” සෞභාග්‍යයේ දැක්ම”

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව ගතවූ මසක කාලයක් තුලදී එළැඹි තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ” සෞභාග්‍යයේ දැක්ම” නමින් හඳුන්වනු ලබන එම තීන්දු තීරණ හේතුවෙන් ජනතාවගේ දැඩි ප්‍රසාධයක් හිමිවී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රුපියල් 300 million නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම, මාර්ග තදබදයට විකල්පයක් ලෙස කිලෝමීටර් ලක්ෂයක අන්තර් විකල්ප මාර්ගයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම, රටට එරෙහිව ක්‍රියාත්මක වන දස දහසකට අධික රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම ආදී කරුණු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.

ඊට අමතරව අධ්‍යාපන කේෂ්ත්‍රය නගා සිටුවීම සහ පාසල් දරු දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ගනු ලැබූ තීන්දු තීරණ හා තරුණ තරුණියන්ගේ රැකි රක්ෂා ගැටලුව විසදීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ගද මින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

එමෙන්ම රාජ්‍ය ආයතනවල පවත්වනු ලබන අනවශ්‍ය උත්සව නතර කිරිම, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක වැටුප් හිමි ටෙලිකොම් සභාපතිවරයාගේ වැටුප ලක්ෂ 2.5ක් දක්වා අඩු කිරීම ආදී ක්‍රියා මාර්ග සහ රාජ්‍ය ආයතන සඳහා සේවකයින් බඳවා ගැනීමේ දී සියලුම දිස්ත්‍රික් සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මේ වන විට ජනතා ප්‍රසාධය හිමිව ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාසයක කාලය තුලදී ගනු ලැබූ සියලු තීන්දු සහ තීරණ පහතින් දැක්වේ.

Important decisions - New_page-0001

MCC අහෝසි කිරීමට සජිත්ගේ සහාය

එම්.සී.සී ගිවිසුම අහෝසි කිරීම සඳහා තමන් වත්මන් ආණ්ඩුවට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිනෙන විට එම්.සී.සී ගිවිසුම මෙන්ම තවත් බොහෝ ගිවිසුම් අහෝසි කරන බවට ප්‍රතිඥා දුන් බවයි.
ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කිරීමට තුනෙන් දෙකක බලයක් නොව හයෙන් පහක බලයක් ලබා දීමට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහය දැක්වීමට සූදානම් බවත් එම්.සී.සී ගිවිසුමට තමන්ද පෞද්ගලිකව විරෝධය පළ කරන බවයි ඒ මහතා කියා සිටියා.

එජාපය තමන්ගේ ඒවා වහගන්න නාඩගම් මවනවා / විදෙශ් ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා

කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුව යන අත ගැන Boston Lanka අපට කියූ දේ
නව ඇමතිධුරය ගැන මොකද හිතෙන්නේ ?
රටේ ආර්ථිකයට බලපාන විෂයන් කිහිපයකම අමාත්‍යංශ යටතේ ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මේක තාවකාලික ආණ්ඩුවක්. භාරකාර ආණ්ඩුවක් තුල අපි ආදර්ශයක් ලබා දීලා තියෙනවා. බාර දුන් වගකීම නිසිලෙස කරන්න උපරිම ලෙස කැප වෙනවා.
මත්තල ගුවන් තොටුපලේ ක්‍රියාකාරිත්වය හදන්නේ කොහොමද ?
මත්තල ජනතාවගේ මුදල් වලින් හැදුවේ. පහුගිය රජය එහි වී ගබඩා කරලා විනාශ කළා. රටේ පාලකයන් නොකළ යුතු විශාල පහත් ක්‍රියාවක් ඒක. දැන් මේවා යථා තත්වයට ගේන්න වැව කරනකොට ඒවාට වියදම් වෙන්නෙත් රටේ ජනතාවගේ මුදල්. නැවත ගුවන් තොටුපල යථා තත්වෙට පත් කලාට පස්සේ පරිපාලනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්චා කරලා දේශීය විදේශීය සමාගම් වලට මේ ආයතනයත් එක්ක වැඩ කරන්න එන්න කියලා මම යෝජනා කරන්න කැමතියි.
MCCහි අලුත්ම තත්වේ මොකද්ද ?
පසුගිය කැබිනට් මණ්ඩලයේදී කමිටුවක් පත් කළා මෙම ගිවිසුම පිළිබදව අධ්‍යනය කරලා කැබිනට් එක දැනුවත් කිරීමට. ඒ අනුව ඉදිරියේදී ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නවා. මේ ගිවිසුමේ රටට හානි දායක වගේම වාසිදායක කරුනුත් තියෙනවා. ඒවා අධ්‍යනය කර ඒවා අපේ රටට හිතකරද කියා බැලිය යුතුයි. පහුගිය කාලේ හිටපු ජනාධිපති පත්කළ කමිටුව මෙය අහිතකර බව පැවසු නිසා තමයි නැවතත් එම සැකය තහවුරු කර ගැනීමට කැබ්නට් මණ්ඩලයේ ඉල්ලීම උඩ තවත් කමිටුවක් පත් කළේ. දැන් මේ සම්බන්දයෙන් වගකීම අපේ රජයට තියෙනවා. කොහොමත් රටට අහිතකර කිසිවකට අපි එකඟ වෙන්නේ නැහැ.
එදා ඔබලා විරුද්ධ වෙලා අද සකක්ච්චා කරන්නේ ඇයි ?
තිබුන එකට අපි සම්පුර්ණයෙන් විරුද්ධයි. දැන් බලන්නේ වාසිදායක දෙයක් තියෙනවා නම් එක රටට ගන්න
සිව්ස් තානාපති නිලධාරිනියගේ සිදුවීම නවත්ත ආණ්ඩුව ආන්දෝලනයට තුඩු දුන්නා නේද ?
ඒක රංගනයක්. මේක බොරුවක් කියලා ඔප්පු වෙලා ඉවරයි. බොරු බිල්ලෝ මවලා මිනිස්සුන්ට හිරිහැර කරන්නේ  කියලත් දැන් හෙළි වේවි.ඔය කියන පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රයෝජන ගත්තා දේශපාලන පළි ගැනීම් වලට. එජාපයේ ප්‍රබලයන්ම තමයි ඔය කියන නිලධාරීන් රට යවන්නේ. නීතියට යටත්ව කටයුතු කරන ආණ්ඩුවක් ආවම දැන් ඔය බිල්ලෝ මවපු බොරු කාරයෝ භය වෙලා. තමන්ව අනාවරණය වෙයි කියලා. ඒ නිසා සමහරි රටින් පයිනවා. දැන් කල ඒවා හෙළි වෙයි කියලා බයට ඒවා වහන්න කරන දේවල්. එජාපය දැන් තමන්ගේ අවුරුදු හතරමාර ගැන බයෙන් ඉන්නේ
බදුම්කරේට මොකද වෙන්නේ ?
පාර්ලිමේන්තුවට ලබන 3 වැනිදායින් පසු ඉදරිපත් කරනවා. අපි ඒක ගැන දිගටම කතා කළා සාධාරණයක් ඉටු කරනවා. හොරු අල්ලනවා. ඒ වගකීම අපේ රජය නිතියනුකුලව ගන්නවා.
ඉදිරි මැතිවරණ කටයුතු වලට සුදානම කෙසේද ?
අපි අන්තවාදීන් සමඟ සන්ධාන හදන්නේ නැහැ. රටේ ජනතාව ඇත්ත බොරුව දන්නවා. රට යන වෙනස පැහැදිළිව ජනතාව භුක්ති විදිනවා. ඒ නිසා තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන්න ජනතාව පෙළ ගැහිලා අවසන්.

