු ජනපති
තමන් සෑදු කුඩුවල අනුන්ට බිත්තර දැමීමට ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටිනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ චීනය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලබාදුන් වකුගඩු රෝහලට පත්වීම් ලබා දීමට රජයේ ඇතැම් පුද්ගලයින් සිදුකරනු ලබන මැදිහත්වීම් වලට පිළිතුරු දෙමින්.
” මෙම රෝහල චීනය විසින් තමන්ට ලබාදුන් තෑග්ගක්. මමයි ඒ රෝහලට පත්වීම් ලබා දෙන්නේ. දේශපාලන අවශ්‍යතාවයන් අනුව ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව පත්වීම් දෙන්න බැහැ. මම හදපු කුඩුවල බිත්තර දාන්න ඉඩ දෙන්න නැහැ” යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
