එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත බ්‍රේල් ක්‍රමය ඔස්සේ පිළිගන්වා තිබෙනවා.
එම පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙලෙස බ්‍රේල් ක්‍රමය ඔස්සේ එළිදක්වා ඇති අතර, මෙරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙත පිළිගැන්වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
Category: politics_sub
හරීන් සහ මනූෂට පනවා තිබූ පක්ෂ තහනම ඉවතට
එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබෙනවා.
ඒ අනුව අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අපි රනිල්ව ජනාධිපති කළේ 2024 වෙනකල් විතරයි – රෝහිත
අපි රනිල්ව ජනාධිපති කළේ 2024 වෙනකල් විතරයි – රෝහිත
කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ඡාවකට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට තීරණය කෙරේ
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට රැස්වීමට නියමිතව තිබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඒ අනුව අදාළ සාකච්ඡාව මෙම සතිය තුළ පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.
අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් කඩිනමින් විවාදයක් ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුව සත පහක විනිවිදභාවයකින් වැඩ කරන්නේ නැහැ – රහුමාන්
ආණ්ඩුව සත පහක විනිවිදභාවයකින් වැඩ කරන්නේ නැහැ – රහුමාන්
රනිල් දන්නවා ඔහුගේ ප්‍රෝඩාකාරී ආර්ථික සැලැස්මට විරුද්ධව පීඩාවට පත්වන ජනතාව නැගී සිටින බව – අනුර
රනිල් දන්නවා ඔහුගේ ප්‍රෝඩාකාරී ආර්ථික සැලැස්මට විරුද්ධව පීඩාවට පත්වන ජනතාව නැගී සිටින බව – අනුර
පොලිසියේ සියලු දෙනා කටයුතු කරන්නේ බලපෑම්වලට ලක්වෙලා – සජිත්
පොලිසියේ සියලු දෙනා කටයුතු කරන්නේ බලපෑම්වලට ලක්වෙලා – සජිත්
ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි – ජානක වක්කුඹුර
ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
කාලසීමවක් සඳහන් කළ නොහැකි වුවද ජනාධිපතිවරණක් පැවැත්වීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් – සජබ
උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා.
ඒ අනුව එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.
උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ජවිපෙ සහ සජබ තීරණයක් ගනී
ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළා.
එසේම මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.
