ලංකාවට තුන පහ අවන් හලක්!

ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සුන්දර වෝටර්ස් ඒජ් හෝටලය දේශීය සාම්ප‍්‍රදායික ආහාර සංස්කෘතිය හා දේශීය දේ නව ලොවට ගෙන යන අටවැනි ආපනශාලාව ලෙස තුනපහ ශ‍්‍රී ලංකන් අවහන්හල 08 වන දින දෙස් විදෙස් ජනතාවට නවමු අත්දැකීමක් සමග විවෘත වේ.

මෙම තුනපහ ශ‍්‍රී ලංකන් අවහන්ල විවෘත කිරීම ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2017 මාර්තු 08 වන දින පෙ.ව. 7.00 ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ‍්‍රයේදී සිදු කිරීමට නියමිතය.

ඒකාකාරි නාගරික රටාවෙන් මිදී මදකට හෝ ග‍්‍රාමීය පරිසරයක ඔබ රැුගෙන යන,දේශීය කෑම වේලක රස සුවඳ විඳ ගනිමින් තම මනස සන්තර්පනය කර ගැනීමට පාරිභෝගිකයාට මෙහිදී පහසුකම් සලසා ඇත.

තවත් අලූත් අත්දැකීමක් එකතු කරමින් අවන්හලට පැමිණෙන ඔබට දේශීය ආහාර ලබා ගන්නේ නම් එම ප‍්‍රනීත රස ගුණ පිරි ආහාර පොදු බුෆේ වෙතින් ලබාගත යුතු නැත. සෑම පාරිභෝගිකයෙකුගේම කෑම මේසය මත බුෆේ ක‍්‍රමයට ආහාර සූදානම් කොට තිබීම විශේෂත්වයකි. අනෙක් සුවිශේෂී කරුණ නම් මෙම අවන්හලෙන් ඔබට ලබාදෙන දේශීය අහාර, පළතුරුවල ගුණාත්මක බව, නිෂ්පාදනය කළ ප‍්‍රදේශය ආදී සියලූ විස්තර පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කිරීමයි.

දේශීය ආහාර සම්ප‍්‍රදාය පමණක්ම නොව අපගේ දේශීය කලා ශිල්පීන්ගේ අත්කම් භාණ්ඩ, දේශීයව නිෂ්පාදනය කළ රෙදිපිළි, විසිතුරු භාණ්ඩ රැගත් සම්ප‍්‍රදායික සල්පිලක් ද මෙහි ස්ථාපිත කොට ඇත. සම්ප‍්‍රදායික ගැමි බව ආරක්‍ෂා කොට ගනිමින් විදේශීය සංචාරකයන්ගේද ආකර්ෂණය දිනා ගනිමින් දේශීය ආහාර සංස්කෘතිය ගමේ නොවේ යැයි බැහැර නොකර, දේශීය දේවල් අපේ ජනතාව වෙත ද ළගා කරමින් උරුමය සොයා යාම වෙනුවෙන් ගන්නා වූ උත්සාහයකි. 

“ පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි“ නමින් නව දේශපාලන පක්ෂයක්

පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් “ පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි“ නමින්  නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ.

මේ බව ත්‍රිකුණාමලය – සම්පූර් ප්‍රදේශයේදී 03 වන දා  මාධ්‍ය හමුවක් කැඳවමින් පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සවිස්තරව සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ පසුගිය 28දා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ තම පක්ෂය ලියාපදිංචි කළ බවයි.

මෙම පක්ෂය ඔස්සේ උතුරු – නැගෙනහිර පළාත් සීමාවකින් තොරව තම ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

නීති විරෝධී මූණු ආලේපන ජාවාරමක සුලමුල වැල්ලම් පිටියෙන් එළි වෙයි

නීති විරෝධී ලෙස තොග වශයෙන්  මෙරටට ගෙන්වා විවිධ වෙළද නාම යටතේ නීති විරෝධීව මුහුණු ආලේපන අලෙවි කරන ලද ව්‍යාපාරික ස්ථානයක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා  සදහන් කළේය.

ඒ අනුව අදාළ ස්ථානය වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස මුද්‍රා තබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් බවත් බැරල් වශයෙන් මෙරටට ගෙන්වන මුහුණු ආලේපන ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට ඔවුන් විසින් පුරවා වෙළෙඳ පොළෙට බෙදාහැරීමේ ජාවාරමක් කළක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

මේ පිළිබඳ පසුගිය දා ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේ දී මෙම ආලේපන තොගය සහ නීති විරෝධී අසුරණ සොයාගෙන ඇතැයි එම අධිකාරිය සදහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබූ බවත්  ඒ අනුව එහි වටිනාකම රුපියල් ලක්ෂ 157කට අධික බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ස්ථානය වැටලීමෙන් පසු මුද්‍රා තබා ඇති අතර මෙලස තොග වශයෙන් භාණ්ඩ ගෙන්වා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ නැවත අසුරුම් කර විකිණීම පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සදහන් කළේය.

‘ඉරුදින’ පුවත්පතේ මාධ්‍යවේදීන් හය දෙනකුට ආයතනයට ඇතුල් වීම තහනම්

ඉරුදින පුවත්පතේ ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න මහතා අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සහ ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් සාකච්ජාවක් ලබා දෙන තුරු රාජකාරි නොකරන බව ලිඛිත ව දන්වමින් පුවත්පතේ කර්තෘ මණ්ඩලය මගින් ඊයේ (01) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලදි. ඉන්පසු සුපුරුදු පරිදි අද (02) උදෑසන ඉහත ලිපිනයේ පිහිටි ලීඩර් හෝල්ඩින්ස් සමාගමට සේවය සඳහා පැමිණි කසුන් පුස්සෙවෙල, ශාලික විමලසේන, දිල්හාන් විමල්ක, ජනක විජේගුණතිලක, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ බණ්ඩාර වැවගෙදර යන කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට ආයතනයට ඇතුල් වීම අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තහනම් කර ඇති බව ආරක්ෂක අංශය විසින් දැනුම් දෙන ලදි. ආයතන පාලනාධිකාරියේ මේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයට එරෙහිව අදාළ කර්තෘ මණ්ඩල සාමාජිකයන් විසින් ගල්කිස්ස පොලීසියට, කම්කරු දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

‘ඉරුදින’ සේවක එකමුතුව

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමට කලාපයේ ජලාශ වල පාවෙන විදුලි බලාගාර

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මහවැලි කලාපයේ ජලාශ වල පාවෙන විදුලි බලාගාර ඇති කිරීම සදහා තරගකාරී යෝජනා කැදවීමට   අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එහි පළමු ව්‍යාපෘතිය වශයෙන් මාදුරු ඔය ජලාශයෙන් සියයට 4ක වපසරියක් එනම් අක්කර 500ක භූමි ප්‍රමාණයක් යොදාගෙන මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් බලාගාරයක් ඉදිකිරීමට නියමිතය.

මේ සදහා යෝජනා කැදවීමට මහවැලි හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපටිය මහතා මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ඉදිරිපත් කළ  ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

විදුලි හොරු වටලා ලැබූ ලාභය මිලියන 130ත් පන්නයි

නීති විරෝධීව විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ෂණ ඒකකය දීප ව්‍යාප්තව සිදු කරන ලද වැටලීම් වලදී පුද්ගලයන් 2617 අත්අඩංගුවට ගෙන මිලියන  එකසිය තිහකට (132.047.949.41 ) අධික ලාභයක් ලබා ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

මින් මිලියන 117කට  (117,843,449.41) අධික ප්‍රමාණයක් ලංකා විදුලි බල මණ්ඩලයේ අලාභය ලෙසත් මිලියන 14කට (14,204,500.00)අධික ප්‍රමාණයක් උසාවි දඩ වශයෙනුත් අය කර තිබේ.

