අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව තවමත් පියවරක් ගෙන නැහැ:ඇමරිකාවෙන් චෝදනාවක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව රජය මෙතෙක්‌ පියවර ගෙන නැතැයි ඇමරිකානු රජය ඊයේ (8 දා) සිය වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත.පසුගිය ඔක්‌තෝබර් මස රජයේ පාර්ලිමේන්තු කමිටුවක්‌ විසින් මහේන්ද්‍රන් අයථා ලෙස ක්‍රියාකර ඇති බවට නිගමනය කර තිබූ බවද එම වාර්තාවේ දක්‌වා තිබේ.

රජයේ දූෂණ ක්‍රියා පිළිබඳව වාර්තා රැසක්‌ ඇති අතර රජයේ විවිධ අංශවල නිලධාරීන් දූෂණ ක්‍රියාවල යෙදෙන බවද ඇමරිකානු වාර්තාවේ සඳහන් කර ඇත.

දඹුල්ල රෝහලේ සිදු වූ බලහත්කාර පවුල් සැලසුම් අද සිට අත්හිටවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් නියෝගයක්

දඹුල්ල රෝහලේ ක්‍රියාත්මකවූ දරු ප්‍රසූතියෙන් පසු පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලූපය පැළඳවීම අද  දින සිට තාවකාලිකව අත්හිටුවන බවත්, අනෙකුත් අත්‍යවශ්‍ය  පවුල් සැලසුම් ක්‍රම රෝගියාගේ කැමැත්ත ලිඛිතව ලබාගෙන වෛද්‍ය අධිකාරිවරයා වෙත යොමු කොට අනුමැතිය ලබාගෙන පමණක් සිදු කිරීමට තීරණය කළ බවත් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය චාල්ස් නුගවෙල මහතා පවසා තිබේ.

අද (08) උදෑසන දඹුල්ල ප්‍රදේශයයේ විහාරස්ථාවල වැඩසිටින භික්ෂුන් වහන්සේලා, අලුත්ගම උපනන්ද හිමියන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිත කණ්ඩායමක්  දඹුල්ල රෝහලට පැමිණ වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූහ.

එහිදී සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්  දොස්තර ජයසුන්දර බණ්ඩාර මහතාගේ වාචික නියෝග මත ඉහත තීරණයට එළඹි බව වෛද්‍ය අධිකාරිවරයා ලිඛිතව පැමිණි පිරිසටද දැනුම් දුන්නේය .

තවද දැනට සිදුකරන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමටත්, පසුගිය කාලයේ දඹුල්ල රෝහලේ දරු උපත් සිදුකොට පවුල් සැලසුම් ක්‍රියාවට ලක්වූ මව් වරුන්ගේ නිවෙස් වලට ගොස් ඒවා බලහත්කාරයෙන් කළේද යන්න ලිඛිතව විස්තර ලබාගැනීමට තීරණය කර එම කටයුතු සිදුවෙමින් පවතින බව සඳහන්ය.

දින කීපයක සිට දඹුල්ල මුලික රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව් වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවි කරන බවටත්, උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවටත් චෝදනා කරමින් ඉකුත් 5 වෙනිදින මව්වරුන් හා පියවරුන් විසින්  බලධාරීන්ට පැමිණිලි කළහ.

දින ගණනාවක් තිස්සේ ටිකට් කපා ඇති තම බිරින්දෑවරුන් හා දරුවන් නිවෙස් වලට රැගෙන යාමට නොහැකි නිසා වාට්ටුවට ගොස් පියවරුන් දොස්තර වරුන්ට දොස් නඟන්නටද  විය.

ඇතැම් මව් වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව ට පැමිණිලි කර  ඇති අතර උපකරණය පැළදීමට අකමැතිව විරෝධය පළකළ  පියවරුන්ට බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිඳ වාට්ටුවෙන් එළියට කැටුව ඒමට නැවත රෝහල තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශ යොදා බාධා කරන  බවද වාර්තා වී තිබිණි.

