සංහිදියාවට බාධා කරමින් ආගමික අන්තවාදය පතුරුවන ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් වාරණයට!

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ වෙනත් පෞද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය මගින් විසුරුවා හරින බෞද්ධ සහ ඉස්ලාම් අන්තවාදී වැඩසටහන් සම්බන්ධයෙන් දිනපතා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඇතැම් වැඩසටහන් හරහා ඉස්ලාම් ආගම අදහන දරුවන්ට එමඟින් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් උපදෙස් රැසක් ලබා දෙන අතර ඇතැම් බෞද්ධ වැඩසටහන් අවසානයේ බෞද්ධ දර්ශනයට පූර්ණ හානිකර සහ සංහිදියාවට බාධා වන ප්‍රකාශ නිකුත් කරන බවද බලධාරීන්ගේ අවධානයට ලක් වී ඇත.ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට ද ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී අදාළ සංවේදී කරුණු වාර්තා කරන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ද දැනුවත් කෙරෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

ජනපති GMOA සමග කිසිදු සාකච්ඡාවකට එකග නැහැ – රාජිත සේනාරත්න

ජනාධිපතිවරයා, සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නැතැයි සම කැබිට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

වෛද්‍ය සභාව, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සමග මිස වෘත්තිය සමිති සංගමයක් සමග සාකච්ඡා කිරීම ජනාධිපතිවරයා ප්‍රතික්ශේප කළ බවද හෙතෙම කීය.

වෘත්තිය අරමුණු පසෙකලා දේශපාලන කටයුතු වල යෙදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීන්දු තීරණ රටේ සමස්ත වෛද්‍යවරුන්ගේ මතය නොවේ යැයි පැවසූ අමාත්‍යවරයා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරකම් වලට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දැන් දැන් වෛද්‍ය සංගම් නැගී සිටින බවද පෙන්වා දුන්නේය.

එසේම නෙවිල් ප්‍රනාන්දු රෝහල මිස සයිටම් විශ්ව විද්‍යාලය ජනසතු කිරීමක් පිළිබද සදහන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඇති නොවූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතාගේ කාලය දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් මෙතෙක් ගෙන නොමැති හෙයින්  ඉදිරියේදී ඒ පිළිබද දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.

ඊයේ (ජුනි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද නුදුරු දිනෙක ගැසට් කරන බව අමාත්‍යවරයා පැවසීය. නිතර ඇති වන වෛද්‍ය වැඩ වර්ජන නිසා විදේශ වෛද්‍යවරුන්  ගෙන්වීමට යෝජනාවක් ඇතත් තීරණයක් නැතැයි අමාත්‍යවරයා පැවසීය.

ලංගමට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් මහින්දට එරෙහි නඩුව 26ට කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ලබාගත් බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු  රුපියල් මිලියන 142ක මුදලක් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව ලබන 26 වනදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එම නඩුව ගොනුකර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ අනුර ප්‍රියදර්ශන මහතාගේ නම් ඉවත්  කරමින්  පැමිණිල්ල ඉදිරිපත් කර සංශෝධිත පැමිණිල්ලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා සහ සෙසු විත්තිකරුවන් තිදෙනෙකු අධිකරණයට මූලික විරෝධතාවක් ගොනු කර තිබේ.

ඊට විරෝධතා ගොනු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවසන් වරට දින ලබා දෙමින් එම නඩුව ලබන 26 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.

රටට හිතකර කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී – රාජිත

රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිදුකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ හා අග්‍රමාත්‍යවරයාගේ එකඟත්වය ලැබී ඇති බව ඔහු පවසයි.

නව ඖෂධවේදීන් 52කුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට වත්මන් රජය පියවර ගත් බවය.

සෞඛ්‍ය  සේවකයින් සඳහා මෙම වසරේ අතිකාල දීමනා ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 04ක අමතර මුදලක් අවශ්‍යව ඇති අතර මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරනු ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේය.

අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගන්න ඕනෙ නැහැ: විමල් වීරවංශ

ඉකුත් ජනවාරි 10 වනදා සිට සිරගතව සිට අද (07)  අධිකරණයෙන් ඇප ලබා ගත් විමල් වීරවංශ මහතා තමාට අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගැනීමේ උවමනාවක් නොතිබූ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේය.

