ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බවත් සෞඛ්‍යය ක්ෂේත්රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැඟෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බවත් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එසේම අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බවත් රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටිනවා – ජනපති
-
සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්…..
Read more >> -
නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි……
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ඇමති කියයි…..
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
අඹන්ගඟ කෝරලේ සජබ ප්‍රා.ස සභාපති සහ මාලිමා පා.ම පැටලෙයි…..
Read more >> -
හිටපු ඇමති චන්ද්‍රානිට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගයට දිනයක්…..
Read more >> -
නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි….
Read more >>

