2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදුකර තිබෙනවා.
සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සහ සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල් දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අලෙවි කෙරෙන බවයි සඳහන් වන්නේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
එහිදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් වික්ටෝරියා නුලන්ඩ්ට සිය ස්තූතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමටද වික්ටෝරියා නුලන්ඩ් සිය එකඟත්වය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
ඔවුන් ඊයේ (31) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බවට තමා විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ. සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය ඇතුළු කණ්ඩායමක් මේ සඳහා එක්වී ඇති බවයි සඳහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බව පැෆරල් සංවිධානය පවසනවා.
ඒ අනුව මැතිවරණ කොමිසම සමග ඒකාබද්ධව අපේක්ෂකයින් දැනුවත් කිරීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
මැතිවරණ අපේක්ෂයන් සියලුදෙනා මෙම නීති ගැන දැනුවත්ව සිටීම වැදගත් බවත් මැතිවරණය අවසානයේ මැතිවරණ වියදම් නිල වාර්තා ලබාදීම සෑම අපේක්ෂකයෙකුගේම වගකීමක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මෙතෙක් මුද්‍රණයට යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර නොමැති බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම් එම් මොහොමඩ්ටද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ඔහු පැමිණිලි කර ඇති අතර මේ වන විට ඔහුට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.
මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර ඇති බවද, එම තර්ජන සියල්ල එකම දුරකථන අංකයකින් WhatsApp ඔස්සේ සිදු කර ඇති බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.