අද (07) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ දින 87කට පසු මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ මට ඇප ලබා දෙන්න කියලා නීති අංශවලට අගමැතිවරයා උපදෙස් දී ඇත්නම්  එයින් පැහැදිලි වෙන්නේ, මාව දින 87ක් රඳවාගෙන ඇත්තෙත් ඔහුගේ උපදෙස් මත බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට ඉන් ඔහු කර ඇති අවමානය ඉතාමත් බරපතළයි. අද පළව ඇතැයි කියන ප‍්‍රවෘත්තියෙන් පෙනී යන්නේ ‘ බළලා මල්ලෙන් එළියට පැන’ ඇති ආකාරයයි.

ඒ වගේම කියන්න  ඕනි, අපට අගමැතිවරයාගෙන් පමණක් නොවෙයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හෝ හිගා කාලා ඇප ලබා ගන්න කිසිඳු උවමනාවක් නැහැ. අපි මාස තුනක් හිරේ හිටියේ ඒ අයගෙන් හිගා කාලා ඇප ලබා නොගත්ත නිසයි. අධිකරණයෙන් ලැබුණු ඇපවල  ලකුණු දමාගන්න කවුරුහරි බොරු ෂෝ දමනවා නම් ඒක ඉතා පහත් පෙළේ උත්සාහයක්.

ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා අගමැතිතුමාටත්, ජනපතිතුමාටත් කිසිඳු පිළිගතහැකි චෝදනාවකින් තොරව මාව මාස තුනක් හිරේ දාලා මේ රටේ දේශපාලනයේ ඉදිරි පරිච්ජේදය නව ජවයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දීම පිළිබඳව. අපි මතක්කර දෙන්න  ඕනෙ එක කාරණයක්.

‘‘ උඳුන රත් වුණාට පස්සේ තමයි වානේ හොදට පදම් වෙන්නේ. ’’ ‘‘ උඳුන ’’ රත් කරපු ඒ සියලූම  මහත්වරුනට මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවනීතියේ අවනඩුවේදී  අපට සහාය දැක්වූ සියලූම මාධ්‍ය ආයතනවලටත්, අසත්‍ය පුවත් මවමින් අපට මඩ ගසා  අපේ සිතට ධෛර්යයක්ගෙනදුන් ඇතැමුන්ටත් අප ස්තුතිය පළ කරනවා.’’

විමල් වීරවංශ මහතාට ඇප ලබා දී මේදී සුවිශේෂී කරුණු ලෙස වීරවංශ මහතාගේ දියණිය රෝගාතුර වීම මෙවර අපොස සා.පෙ විබාගයට පෙනී සිටීම යන කරුණු අධිකරණය විසින් සළකා බැලිණි.

ජනාධිපති සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත් නැහැ: ඩිලාන් පෙරේරා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත්
නැතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී තමන් ජනාධිපති යැයි අමතක වන බවද මෙවර මැයි දින රැලියේදී ජනාධිපතිවරයාට සියබලතල භාවිත කළ යුතු බවට මතක් කර දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

ඇතැම් විට අග්‍රාමාත්‍යවරයා තමා තවමත් විපක්ෂ නායකවරයා ලෙස සිතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන් තවමත් ජනාධිපති යැයි සිතා කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මීට පෙර සිටි සියලු ජනාධිපතිවරැන් සිය බලතල අභිබවා කටයුතු කිරීම
සම්බන්ධයෙන් චෝදනා පැවතියත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රථම වතාවට සිය බලතල අවම වශයෙන් භාවතකිරීම ඇතැම් අවස්ථාවල ගැටලුවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඊයේ (මාර්තු 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය
සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී

ශී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී පැවැත්විමට වරාය අධිකාරිය අවසර දී ඇතැයි ශී” ලංකා පොදු ජන පෙරමුණ සදහන් කරයි.

දේශපාලන කටයුතු සදහා ගාලු මුවදොර පිටිය ලබා නොදෙන බන වරාය අධීකාරිය මුලින් දැනුම් දී තිබුණත්පසුව කම්කරු දිනය සැමරීම දේශපාලන කටයුත්තක් නොවන නිසා ශී” ලංකා පොදුජන පෙරමුනේ මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය ලබා දෙන බව වරාය අධීකාරියෙන් දන්වා ඇතැයි ‍ශී” ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය ප”කාශක සංජීව එදිරිමාන්න මහතා සදහන් කලේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් රැළිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පවත්වන බවද ඒ මහතා සදහන ්කලේය.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට පනතක්

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඊයේ ( අප්‍රෙල් 3) උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය අමාතයංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව සහ මෙරට විශ්ව විද්‍යාල ප්‍රමිතිගත කිරීම පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත වද අමාත්‍යවරයා පැවසීය.