අර්ජුන් මහේන්ද්‍රන් කළ නියෝගයක් ගැන ආන්දෝලනාත්මක සාක්ෂියක්

බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ.

මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බව සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත.

මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක රාජකාරී කළ තමා මෙම බැඳුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරූවීමක් ලබා පැමිණි බවත් මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවත් ඇය පවසා තිබේ.

සියලු පුරවැසියන් වයස අවුරුදු 13දක්වා අධ්‍යාපනය ලැබිය යුතු බවට පනතක් ළගදීම

සියලු පුරවැසියන් සදහා අවුරුදු 13දක්වා අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට ඉදිරියේදී පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සදහන් කළේය.

සැමට අධ්‍යාපනය ලබා දීම මෙහි අරමුණ බවද අඩු අධ්‍යාපන තත්ත්වය නිසා විශාල පිරිසක් අඩු වැටුප් ලබන රැකියා වල නිරත වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉන් පසුව හැකියාවට අනුව උසස් අධයාපනය ලබා ගත හැකි යැයිද රාජ්‍ය වියදමින් සියලු පුරවැසියන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම සංවර්ධිත රටකට වුවත් අපහසු කාරණයක් යැයිද අමාත්‍යවරයා සදහන් කළේය.

ඊයේ (මාර්තු 8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම රජයේ වියදමින් සැමට උසස් අධ්‍යාපන අවස්ථා විවර කර දීම අපහසු තත්ත්වයක පැවතියදී ඒ සදහා යම් පෞද්ගලික ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් ඒ සදහා සහයෝගය දීම රජයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවද ඒ මහතා පැවසීය.

පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්

මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක්ම පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු කියා සිටියේ ගෙවී ගිය දශක 50 තුළ ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කේෂ්ත්‍රයේ ලැබූ එකම තීරණාත්මක ජයග්‍රහණය පලාත් පාලනයේ 25% ක කාන්තා නියෝජනය බවයි.

“යුරෝපයේ බොහෝ රටවල් කාන්තාවන්ට ඡන්ද අයිතිය ගැන කථා කරන්නටත් පෙර, 1931 දී ලංකාවේ කාන්තාවට සර්වජන ඡන්ද බලය හිමිවුණා.  ඉන් වසර තිහකට පසුව ලෝකයේ පළමු අගමැතිනිය බිහි කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණා. නමුත් අද ලංකාවේ මහජන නියෝජිතයින් අතුරින් 5% ක් වත් කාන්තාවන් නොවේ. 2016 වසරේ ජගත් කාන්තා දිනයට සැමරුවේ 25% කාන්තා නියෝජනය ඉදිරියට දමමින්. අද 25% ත් නෑ. ඡන්දත් නෑ.  ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයත් නෑ” යැයි ද ඔහු සඳහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ දී කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනා කෙටුම්පත් අවස්ථාවේ තිබිය දී පුළුල්  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නම් පුරුෂ මුලික ප්‍රතිපත්ති තීරකයින් විසින් කාන්තා මහජන නියෝජනය ඉහළ නැංවීමේ බලාපොරොත්තුව අඩපණ කළ බවද කියා සිටියි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර 5 වන ස්ථානයේ හිමිව ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට වන අතර 2006 සිට 2016 වසර 10 පුරා ලෝකයේ ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය නරක ලෙසම බිදවැටුණු රාජ්‍යය ශ්‍රී ලංකාව ලෙස නම් ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විමලෙගෙ උපන්දිනේ!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය මාර්තු (07)වැනිදාට යෙදී තිබුණි.

පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර  අදට දින 56කි.
ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පක්ෂ සාමාජිකයින් බෝධි පූජා පින්කම් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් රට පුරා සංවිධානය කර තිබු බවද වාර්තා වේ.

බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක් කරන වෛද්‍යවරුන්ට දැඩි දඩුවම් ලබා දෙන්න

ගරු ජනාධිපතිතුමා

ජනාධිපති මන්දිරය,

කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක් කරන වෛද්‍යවරුන්ට දැඩි දඩුවම් ලබා දෙන්න

අද දින (06)  විද්‍යුත් මාධ්‍යයන්හි වාර්තා වූ අන්දමට දඹුල්ල මූලික රෝහලේ ගැබිණි වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගන්නා ගැබිණි මාතාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව උපත් පාලන ක්‍රමයන් අනුගමනය කිරීමට බලහත්කාරකම් කරන බවට  සදහන් ප්‍රවෘත්ති පළ විය. මෙය අහඹු සිද්ධියක් ලෙස අප නොදකින අතර මීට පෙර ද මෙවැනි සිදුවීම් වාර්තා වූ අයුරු අපගේ මතකයේ පවතී. වරෙක මුස්ලිම් ජාතිකයෙකු ව්‍යංජන රසවත් කිරීම සදහා භාවිතා කරන තුනපහ සදහා සතකුප්පා මිශ්‍ර කර විකුණු සිද්ධියක් ද, යුධ සමයේ දී ආබාධිත සෙබළුන්ට ප්‍රතිකාර කිරීමේදී අනවශ්‍ය ලෙස පාද ඉවත් කළ සිද්ධියක් පිළිබදව ද, කාසල් රෝහල ඇතුළු විවිධ රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල දරුවන් ලැබීමෙන් පසුව සිදුවන වන්ද්‍යාකරණයන් ගැන අපට නිරන්තර අසන්නට ලැබුණි.

උක්ත අවාසනාවන්ත සිද්ධින්ට මුහුණ පාන්නට සිදු වී ඇත්තේ සිංහල ජනතාවට වීම අතිශය කණගාටුදායක ය. රටේ මහජාතිය වශයෙන් සලකන සිංහල ජාතිය ජන හා සංඛ්‍යා ලේඛනවලට අනුව සීඝ්‍රයෙන් පහල බැසීමට උක්ත සිදුවීම් බලනොපෑවේ යැයි කාහට නම් කිව හැකි ද? 1960 දශකයේ පුංචි පවුල රත්තරං යැයි කියමින් ගෙන ගිය රාජ්‍ය ප්‍රචාරණය රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා ප්‍රවේගකාරීව සමාජගත කරමින් සිංහල ජන සංයුතිය වෙනස් කරන්නට කටයුතු කළ අන්දම ඔබතුමන් මෙන්ම අපද පිළිගන්නා කොමිෂන් සභා මගින් ද තහවුරු කරන ලද සිදුවීමකි.

මෙම ක්‍රියාදාමය තුළ සැගවී සිට කටයුතු කරන බලවේග ලෙස රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ආගම් කල්ලිවල නම් කියැවෙන්නේ නිරන්තරයෙනි. කොහොම නමුත් අද වන විට බරපතල අගාධයකට සිංහල ජාතිය ලක්ව ඇති බව නොරහසකි. සිංහල ජනතාවට ලොව ඇති එකම රට තුළත් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයකට පත්වීම දරාගත නොහැකි ඛේදනීය ඉරණමකි. මේ දුර්භාග්‍යයේ යටි අරමුණ වී ඇත්තේ මහජාතිය වන සිංහල ජාතිය විනාශ කිරීම ම පමණකි. පැවැති යුධමය වාතාවරණයෙන් වැඩි ම පිරිසක් මරණයට පත්වූයේ සිංහල උදවිය යි. දැන් පන්සලක පැවිදි වීමට තරම්වත් කෙනෙකු පවුලකින් සොයා ගැනීමට නොහැකි බරපතල තත්වයක් උදා වී ඇත.

