අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින්, සම්බන්ධන් මුණගැසෙයි

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ.

කොළඹදී පැවැති මෙම සාකච්ඡාව  සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි  බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටළු, ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කර ගැනීම, විරැකියා ගැටළුව ඇතුළු කරුණූ රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ රටේ යහපත උදෙසා කටයුතු කරනු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතීක පක්ෂය  තම දේශපාලන අනාගතය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බැවින් නව ව්‍යවස්ථාව සකස් කිරීමට අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බවයි.

ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා උදාවී ඇති මෙම අවස්ථාව මඟනොහැරිය යුතු බව  සඳහන් කර ඇති සම්බන්ධන් මහතා තමා පෙනී සිටින්නේ දෙමළ ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් බව ප්‍රකාශ කර තිබේ.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කරගෙන ඇතත් මේ වන තුරු එය ක්‍රියාත්මක කර නොමැති බව ද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේය.

එමෙන්ම උතුරේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් මුල් පදිංචිකරුවන්ට නිදහස් කීරිම සඳහා රජය විසින් ඇතැම් පියවර ගෙන තිබුණ ද එම ක්‍රියාවලිය මන්දගාමී බව ද ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර තිබේ.

රවී ඉල්ලා අස්වීම ජාතික ආණ්ඩුවේ ජයග්‍රහණයක් – ශාන්ත බණ්ඩාර

හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම, ජාතික ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

තනි පක්ෂයක් පමණක් බලයේ සිටියේ නම් මෙවන් අවස්ථාවකදී අනෙක් මන්ත්‍රීවරුන්ද ඉවත්වීමක් සිදුවන බවත්, එහිදී බලය ගිළිහී යන බවත් හෙතෙම කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පක්ෂයක් විදිහට තව දුරටත් එක්ව හිඳින්නට තීරණය කර ඇති බැවින් ආණ්ඩුව තුළ රැඳී සිටින බවත්, පක්ෂය විසින් තීරණය කරනු ලැබුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවත් ඔහු කියා සිටියේය.

සයිටම් ආයතනය එදා පැවති තත්ත්වයට වඩා අද ඉදිරියට පැමිණ ඇති බවත්, එහි ප්‍රමිතිය ඉහළ නැංවීම රජය විසින් කළ යුතු බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

පෞද්ගලික අධ්‍යාපනය හොඳ බවත්, එය වරදක් ලෙස නොදකින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සිසුන් හා බලධාරීන් සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්වීමට විධි විධාන

සියලූ පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්වීමට හැකි වන පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සහ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ ඊට අදාළ විධි විධාන සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ 1988 අංක 2 දරන පළාත් සභා ඡුන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත‍්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් තිරණය වී ඇත.

මෙම යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයටඉදිරිපත් කර ඇත. 

ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට ගැනීම සම්බන්ධයෙන් නීතිපති ඇතුළු පිරිසට නොතීසි

ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර තිබේ.
අදාළ ලොතරැයි මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි  බවට තීන්දු කරන ලෙස ඉල්ලා ප්‍රකාශ කරන ලෙස පෙත්සම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම අද(04) කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණූ දැක්විමට කාලය අවශ්‍ය බවයි.
එම නිසා නීතිපතිවරයා ඇතුළු පාර්ශවකරුවන්ට නොතිසි නිකුත් කිරිමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.
බන්දුල ගුණවර්ධන මහතා පෙත්සම මඟින් පෙන්වා දී අත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ යුතු බවයි.
කෙසේවෙතත් අදාළ නීති ප්‍රතිපාදනවලට පටහැනිව එම මණ්ඩල දෙක පසුගියදා සිදු කළ කැබිනට් සංශෝධනයෙන් විදේශ අමාත්‍යාංශය යටතට පත් කර ඇති බව ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම ඔක්තෝබර් මස 30 වනදා යළි කැඳවීමට නියම කළේය.