2016 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2105 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 512 ක්ද අනාවරණයවී ඇති බව අමාත්‍යංශය පෙන්වා දේ.

එසේම වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112 422259ට දැනුම්දෙන්නැයි මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවාද ඒ සඳහා විවෘත බවද මෙම කර්තව්‍ය ජාතික සත්කාරයක් ලෙස සලකන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි..

සුදු නිල ඇඳුම් හොඳ නෑ.. පාසැල් සිසුන්ට පළාත් අනුව පාට පාට නිල ඇඳුම්.. ගුරුවරියන්ටත් සාරි වෙනුවට වෙනත් ඇඳුම් – අධ්‍යාපන ඇමති

එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – මලියදේව විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයට ඇදුම් සකස් විය යුතු බවයි.

පාසල් සිසු සිසුවියන් සිය සුදු පැහැති නිල ඇඳුම් කිලිටි නොකර සිටීම සඳහා බොහෝ වෙහෙසක් ගන්නා ආකාරය තමා නිරන්තරයෙන් දැක ඇති බවයි ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ. පාසල් සිසු සිසුවියන් මෙතරම් අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබිය යුතු නැති බව ඔහුගේ අදහසයි.

ඇතැම් ගුරුවරියන් දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී පවා ඉතා අපහසුතාවයෙන් සාරිවලින් සැරසී පාසලට එන බවද පැවසූ අමාත්‍යවරයා ගුරුවරියන්ට විධිමත් සුදුසු ඇඳුමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ද  වැඩිදුරටත් පවසා ඇත.

The Mystery Couple that Occupied the Official Residence of the SL Consul General in Los Angeles

A mystery keeps deepening about the family that lived in the official residence of the Sri Lankan Consul General in Los Angeles from August 2013 to July 2015.  According to Sri Lankans living in Los Angeles, the family may have very close links to a powerful personality in the Mahinda Rajapaksa regime.

This began with a routine audit conducted at the Sri Lankan Los Angeles Consulate along with few other Sri Lankan missions around the world by the auditors at the Ministry of Foreign Affairs. During the audit it was reveled some financial misappropriation during the period of 2013 to 2015.

The  residence of the Sri Lankan Consul General – 1905 Alpha Road in Glendale, in the Los Angeles county in California featured prominently in the audit that prompted a FCID investigation. This spacious luxurious home was rented for $8200 per month by then Consul General Dr. Hector Weerasinghe in February 2013.  In July 30th 2013, Dr. Weerasinghe’s term ended and he vacated the residence. Mr. Malraj De Silva was appointed as the new Consul General but he never occupied the official residence.  Mysteriously this official residence had occupants who enjoyed all the luxuries and privileges accorded to the Los Angeles Sri Lankan Consul General.  Furthermore, the cost that Sri Lankan tax payers had to bear from August 2013 to June 2015 was $174300/.   This was confirmed by Ms. Swarna Gunaratne, Consul General in Los Angeles when contacted by Boston Lanka.  In addition to this amount no one knows what happened to the security deposit of $10,000/ which would normally get back if the home was given in good condition.

OLYMPUS DIGITAL CAMERA

However, it is not just the rent and utilities but the audit report claims that two official drivers have worked almost exclusively for this mysterious family for almost two years. They have not reported to the Sri Lankan Consulate in Los Angeles, yet the attaché Mahes Kumar had authorized their salaries throughout this period.

According to the logs maintained by the drivers they had driven to Pomona College in Claremont California, daily. Although there are many speculations about the reasons why they drove daily from Glendale to Claremont it is evident that these trips have nothing to do with official consulate matters.

OLYMPUS DIGITAL CAMERA

As recently, the FCID has begun investigation on this financial misappropriation and various other financial irregularities that had happened during last few years at the Sri Lankan Consulate in Los Angeles.