Concerns raised over attack on media freedom in Sri Lanka

Sri Lankan authorities must thoroughly investigate several recent attacks against journalists, hold those responsible to account, and ensure that journalists can report freely in the country, the Committee to Protect Journalists (CPJ) said today.
On December 6, a group of men beat Thusitha Kumara de Silva, a reporter for the Daily Mirror and LankaDeepa newspapers, and his wife with helmets and sticks near their home in Beruwala, western Sri Lanka, according to news reports. They were both admitted to a local hospital for treatment and later transferred to a general hospital with unspecified injuries, according to those reports.
On December 10, a group of men entered the offices of the Resa newspaper and grabbed Maduka Thaksala Fernando, a journalist at Resa parent company Lake House, by the neck, dragged him outside, and beat him while telling him not to return to the newspaper, according to news reports.
Police arrested five suspects in the de Silva attack on December 11, according to reports by the Daily Mirror and the BBC. Fernando has lodged a complaint with the police, according to news reports.
The attacks, along with a spate of police actions against journalists in Sri Lanka, followed the November 18 inauguration of President Gotabaya Rajapaksa, who has been accused of involvement in the 2009 murder of journalist Lasantha Wickramantunga and of a broad campaign against journalists during his tenure as defense minister, according to CPJ reporting.
On December 12, Rajapaksa addressed the heads of local media institutions in a speech, saying that while there was an opportunity for “reasonable criticism,” he expected every media institution to conduct “favorable media reporting” to uphold the country’s reputation, according to news reports.
“The number of attacks against the media within weeks of President Gotabaya Rajapaksa’s inauguration is extremely alarming,” said Aliya Iftikhar, CPJ’s senior Asia researcher. “Rajapaksa has said the media will not be hindered under his administration, and he must prove that by ensuring that recent attacks against journalists are thoroughly investigated and those responsible are swiftly brought to justice.”
De Silva told the BBC that he had recently been threatened over his reporting on an illegal liquor production company.
Fernando alleged that his attackers belonged to the Sri Lanka Podujana Peramuna trade union, a pro-government union, and attacked him because of his political beliefs, according to news reports.
The chairperson of the union, Chandana Bandara, denied that any union members beat Fernando; he said members went to the Resa office simply to talk to Fernando, who was editing a video that Bandara alleged was critical of Rajapaksa, according to a report by Sri Lankan outlet News First.
In the two weeks following Rajapaksa’s inauguration, police questioned Thinappuyal newspaper director Sakthivelpillai Prakash about his outlet’s coverage of the Liberation Tigers of Tamil Eelam on November 22, and Voice Tube editor Thushara Vitharana about a recent broadcast from the outlet on November 28, according to news reports. On November 26, police questioned The Leader video manager Sanjaya Dhanushka for several hours, according to news reports, which did not specify the motive for the questioning.
Thinappuyal, The Leader, and Voice Tube all supported Sajith Premadasa, Rajapaksa’s opponent, in the November election, according to a report by exiled human rights group Journalists for Democracy in Sri Lanka.
On November 26, police raided the offices of News Hub, a local news website, and searched the outlet’s records for references to Rajapaksa, according to news reports.
CPJ emailed the Sri Lankan Information and Communication Technology Agency for comment, but did not receive any response. (Colombo Gazette)

බැදුම්කර වාර්තා කෝප් කමිටුව දුන්නේ නැත්ද ?

