සිරකරු දිනයට සමගාමීව මරණ දඩුවම ලැබූවන් හා පවුල් අතර හමුවක්

සිරකරු දිනය අදයි(12). සිරකරු දිනය නිමිත්තෙන් අද දිනයේ රට පුරා පිහිටි සෑම බන්ධනාගාරයකම රැුදවූවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමේ අවස්ථාව ලබා දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුසාර උපුල්දෙණිය මහතා පැවසීය.
මෙහිදි පිටින් ගෙනෙන ආහාර රැුදවූවන්ට ලබා දීමේ අවස්ථාවද ලබා ද ඇත. සිරකරු දිනයට සමගාමීව පසුගිය දා (10) මරණ දඩුවම ලැබූවන් හා පවුල් අතර හමුවක් ද සෑම බන්ධනාගාරයකම පැවැත්විණි.

දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම අද

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම අද (06) දිනය තුළ බොහෝ දුරට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

අදාළ කොමිසමේ නිල කාලය පසුගිය තුන් වන දිනෙන් අවසන් වු අතර  ඒ සඳහා තවත් මාස 6ක කාලයක් ලබාදෙන ලෙස කොමිසම විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේ කොමිසමේ නිල කාලය අවසන් වුව ද තවමත් එම කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

පසුගිය රජය සමයේ සිදුවු වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබීය.

එම කොමිසමට පැමිණිලි 2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් බරපතළ ගණයේ පැමිණි විමර්ශනය සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් විමර්ශන කටයුතු අවසන් කර පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු වාර්තා ජනාධිපිතවරයා වෙත බාර දී ඇති බව එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කරයි.

තවත් පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු විමර්ශන අවසන් කර ඇති අතර එම විමර්ශනවල වාර්තා මේ වන විට  සකස් කරමින් සිටින බව බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

ඊට අමතරව තවත් පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරමින් පවතියි.

එම පැමිණිලි විභාග කිරීමට සහ විමර්ශනය කරන ලද පැමිණිලිවල වාර්තා සකස් කර අවසන් කිරීම සඳහා තවත් මාස 6ක කාලයක් සඳහා කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අද දිනය තුළ බොහෝ දුරට අනුමැතිය හිමිවනු ඇති බව වාර්තා වෙයි.

ගීතා කුමාරසිංහ රෝහල්ගත කරයි

ප්‍රවීන රංගන ශිල්පිනී පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
නිවසේ ගෑස් ටැංකියක කාන්දුවක් හේතුවෙන් ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
ගීතා කුමාරසිංහ  මන්ත්‍රීවරිය මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

බත්තරමුල්ලේ‍ ඉදිවන ‘අමරදේව අසපුව

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එතුමන්ගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා ‘අමරදේව අසපුව’ ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම අසපුව ස්ථාපනය කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රය තුළ පිහිටි පර්චස් 100ක ඉඩම් කොටසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මට එල්ල කරන චෝදනා අසත්‍යයි

නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් බවට ඇඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීමේ චෝදනාවට තමන් නිවැරදිකරු බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
2009 වසරේ සිදුකළ බව කියන මෙම වරදට අදාළව රංගේ බණ්ඩාර මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අතර එහිදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ නඩුව සමතයකට පත් කිරීමට පැමිණිලිකරුවන් සූදානම් බවයි.
ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඇතැයි ද විත්තියේ නීතිඥවරයා පවසා සිටියේය.
එම අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විත්තිකරුවන්ගෙන් එවැනි නියෝජනයක් ලැබී ඇති බවයි.
එහෙත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙහිදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පවසා සිටියේ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බැවින් තමන් අදාළ නඩුව විභාග කිරීමට තීරණය කරන බවයි.
ඒ අනුව අදාළ නඩු විභාගය ලබන 25 වන දින දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ කරන ලදී.

කළුතර කාර්මික වෙළෙඳ කලාපයක් ඉදිකිරීමේ සැලසුමක්

කළුතර, මිල්ලනිය ප්‍රදේශයේ කාර්මික වෙළෙඳ කලාපයක් ඉදිකිරීම සඳහා  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ තායිලන්ත සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක සහ තායිලන්ත රොජානා සමාගමේ සභාපති ඩිරෙක් විනිච්බුටර් යන මහත්වරුන් අද පෙරවරුවේ එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණි.