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 09 ලක්ෂයක් පීඩාවට

දිවයිනටම බලපා ඇති වියළි කාලගුණයක් හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 09 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. මේ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවි සංරක්ෂණ මණ්ඩලය සදහන් කළේ වියළි කාලගුණය හේතුවෙන් විනාශ වූ සෙසු කෘෂි බෝග වගාවන් හි නිරත වන ගොවීන්ටද වන්දි ලබා දීමට රජය සැලසුම් කර ඇති බවයි.

අධික වියළි කාලගුණයක් පවතින ත්‍රීකුණාමලය කළුතර ගම්පහ හම්බන්තොට මොණරාගල අනුරාධපුර යාපනය මුලතිව් කිලිනොච්චි වව්නියාව රත්නපුරය කෑගල්ල කුරුණෑගල පුත්තලම මහනුවර මාතලේ යන දිස්ත්‍රික්ක 16හි ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස 103ක පුද්ගලයින්

899,235 දෙනෙක් ආපදාවට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

වියලි කාලගුණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කොකුන්නෑව විලච්චිය තන්තිරිමලේ වැනි ප්‍රෙද්ශ  රැසක වගා හානි සිදුව ඇත.

බන්ධනාගාර බස් රියක් තුලදි ඝාතනය වූ සැකකරුවන්ට නිසි ‍පොලිස් ආරක්ෂාව ලැබුනේ නම් මෙවැන්ක් වෙන්නෙ නෑ:අමාත්‍ය එස්. ස්වාමිනාදන්

පාතාල කල්ලි සාමාජික සමයන් ඇතුළු පිරිසක් බන්ධනාගාර බස්රියක් තුල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට බන්ධනාගාර අමාත්‍ය එස්. ස්වාමිනාදන් මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
හිටපු මහේස්ත්‍රාත් රූමි මර්ෂූක් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ හජ්ටපු නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී නවරත්න මහතා සහ අරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ‍ලේකම් එස්. මැදගම මහතායි.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කමිටු වාර්තාව හැකි ඉක්මනින් අමැතිවරයා වෙත ලබා දෙන ලෙසද ඇමැතිවරයා කමිටුවට දැනුම් දී ඇතැයි අමාත්‍යංශය පවසයි.
බන්ධනාගාර බස් රියක් තුලදි ඝාතනය වූ සමයන් ඇතුළු සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කිරිම සඳහා නිසි පරිදි ‍පොලිස් ආරක්ෂාව ලැබුනේ නම් මෙවැන්ක් නොවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

බරපතල ඝනයේ අපරාධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල ඊට පෙර දිනයේ අදාල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ළගම ඇති ‍පොලිස් ස්ථානයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින හෙයින් පෙරේදා කළුතර බන්ධනාගාර නිලාරීන්ධ කළ්තර ‍පොලීසියෙන් මෙම සැකකරුවන් අධිකරණයට ගෙන යාමට ආරක්ෂාව ඉල්ලා ඇතත් කාර්ය මණඩලය හජ්ගවීම හේතුවෙන් ආරක්ෂාව දිය නොහැකි බව කළුතර ‍පොලිසිය බන්ධනාගාර නිලධාරින්ට දන්වා ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එම නිසා බන්ධනාගාර නිලධරීන් තවත් බස්රියක් සැකකරුවන්ගේ ආරක්ෂාවට යොදවා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන යමින් සිටි අවස්ථාවේ සැලසුම්කර මෙම ඝාතනය සිදු කර ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

සිද්ධියෙන් මිය ගජ්ය බන්ධනාගාර නිලධාරීන්ට වන්දි සහ හමිවිය යුතු වරප්‍රසාද හැකි ඉක්මනින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

එසේම භයේ සවස අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ජාතික රෝහලට යවා මේ වන විට රෝහල්ගත කර සිටින සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සැපදුක් සොයා බැලීමට බන්ධනාගාර අමාත්‍යවරයා පියවර ගෙන ඇත.