රජයේ වුවමනාවන් ඉටුකර ගැනීමට රවීව පාවිච්චි කරලා – ජී.එල් පීරිස්

 ආණ්ඩු පක්‍ෂයට බහුතර බලයක් අහිමි වුනොත් ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාවක් කිසිසේත් නොමැති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
එ් මහතා මෙසේ පැවසුවේ ඊයේ (01පුංචි බොරැුල්ල, ශ්‍රී වජිරාස‍්‍රම විහාරයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
 
තමාගේ ආශීර්වාදයෙන් තොරව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව පිළිබ`දව අවබෝධයකින් තොරව යැයිද සදහන් කළ එ් මහතා එහිදී මෙසේද පැවසීය. 
 
මහ බැංකු බැ`දුම්කර වංචාව මේ වනවිට ඉතාම පැහැදිලිව ඔප්පුවෙමින් තිබෙනවා. මේ වංචාව රජයේ ඉහළ මට්ටමින් ව්‍යාප්තව තිබෙනවා. මේ දැවැන්ත දූෂණය මුළු රජයම වෙළාගෙන තිබෙනවා. රජයේ වුවමනාවන් ඉටුකර ගැනීමට රවී කරුණානායක මහතා මෙහිදී පාවිච්චි කර තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔහු ඉල්ලා අස්විය යුතුයි. ඔහුව දඩමීමා කරගෙන තමන් සුදනන් වීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා උත්සාහ ගන්නවා. බැ`දුම්කර වංචාවෙන් උපයාගත් මුදල් රවී කරුණානායක මහතාගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා යොදාගෙන තිබෙනවා. ඒ මුදලින් පුවත්පත් ආයතන ආරම්භ කර තිබෙනවා.ඊට අමතරව රජයේ යම් යම් කටයුතු ස`දහාත් ඒ මුදල් යොදාගෙන තිබෙනවා.
 
      බැ`දුම්කර වංචාව ගැන මුලින්ම හෙළිදරව් කළ මොහොතේදී අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විහිළු කළා. ඩියූ ගුණසේකර මහතා මේ වංචාව ගැන පරීක්‍ෂණ පැවැත්වීමේදී ඔහුට විරුද්ධව චෝදනා එල්ල කළා. අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මහාමැතිවරණයෙන් පසුව පත්වූ අලූත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සබාපතිධූරයට සුනිල් හ`දුන්නෙත්ති මහතා පත් කළා. නිල කාලය අවසන්වූ පසුවත් මහ බැංකු අධිපති ධූරයට නැවතත් අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමට අගමැතිවරයා සෑහෙන උත්සාහයක් දැරුවා. නමුත් එය ව්‍යාර්ත වුණා. හොරුන් ආරක්‍ෂා කරන තැනක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඉන්නේ කොහොමද?. ආත්ම ගරුත්වයක් තිබෙන කිසිම කෙනේක්ට එහෙම ඉන්න බැහැ.
 
            තමන්ගේ ආශීර්වාදයක් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව පිලිබ`දව නොදැන කළ ප‍්‍රකාශයක්. ආණ්ඩු පක්‍ෂයට බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් අහිමි වුනොත් ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ කොහොමද?. ජනතා මතය මැන බැලීමටනම් ජනතාවට ඡුන්ද බලය ලබාදිය යුතුයි. පළාත් පාලන මැතිවරණය කල් දැම්මා වගේම පළාත් සභා මැතිවරණයත් කල් දමන්න රජය සූදානම් වෙනවා. ආණ්ඩුව ජනතා මතයට බය නිසා මැතිවරණ කල් දමනවා යැයි පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
රටට අවාසිදායක කොන්දේසි රාශියක් යටතේ රජය හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ගිවිසුම අත්සන් කළා. එම ගිවිසුමෙන් රටට ඇතිවන අවාසිදායක තත්ත්වයන් පිළිබ`දව දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළා. එම ලිපියේ ස`දහන් කරුණුවලට සමාන කරුණු පිළිබ`දව ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් හා දේශීය ආයෝජකයන් තමන්ව දැනුවත් කළ බව ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබුණා. ඒ සම්බන්දව සාකච්ඡුා කිරීමට තමන් සමඟ සාකච්ඡුා කිරීමට අපිට අවස්ථාවක් ලබාදෙන බවත් ජනාධිපතිවතුමන් ප‍්‍රකාශකර තිබුණා. නමුත් මේ වනතුරුත් අපිය එවැනි අවස්තාවක් ලැබුනේ නැහැ.මේ ගිවිසුම අනුව අපේ රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක් වගේ සොච්චම් මුදලක්. එය ලැබෙන්නෙත් කොටස් වශයෙන්. ඇමරිකානු ඩොලර් බිලියන 600ක් මේ වසරේදී ලැබෙනවා. ලබන වසරේදී ඉතිරි මුදල ලැබෙනවා.
 