2018 වසරේ දෙසැම්බර් මාසයේ මෙම කාර්මික වෙළෙඳ කලාපයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර රැකියා දස දහසක් ඒ තුළින් නිර්මාණය වන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර තරුණ තරුණියන් සඳහා ද එමඟින් රැකියා ලබාදීමට අපේක්ෂිත බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

පරිසර තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් අක්කර 400ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු  අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ උපදෙස් මත ආයෝජන මණ්ඩලය මඟින් පහසුකම් සපයන බව රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා සඳහන් කළේය.

රවීන්ද්‍ර විජේගුණරත්න වයිස් අද්මිරාල් ධූරයට

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ජනපතිවරයා විසින් පත් කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  අඟහරුවාදා (22) දිනයේ එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.

මේ වන විට නාවික හමුදාපතිධූරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 22වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල්  සින්නයියා මහතා එදින සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයට පත් වන දෙවන නාවික හමුදාපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි.

මීට පෙර අද්මිරාල් දයා සඳගිරි මහතා 2005 වසරේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයේ කටයුතු කරනු ලැබීය.

නල්ලූර් කෝවිලේ තේර් පූජාව අද

යාපනය – නල්ලූර් කෝවිලේ අවසන් තේර් පූජාව අද (20) දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වෙයි.

මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ පහකට වැඩි පිරිසක් පූජාවන් වෙනුවෙන් සහභාගී වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.

විදේශගත දමිළ ජනතාව විශාල පිරිසක් මෙවර නල්ලූර් මංගල්‍ය වෙනුවෙන් පැමිණීමද විශේෂත්වයකි.

දින 25ක කාලයක් පැවති මංගල්‍ය පූජා කටයුතු හෙට පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතය.

සිය පවුලේ දේපළ රාජසන්තක කර ඇති බව බොරුවක් – මහින්ද රාජපක්ෂ

රාජපක්ෂවරුන්ට අදාල නඩු ඇසීමට විශේෂ උසාවියක් පිහිටුවීමට කර ඇති යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීමේ මූලධර්මය හා නිර්දෝශීභවේ පූර්ව නිගමනය යන මූලධර්මයන්ට පටහැනි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
යමපාලන ආණ්ඩුවේ මහාපරිමාන වංචා හා දූෂණ අනපේක්ෂිත හා විචිත‍්‍රවත් ලෙස හෙළිවෙද්දී සිය පවුලෙ සාමාජිකයින් සී. අයි. ඞී, යට හා හා මුල්‍ය අපරාධ කොට්ඨායට ගෙන්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින  බව එ් මහතා පවසයි.
 
සිය පවුලේ සාමාජිකයින්ට අයත් කෝටි 500ට අධික වටිනාකමක් ඇති දේපොල උසාවි හෝ ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බවට ආණ්ඩුව කරනා ප‍්‍රකාශයද අමූලික බොරුවක් බව එ් මහතා නිවේදනයේ සඳහන් කර ඇත.
 
සිය පවුලේ කිසිදු දේපොලක් රජය විසින් හෝ උසාවියක් විසින් රාජසන්තක කර නැති අතර වෙනත් පුද්ගලයින්ට අයිති දේපොල සිය පවුලේ දේපොල ලෙස හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද එ් මහතා පවසයි. 
 
මීට පෙර පැවැති කිසිදු ආණ්ඩුවක් යමපාලන ආණ්ඩුව මෙන් සිය දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙලෙස හිරිහැර කර නැති බවද එ් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු විසදීමට තොරතුරු මධ්‍යස්ථානයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටළු විසඳීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ එම තොරතුරු මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරිය පවසයි.
තමන් විදේශගත වන රැකියා නියෝජිත ආයතනය සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු මධ්‍යස්ථානය මඟින් තොරතුරු ලබා ගත හැකි බව ද තලතා අතුකෝරල අමාත්‍යවරිය සඳහන් කරයි.
මේ අතර ගමින් ගමට ගොස් විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ගැටළු සොයාබැලීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යල ආවරණය වන පරිදි පැවැත්වීමටද විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
එම වැඩසටහන් ලබන 19,20, 21, 27 හා 28 යන දිනවලදී පැවැත්වෙන බව වාර්තා වෙයි.