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ : සරත් වීරසේකර

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙරටට විදෙස් විනිසුරැවන් නොගෙන්වන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දුන්නද රජයේ නියෝජිතයා වශයෙන් එක්සත් ජාතින් ඉදිරියේ පෙනී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කරන්නේ ඊට සපුරා පුතිපක්ෂ දෙයක් යැයි නාවික හමුදා රියර් අලුමිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

ඉකුත්දා පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධානයක මාර්ගයෙන් ඉදිරිපත් වූ ලද අත්දැකීම් පිළිබද සදහන් කරමින්  මාර්තු 30 බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මංගල සමරවීර මහතා ඉකුත් පෙබරවාරි 23 වැනි දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසේන් කුමරැ ශ්‍රී ලංකා හමුදාවට ප්‍රතිපක්ෂව ඉදිරිපත් කර ඇති කරැණු අනුමත කරමින් කතා කළ බවද හෙතෙම කීය. එසේම අමාත්‍යවරයා මේ පිළිබද සලකා බැලීමට වසර දෙකක කාලයක් ඉල්ලා සිටි මුත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරැණු ඉදිරිපත් නොකළ බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ නොකළ බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව පැවතියදී එසේ නොකර සිටින බවද ඒ මහතා සදහන් කළේය.

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තමාට එහිදී කරැණු දැක්වීම සදහා ලැබුණේ විනාඩි එක එමාර බැගින් වූ අවස්ථා දෙකක් බවද දෙමළ ඩයස් පෝරා නියෝජිතයන්ට එවන් අවස්ථා විස්සක් පමණ හිමි වූ බවද හෙතෙම කීය. උසාවියක මෙන් සාක්ෂි සහිතව මෙහිදී කතා කිරීම අනවශ්‍ය බැවින් ඔවුන් හමුදාවට තම අභිමතය පරිදී අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

එබැවින් ලබන වසරේදී මීට වඩා වැඩි කාලයක් ලබා ගැනීමටත් වඩා හොද වාර්තාවක් සකස් කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.

තමාට විශ්ව විද්‍යාල ආචාර් සංගමයේ සමාජිකයන් වැනි විද්වතුන් සකස් කර දුන් වාර්තාවක් එහිදි ඉදිරිපත් කළ බවත් ඒ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට ඇති යුධ අපරාධ චෝදනා සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් සකස් කළ බවත් ඒ මහතා සදහන් කළේය.

මෙම අවස්ථාව සදහා මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරැවන්ද සහභාගී වූහ.

ජීනීවා එකඟතා ජනපතිගේ ස්ථාවරයට යටත් විය යුතුයි – සුසිල් ප්‍රේම්ජයන්ත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ගෙනා 30/1යෝජනාවලියට අදාළව සහ ඊට තවදුරටත් සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇතත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනටමත් ප්‍රකාශ කර ඇති ස්ථාවරයට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

මෙකී යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක කාලයක් ලැබී ඇතත් ඊට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාව එකඟතාව පළකර ඇතත් “ඔය එකඟතාව පළ කළ අය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයට අනුගතව ක්‍රියාත්මක වීමට වගබලාගත යුතුයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය ශ්‍රීලනිපයේ ස්ථාවරයයි”යනුවෙන් මේ ගැන කළ විමසීමක දී ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ‘සත්හඬ’ ට පැවසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියාවේ නිල සංචාරයට සහභාගි වෙමින් සිටි ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් දුරකථන මඟින් අප කළ විමසීමේ දී ප්‍රකාශ කළේ කවරාකාරයක හෝ දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකට එකඟ නොමැති බවට දැනටමත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරන ස්ථාවරය ශ්‍රීලනිපයේ ද ස්ථාවරය බවයි.

“අපි කතා කරන්නේ, විමසන්නේ සංහිඳියාව ගැන පමණයි. සම අනුග්‍රහය දක්වන්නට ජිනීවාහි දී තවදුරටත් එකඟතාව පළ කළ අය ජනාධිපතිවරයාගේ ස්ථාවරයට අනුව ක්‍රියාත්මක වීමට දැනගත යුතුයි.” ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රීලනිපයේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ රජයේ නියෝජිතයන් මෙම යෝජනාවට තවදුරටත් එකඟතාව පළ කළ ද තවත් වසර දෙකකින් පසු ඇති විය හැකි අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවය.

ප්‍රභාත් වීරරත්න

සත්හඬ’