              මහින්ද රාජපක්‍ෂ යුගයේදී ලබාගත් අසාමාන්‍ය ණය ගෙවිය යුතු නිසාවෙන් හම්බන්තොට වරාය විකුණන බව මෙම රජය මුල සිටම ප‍්‍රකාශකළා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්දයෙන් මහබැංකුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව අනුව මෙරට ආර්ථිකයේ දුෂ්කරම කාලය වන්නේ2000 වසරේ සිට 2004 වසර දක්වා වූ වසර හතරක කාලයයි. එම වසර හතරක කාලයේදී නිෂ්පාදනයට වඩා ජාතියේ ණය බර ඉහළ ගියා. ඒ යුගයේදී අග‍්‍රාමාත්‍යධූරයේ කටයුතු කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාමයි. ණය වාරික හා පොළි මුදල් ගෙවීමට රජයට මුදල් නොමැතිබව එතුමා ඒ යුගයේදී ප‍්‍රකාශ කළා. ඉදිරියේදී පත්වන ආණ්ඩු මේ දුෂ්කර තත්ත්වයෙන් මුදවා ගැනීමට එතුමන් විසින් 2003 වසරේදී රාජ්‍ය මූල්‍ය කළමාණාකරණ වගකීමේ පනත පාර්ලිමේනතුවට ඉදිරිපත් කළා. 
 
        කෙසේ නමුත් මේ ණය අර්බුදය 2005 වසරේදි මහින්ද රාජපක්‍ෂ මහතා බාර ගත්තා. ඒ අර්බුදය පමණක් නෙමෙයි සුනාමියෙන් විනාශවූ රට, ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය ආදි තවත් අර්බුද ගනණාවකට ඒ කාලයේදි ඔහු මුහුණ දුන්නා.හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා අසාමාන්‍ය ලෙස ණය ගත්තා. මෙම රජය යටතේ ලෝක වෙල`දපොලේ ඛණිජතෙල් මිළ අසාමාන්‍ය ලෙස අඩුවීම නිසා රටින් පිටට ගිය විදේශ විනිමය විශාල වශයෙන් රටතුළ ඉතිරු වුණා. ඒ නිසාවෙන් පසුගිය වසර දෙකේදී ඇමරිකානු ඩොලර් මිලියන 4013ක් රටතුළ ඉතුරු වුණා. ඒ මුදලට මොකද වුනේ. අද මේ අර්බුද ඇතිවී තිබෙන්නේ රජයේ මූල්‍ය කළමණාකරනයේ දුර්වලතාවයන් නිසයි. 
 
ඔහු බැදුම්කර මංකොල්ලයේ චූදිතයන් සමඟ ගණුදෙනු කිරීමෙන් රජයේ මුල්‍ය නීති උල්ලංඝණය කර තිබෙනවා. පදනමක් නැතුව  ඕන කෙනේක්  ඕනම දෙයක් කියන්න පුලූවන්.එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා රට ණය අර්බුදයක ගිල්වූ බවට සංඛ්‍යාලේකන සහිතව කිසිවෙක්ට ඔප්පු කරන්න බැහැ.
 
          රටේ සියුලම සම්පත් විකුණා දැමීම මේ රජයේ ප‍්‍රතිපත්තියයි. රාජ්‍ය සම්පත් දෙකක් විකුනා දැමීමට අනුමැතිය ලබාගැනීමට අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයටත් කැබිනට් පත‍්‍රිකා දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. රාජ්‍ය සම්පත් විකිණිමේදී රජයට කිසිම ප‍්‍රතිපත්තියක් නැහැ. අපි මේ සත්‍ය තත්ත්වයන් හිටපු මුදල් ඇමතිතුමාට පැහැදිලි කළත් එතුමා සත්‍ය තත්ත්වය පිළිගන්න කැමති නැහැ. රාජපක්‍ෂල විනිශ කරපු රටක් තමන්ට බාරදුන් බව ඔහු අදත් කියනවා. බැ`දුම්කර වංචාෙවි ප‍්‍රධාන චූදිතයාගෙන් ඔහු අයුතු ප‍්‍රයෝජන රාශියක් ලබා ගත්තා. ඒ නිසා ලෝකයා රවී කරුණානායක මහත්තයා කියන දේවල් පිළි ගන්නේ නැහැ. එතුමගේ ලැජ්ජාව හා බය කියන නහර දෙකම කපලා.
 
            මොනෑක් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා ගැනීමට අදාල ගිවිසුම මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ එම සිද්ධිය බැ`දුම්කර කොමිසමට විසින් හෙළිකරීමට පෙරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වශයෙන් අපි බැ`දුම්කර කොමිසමට ගරු කරන්න  ඕන. ඒ නිසා දැනුම්දුන් දිනයේදී රවී කරුණානායක ඇමතිතුමා ඒ කොමිසම හමුවේ පෙනී සිටිය යුතුයි. බැ`දුම්කර වංචාවෙන් උපයාගත් මුදලින් කල්මුණේ අරක්කු නිෂ්පාදන කම්හලක් ආරම්බ කරනවා. ලෝකයේ නවීනතම මුද්‍රණ යන්ත‍්‍ර උපයෝගි කරගෙන පුවත්පත් මුද්‍රණය කරනවා. ඉතාම සුළු බදු මුදලක් ගෙවා ඒ මුද්‍රණ යන්ත‍්‍රය රේගුවෙන් නිදහස් කර ගන්නවා. මේවාට හිටපු මුදල් ඇමතිවරයා සම්බන්දයි. ඒ නිසා බැ`දුම්කර සිද්ධිය සම්බන්දයෙනුත් ඔහුට විරුද්දව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපකක්‍ෂ විසින් මීට පෙර ලබාදුන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ තිබෙනවා. අපි මේ ඒ ස`දහා අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් සුදානම් කරනවා. ලැජ්ජාවක් , බයක් ඇත්නම් මේ විශ්වාසභංග යෝජනව ඉදිරිපත් කරන තුරු නොසිට රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.
 
        එමෙන්ම ඊයේ (පෙරේදා* රාත‍්‍රියේදී පිටකොටුව ලොතරයි අළවි කුටිවලට ගිණිතබා තිබෙන බව වාර්තා වෙනවා. පසුගිය සමයේදී මුදල් ඇමතිවරයාට විරුද්දව ලොතරයි අළවි කරුවන් පාරට බැස ලොතරයි අළවිය වර්ජනය කළා. එවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඒ නිසා මේ වනවිට ලොතරයි අළවිකරුවන්ට විරුද්ධව මර්දනය මුදාහැර තිබෙනවා. ආණ්ඩුව කියූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනය මේකද?. මේ තත්ත්වය හො`ද දෙයක් නොෙවියැයි පැවසීය.
 
 

මර්ධනය අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට සහ වෘත්තීය සමිතිවලට විතරද? – අ.වි.ශි.බ

අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට හා වෘත්තීය සමිති සඳහා රජය විසින් මර්දනය කැදවීමට කටයුතු කළද, මීට වඩා දරුණු අපරාධ කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මකවීමට හා අනපනත් සම්මත වීම සිදුවීමට ප්‍රමාද වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සභික සනත් බණ්ඩාර මහතා පවසයි.
 
රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර සිසුවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩල හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිරුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
 
එමෙන්ම යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මර්දනය හමුවේ වුවද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව අයිතීන් ඉල්ලා සටන් කිරීම නතර නොකරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
 
මේ අතර සිසුන් අත්අඩංගුවට ගැනීමෙන් ශිෂ්‍ය  ව්‍යාපාරය බිද දැමිය නොහැකි බව කලාකරුවන් පිරිසක් පවසයි.
 
බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරගේ සුවදුක් බැලීමෙන් අනතුරුව ඔවුන් මේ බව කියා සිටියේය.
 
සමනලී ෆොන්සේකා, භූපති නලීන්, විදර්ශන කන්නන්ගර, මලිත් හැගොඩ, ජගත් මනෝහරන්, සුදත් මාධව ඇතුළු කලාකරුවන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

මැතිවරණ කල් දැමීම ජනතා ඡන්ද අයිතියට බාධා කිරීමක් – පැෆ්රල් සංවිධානය

දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස මැතිවරණ කොමිසමට ලිඛිතව දැන්වීමට පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙලෙස මැතිවරණය කල් දැමීම තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බාධාවක් එල්ල වන බවයි.
පළාත් පාලන මැතිවරණයට අමතරව පළාත් සභා මැතිවරණය ද කල්දැමීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
එකම දිනයක මැතිවරණ පැවැත්වීම යන කාරණා මුල් කරගනිමින් මැතිවරණ කල් දැමීම සුදුසු තත්ත්වයක් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අලුත් වෛද්‍ය සංගමයක් පිහිටුවීමේ තැතක් – වෛද්‍ය හරිත අලූත්ගේ

නව වෛද්‍ය සංගමයක් පිහිටුවීමට  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උත්සාහ දරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සදහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලස්ථානයේදී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

තමන් නව වෛද්‍ය සංගමයක් පිහිටුවන බවට කරනු ලබන චෝදනා වල කිසිදු සත්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත් ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව වෛද්‍ය සංගමයක් පිහිටුවා ඇති අතර ඔවුන්ගේ මංගල මාධ්‍ය හමුව හෙට (19) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමටද නියමිතය.

උතුරු මැද පළාත් සභාව තුළ සෙංකෝලයට පොර අල්ලයි

උතුරු මැද  පළාත් සභාව තුළ අද (18) උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇතිවූ උණුසුම් වාද විවාදයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇත.

අද පෙරවරුවේ මාසික සභාවාරය සදහා පළාත් සභාව රැස් වූ අවස්ථාවේ මෙම තත්ත්වය උද්ගතව තිබේ.

පෙක්ෂය අතර පැවති වාද විවාද උණුසුම් වීමෙන් පසුව පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් සෙංකෝලයට පොර බැදීම හේතුවෙන් සෙංකෝලයද දෙකඩ වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අවසානයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභාවේ සභාපතිවරයා ඔහුගේ නිල කාමරයට රැගෙන ගොස් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපති අසුනේ අසුන්ගෙන සභාව පස්වරු 1.30දක්වා කල්තබන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය සමනය වී ඇතැයි වාර්තා වේ.

අතුරුදහන් වූ තරුණයන්ට වන්දි ගෙවීමේ වගකීම රජය සතුයි

මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකු අතුරුදහන් කරවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කර තිබේ.

ඒ අනුව මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ මඩකළපුව පදිංචි සෙල්වරාජා පුෂ්පරාණි, අන්නමලෙයි සෙල්වරාජා යන පෙත්සම්කරුවන්ට මුදලින් රු.ලක්ෂ 10 බැගින් හා වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කර ඇත.

2007 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනා පසුව මුදාහළ බවට පොලීසිය විසින් ප්‍රකාශ කර තිබුණද, ඔවුන් අතුරුදහන් කර ඇති බවත්, එසේ අතුරුදහන් කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

ඒ අනුව අද අදාළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව හා ඊට රජය වග කිව යුතු බවයි.

එසේම මඩකළපුව පොලීසියේ හිටපු ස්ථානාධිපති පී.එස් වික්‍රමසිංහ මහතාද , මෙම සිද්ධියට අදාළව වගකිව යුතු බැවින් රජය විසින් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු රු.ලක්ෂ 10 බැගින් වන වන්දි මුදලට අමතරව පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් පෙත්සම්කරුවන්ට රු.50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවද විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කර තිබේ.