A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M. ෆවුසි පත් කර තිබුණා.
A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M. ෆවුසි පත් කර තිබුණා.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (09) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. ඒ අනුව අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
ඒ අනුව 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය සඳහා ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.
ජනාධිපතිවරයා රාජාසන කතාව පැවැත්වීමට පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දක්වා තිබෙනවා.
ඒ අනුව “රාජාසන මේනියාව” ලෙස සඳහන් කරමින් මෙලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටතට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මැතිවරණ කොමිසමේ සාමාජික පී එස් එම් චාර්ල්ස් විසින් යොමුකරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිළිගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම තීරණය ඇය වෙත දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වන විටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හරිත ආර්ථිකය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් ළඟා කර ගත හැකි බව “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
අද මේ සිදුකරන්නේ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කටයුත්තට මුල් පියවර තැබීමක් බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.
ඉල්ලීමක් සිදුකළහොත් තුර්කියට ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.
ඒ අනුව 300කගෙන් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම හමුදා කණ්ඩායම සඳහා වෛද්‍ය සහ ඉංජිනේරු බළකායේ සෙබලුන් ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
විශාල සේවක පිරිසක් සහිතව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මත ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
එසේම ව්‍යාපෘති කාර්යාල 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් අදාළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බවත් එහිදී අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත තව දුරටත් මෙම කාර්යාල 55ම වසා දමන්නේ ද යන අවසන් තීරණය ඉදිරියේදී ගැනීමටත් ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට මීට පෙර තීරණය කළා.
නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.