මේ වන විට පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කොට ඇති අතර නව සැසිවාරය ලබන ජනවාරි මාසයේ මුල ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ කරළියට පැමිණි තවත් එක් කරුණක් වන්නේ කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවයි. මෙම වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දෙසැ. 03 වෙනිදා කෝප් කමිටුවක් කැඳවා එහිදී කෝප් සාමාජිකයින්ට ලබාදීමටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් තීරණය කරලා. එසේ තිබියදී පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව රටට හෙළිකළ හැකිව තිබූ ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් තවත් මාස ගණනකට හෝ වසර ගණනකට යටපත් වීම සිදුවූ බව බොහෝ දෙනාගේ මතය වෙලා
කෙසේ වෙතත් සිද්ධිය මෙසේය. පසුගිය ජනාධිපතිවරණ සමයේ නොවැම්බර් 11 දින මහ බැංකු අධිපතිවරයා විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත වෝහාරික වාර්තාවට අදාළ නීතිපතිවරයාගේ නිර්දේශ සහිත ලිපියක් එවා ඇති අතර නොවැම්බර් 27 වැනි දින වෝහාරික විගණනයට අදාළ වාර්තා 05ක් කෝප් කමිටු කාර්යාලයට එවා තිබෙනවා. එම වාර්තා 05 තුළ 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කරුණු ගණනාවක් ඇතුළත් බවත් නීතිපති නිර්දේශය වන්නේ කෝප් කමිටුවේ සාමාජිකයින්ට පමණක් මෙම වාර්තා පරිශීලනය හැකි බවත් අධිකරණ ක‍්‍රියාමාර්ග සඳහා අවශ්‍ය රහස් තොරතුරු එම වාර්තා තුළ අඩංගු බවත් මහ බැංකු අධිපතිවරයාගේ ආවරණ ලිපියේ සඳහන් කොට තිබිලා. මේ හේතුවෙන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් ලේකම්වරයාට උපදෙස් දී තිබුණේ එම වාර්තා සේප්පුවේ බහා තබන ලෙසත් පාර්ලිමේන්තුවේ ඊළඟ සභා වාර දිනය එනම් දෙසැ.03වැනිදා පෙරවරුවේ කෝප් සභාව කැඳවීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස.
එසේ තිබියෙදී දෙවැනිදා වන විට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනය අත්සන් කරන බවට ප‍්‍රවෘත්තියක් පළ විය. මේ අතර කෝප් සභාපතිවරයා කෝප් කමිටුවේ සාමාජිකයින් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න වැනි මන්ත‍්‍රීවරුන්ට කතා කොට සැසිවාරය අවසන් කිරීම පිළිබඳව විමසූ අතර අවම වශයෙන් 03වැනිදා මෙම වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ හැකිද යන්න විමසන ලෙස කියාලා කියලයි සදහන් වන්නේ. කෙසේ වෙතත් දෙසැ.02 දින මධ්‍යම රාත‍්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කෙරුනා .  පසුදින එනම් 03වැනිදා කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති කෝප් ලේකම්වරයා හමුවුනා. ”දැන් මේ වාර්තා අපි කාටවත් විවෘත කරන්න බැහැ. මම හිතුවේ 03වෙනිදා කෝප් කමිටුව කැඳවලා සාමාජිකයින් ඉදිරියේ මේ වාර්තා විවෘත කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවට දාන්න. ඒ නිසා මමවත් විවෘත කළේ නැහැ. ඒ තීරණය ගත යුත්තේ කෝප් කමිටුවේ සාමාජිකයින්. නමුත් දැන් කෝප් කමිටුව අහෝසිවෙලා තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයෙන් පස්සේ පත්වෙන කෝප් කමිටුවෙන් තමයි මේ ගැන ඉදිරි කටයුතු සිදුවෙන්නේ. ඒ වෙනකල් වාර්තා සේප්පුවේ දාලා තියන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති පවසලා.
සමහර මාධ්‍යයත් වාර්තා කළා ඒ වගේම මේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කිව්වා මේ වාර්තා කලින් ලැබිලා ඉදිරිපත් කළේ නැහැ කියලා.” යනුවෙන්  විමසුවාම, ”ඒක පට්ටපල් බොරුවක්. සමහර ඞීල් වහගන්න කියන කතා මේවා. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ බැඳුම්කර වංචාවයි. ඒකේ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ විගණන වාර්තා එළිදැක්වුවා නම් ජනතාවට ඒ ගැන ඇත්ත දැන ගන්න පුළුවන්. දැන් ඉතිං ඒ අවස්ථාව ජනතාවට අහිමි වුණා. ආයේ කෝප් කමිටුවක් පත්වෙලා න්‍යායපත‍්‍ර හදලා මේ ගැන තීරණ ගන්නකොට මහ මැතිවරණයත් ඒවි.” සුනිල් හඳුන්නෙත්ති පැවසුවා

Conservative Party win in UK – Nationalism over liberalism?