එබැවින් ගරු ජනාධිපතිතුමනි,

මෙරට ඓතිහාසික ශිෂ්ටාචාරය නිර්මාණය කළ වසර දෙදහස් ගණනක් සම්බුදු සසුන රැකි සිංහල ජාතිය වදවීමට දී බලා සිටීමට ඔබතුමන්ට නොහැකිය.  එම නිසා මේ සෝචනීය තත්වය මනාව තේරුම් ගෙන සිංහල ජාතිය රැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉහත සදහන් පරිදි ජාතිය වද කිරීමේ කුමන්ත්‍රණයේ නියුතු කිසියම් හෝ පුද්ගලයෙක් වේනම් දැඩි දඩුවම් ලබා දී නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

සසුන්ලැදි,

ඕමල්පේ සෝභිත ස්ථවීර

ප්‍රධාන අනුශාසක

 

පිටපත් – ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා

VISAKHIANS WHITEWASH FIRST EVER ANNUAL CRICKETING ENCOUNTER

Visakha Vidyalaya emerged the victors of the cricketing encounter organized along with Musaeus College, which concluded at Thurstan Grounds, Colombo this evening.

The Visakhians who batted first showed off their batting prowess by scoring a total of 224 for the loss of no wickets within 20 overs while the Musaeite team was dismissed for 99 runs despite a valiant fight. This is the first annual cricketing encounter of its kind to have been organized by two girls’ schools in Sri Lanka.

Both Visakha Vidyalaya & Musaeus College have been trendsetters in all aspects since their inception; so it comes as no surprise that they have achieved yet another milestone by establishing this encounter. Undoubtedly this will be the first of many exciting cricketing encounters to follow in years to come.

සයිටම් ගැයළුවට යෝජනා 4ක්!

සයිටම් ආයතන වහා අහෝසි කර රජයට පවරා ගත යුතු යැයි  ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා පැවසීය.

අද (මාර් 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් යෝජනා හතරක් තම සංගමය රජයට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මාලඹේ සයිටම් ආයතනයේ පුද්ගලික හිමිකාරීත්වය අහිමි කර රජයට පවරා ගත යුතු බවත් එසේ නැතහොත් රාජ්‍ය පුද්ගලික හවුල් කාරීත්වයක් යටතේ රජයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි වන ලෙසටත් පවත්වා ගත යුතුය යන්න සිය සංගමයේ පළමු යෝජනාව බවත්  ඒ මහතා පැවසීය.

දැනට ආයතනය මගින් ලබාදෙන වසරක සීමාවාසික පුහුණුව වසර දෙක දක්වා ඉහළ දැමිය යුතුය යන්න තම දෙවන යෝජනාව යැයි හෙතෙම කීය. එසේම වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වීම සදහා ඊ.ආර්.පී.එම් විභාගයට පෙනී සිටිය යුතු බවත්, දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම සදහා කමිටුවක් පත් කර කමිටුවේ නිර්දේශ අනුව සිසුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බවටත් ඒ මහතා සංගමය වෙනුවෙන් යෝජනා කළේය.

ඊට අමතරව සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීමට විධිමත් ගුණාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයිද සයිටම් විරෝධය ඉතිහාසයේ පැවති භීෂණයන් මෙන් උග්‍ර තත්ත්වයකට පත්වීමට නොදී වළක්වා ගත යුතු යැයිද ලේකම්වරයා අවධාරණය කළේය.

එසේම වෛද්‍ය වෘත්තිය මේ බව විට ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධතාවයද ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය සම්බන්ධයෙන් සිය සංගමය ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය නිර්දේශ සහිත ලිපියක් ජනාධිපතිවරයාට යොමු කළ බවද ලේකම්වරයා සදහන් කළේය.

ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්

ඉරාන පාර්ලිමේන්තුවේ  විශේෂ ආරාධනයෙන් එහි ගිය කථානායක කරු ජයසූරිය මහතා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන  රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉරාන කථානායක  අලි ලරිජානි (Ali Larijani ) මහතා  හමු වූ අවස්ථාව

17176204_1125880304200818_1771398419_o

මෙහිදී දෙරටෙහි අන්තර් පාර්ලිමේන්තු සබදතා ප්‍රවර්ධනය සහ ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුනු රැසක් පිලිබදව සාකච්ඡා කෙරිනි.

එම  අවස්ථාව  සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක  මහතා ද එක්විය.