Sri Lanka says the win by UK Prime Minister Boris Johnson and the Conservative Party at the UK elections, reflects the global trend of pro-nationalist Governments.
President Gotabaya Rajapaksa congratulated Johnson and the Conservative Party on their landslide win at the General Elections.
“Their victory reflects the global trend of pro-nationalist governments. I wish the new Prime Minister, the Government and the people of United Kingdom the very best,” the President said.
Opposition United National Party (UNP) Parliamentarian Harin Fernando said that the USA UK, India even Sri Lanka have proved its nationalism over liberalism.
“Conservatives have a sweeping victory. Congratulations to my Conservative friends. The message is clear. USA UK India even Sri Lanka have proved its nationalism over liberalism. The cycle continues,” he tweeted

ශ්‍රීලනිපයේ සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පත් කරනු ලැබ තිබෙනවා.
එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී මෙම පත් කිරීම සිදු කෙරුණු බවයි.
ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් තාවකාලිකව ඉවත්වුණා. ඒ, ජනාධිපතිවරණයේදී ස්වාධීනව සිටීමේ අපේක්ෂාවෙන්.

නව ජනපති වැඩ භාර ගනිද්දී ජනපති ලේඛම්, ආරක්ෂක ලේඛම් පත් කිරීම් ද හෙට

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතය. මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට ද නියමිතය..
ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමට සියළු වැඩ සුදානම් කර ඇති බව සදහන් වෙනවා
ඒවගේම මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කරනු ඇති බව පැවසෙනවා.
ඒ අනුව මෙම පත්වීම් හෙට සිදු කෙරෙනු ඇත

මැකෝ සමග පොඩි වෙලාවක්

කාර්යබහුල සමයක මැතිවරණයේදී ජනප්‍රියම චරිතය වන මැකෝ සමග පොඩි වෙලාවක් කතා කරන්න අපිට හැකි වුණා. මැකෝ පවසන්නේ 17 වනදා ප්‍රථිපල ලබා දිය හැකි බවටය. එයත් සමග කාලින සිදු කළ ප්‍රකාශ සටහනකි මේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 
 
ජන්ද සුදනමේ වැඩ කවදා වගේ වෙනකොට ඉවර වෙයිද ?
සියලු දිස්ත්‍රික්කවල වැඩ නොවැම්බර් 13 වෙනදා එනකොට අවසන් කර ගන්න පුළුවන්
ජන්ද පත්‍රිකාවේ ඉදලා ජන්දේ නිකන් දිගයි වගේ ?
වැඩේ දිග පළල ගැන අපි හිතන්නේ නැහැ සමස්ත රජයේ සේවකයන්ම එකතු වෙලා අපිත් එක්ක කැපවීමෙන් අපේ වැඩ ටික කරනවා.
අප්ක්ෂකයෝ වැඩි වුණාම කියවුනේ ඔවුන් සමහරෙක් ප්‍රවර්ධනය කරන්න ආවා කියලා. මේවට විසදුම් නැත්ද ?
ඔව් එහෙම ඉන්නවා. සමහරු වෙනත් අය වෙනුවෙන් , සමහරු පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන්. කොහොම වුනත් පවත්නා නිතිය යටතේ අපිට අපේක්ෂකයෝ අඩු කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ ඇප මුදල් වැඩි කිරීම. මේ ඇප මුදල සාධාරණ නැහැ.
කියක් වගේ වැඩි විය යුතුද ?
ලක්ෂ 25කට වඩා වැඩි විය යුතුයි. ස්වාධින අපේක්ෂකයකුගේ ඇප මුදල තිස්හත් ලක්ෂ පනස් දහසකට වැඩි වෙන්න ඕන.අපි ප්‍රයෝගිකව හිතලා මම හැම වෙලෙමත් මේක කිව්වා. අඩුම ලක්ෂ 5 කටවත් වැඩි කරමු කියලා. එතකොට සවධික අපේක්ෂකයකගේ මුදල හත්ලක්ෂ පනස්දාහක් වෙනවා. ඒත් එහෙමයි කියලත් තරංග කරුවන් අඩු වෙයි කියලා හිතන්න බැහැ. මිලියනයක විතර ඇප මුදලක් නියම වුණානම් අඩු වෙයි.
මෙවර ජනාධිපතිවරණය  සාමකාමී වෙයි ද ?
ඔව් ඒ ගැන සහතික වෙන්න පුළුවන්. පොලිස් ආරක්ෂාව, පොලිස් මොබයිල් සේවාව , අපේ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයින් ක්‍රියාත්මක වනවා. කිසිම විදියකින් නීතිවිරෝධී ක්‍රියාවක් සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
මාධ්‍ය භාවිතාව ගැන ඔබ නිතර කතා කළා ?
මාධ්‍ය උපමාන අපි හැමදාම කියනවා. එත් කඩනවා. රාජ්‍ය මාධ්‍ය සාකච්චා කරලා ඒ අයගේ නොමනා හැසිරීම් වලට අපි දඩුවම් කරනවා. පුද්ගලික මාධ්‍යත් එහෙමයි. මාධ්‍ය උපමාන වලට අනුකුල නොවීම වරදක්. පක්ෂ වලට පක්ෂග්‍රාහී නොවීම වැදගත්. කැඩුවොත් අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවා. ලක්ෂයක් දඩ. අවුරුදු 3ක් හිරේ.
ජනතාවට කියන්න තියෙන්නේ මොකද්ද ?
උදේම ගිහිලා ජන්දේ සාමකාමිව දාන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.
ඔබ ෆේස්බුක් එකට අත තිබ්බා නේද ?
එහෙම කරන්න ඕන නැහැ. බොහෝ ඒවා විකෘති වෙලා පළ වෙන්නේ. මාධ්‍ය තමයි මෙලෙස විකෘති කරන්නේ. අපිව තහනම් කරන්න පාලනය කරන්න අවශ්‍ය නැහැ නමුත් වෛරී ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශන ගැන අපි අවධානයෙන් ඉන්නවා. තමන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කළාට කමක් නැහැ, නීති වලට එකග නොවන ඒවා නවත්තන්න අපි වැඩ පිළිවෙලක් දියත් කළා. අපි ඒවා රිපෝර්ට් කළා. එහෙම දෙයක් ඇරෙන්න අපි ෆේස්බුක් තහනමක් අදහස් කළේ නැහැ.
By AshWaru

උතුරු නැගෙනහිර ජන්දවලින් 99%ක්ම සජිත්ට

උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්‍රජාතාන්ත්‍රවාදී  පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.
ඔහු වැඩි දුරටත් පැවසුවේ මෙවන් අදහසක්,
“ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් අදියරේ මේ වන විට අප ඉන්නවා. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී අපිට පෙනෙන දෙයක් තමයි දවසින් දවස සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා එක් වන ජනතාව විශාල වශයෙන් වැඩි වෙමින් ඉන්නවා.
දකුණේ සිංහල ඡන්ද මේවන විට සියයට පනහ පනහේ තියෙනවා. ඉදිරි දින දෙක තුල මෙය තවත්  සජිත් ගේ පැත්තට වැඩි වෙන්න පුළුවන්. නමුත් උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම සජත් ප්‍රේමදාස මහතාට  ලැබෙනවා.  ඒකේ කිසිම සැකයක් නෑ. උතුරු නැගෙනහිරින් පිටත ජීවත් වන දෙමළ මුස්ලිම් ජනතාවගේ ඡන්දත් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි.