චීනයේ වෙසෙන ශ්‍රී ලාංකීය රජ කුමරියක් මහින්ද බලන්න ඇවිත්

කෝට්ටේ රාජධානියේ vi වන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එන චීන Fujian ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය කුමරිය වන Xu Shi Yin e කුමරිය ත් ඇයගේ දූත පිරිස හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නිළ නිවසේදී සිදුවිය

උතුර නැගෙනහිර පළාත් වල මහ ඇමතිවරුන් ජාතිවාදය පැතිරවීම වෙනුවට මත්පැන් අලෙවි සැල් ව්‍යාප්ත කිරීමට එරෙහි විය යුතුය: අතුරලියේ රතන හිමි

උතුරැ නැගෙනහිර පළාත් වල මහඇමතිවරුන් ජාතිවාදය  පැතිරවීම වෙනුවට ඒ පළාත් වල මත්පැන් අලෙවි සැල් ව්‍යාප්ත කිරීමට එරෙහි විය යුතු යැයි පාර්ලිමේන්තතු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවසූහ.

අද (මාර්තු21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

රජය නැගෙනහිර පළාතේ ස්ප්‍රිතු නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම සදහා යම් සමාගමකට බදු සහන ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් උන්වහන්සේ මේ බව පැවසූහ.

තමා නැගෙනහිර පළාතේ නව නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ඒ සම්බන්ධයන් විමසා බලන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.

තිරසර ලංකා ජාතික මංගල්‍යය එළඹෙන මාර්තු 31 වනදා සිට

වස විස නැති රටක් තුන් අවුරුදු සැළැස්මට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා ජාතික මංගල්‍යය එළඹෙන මාර්තු 31 වනදා සිට අප්‍රෙල් 01,02,03 සහ 04 යන දිනයන්හීදි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරවරු 9 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතය.

පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජය නොවන සංවිධාන, සමූපකාර සමිති, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සිසුන්, ගොවිජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පුද්ගලයන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

එසේම මෙම පස්දින වැඩසටහන තුළදී විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර ඇත.

ඊට අමතරව මෙහිදී වස විස නැති ගොවිතැන දිරිමත් කිරීමේ අරමුණින් වස විස නැති ගොවිතැනේ අස්වැන්න සහන මිලට පාර්භෝගික ජනතාවට අලෙවි කිරීමේ පොලක් පැවැත්වෙන බව සෙමා ආයතනයේ සභාපති අශෝක අභේගුණවර්ධන මහතා සදහන් කළේය. එසේම වස විස නැති ගොවිතැනට අත හිත දීම සදහා කෘෂිකාර්මික උපකරණ සහ බෝග ප්‍රදර්ශනයක් මෙන්ම අලෙවිසැල්ද මෙහිදී විවෘත වන බව ඒ මහතා සදහන් කළේය.

ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

මෙවර ප්‍රදර්ශනය කුටි 500ක් සදහා පමණක් සැළසුම් කළත් කුටි 750කට අධික සංඛ්‍යාවක් පැවැත්වීම සදහා මේ වන විට ඉල්ලිම් ඉදිරිපත්ව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

නිර්මාණවලට නිසි ඇගයීමක් ලබා දීමත්, වස විස නැති භෝග වගාව මෙන්ම දේශිය ආහාර සංස්කෘතිය ජනතාවට සමීප කිරීම හා දැනුම අධ්‍යාපනය ලබාදීම මෙම වැඩසටහවන් අරමුණ යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙන්ම ජනාධිපති ලේකම් පී.බි අබේකෝන් මහතාද සහභාගී වූහ.

හම්බන්තොට කලාපයට තවත් විදෙස් ආයෝජකයන් 2500ක් ගෙන්වීමට සැළසුමක්

හම්බන්තොට කලාපයට තවත් විදෙස් ආයෝජකයන් 2500ක් ගෙන්වීමට සැළසුම් කර ඇතැයි ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කළේය.

මේ වන විට ලෝකයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන සිටින්නේ චීනය හා ඉන්දියාව බැවින් එම රටවල ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් දීමෙන් මෙරට වෙළදපොල එම රටවල් සදහා විවෘත වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම නව ආයෝජන වලදී විදුලි උපකරණ වැනි නවීන තාක්ෂණික උපකරණ වලට මුල් තැනක් දීමට ලබාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම වසර 3ත් 5ත් අතර කාලයක් තුළදී හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් බිලියන 6ක් ආයෝජනය කිරීමට චීනය බලාපොරාත්තු වන බව දක්ෂිණ සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවේ මෙරට චීන තානාපතිවරයා සදහන් කළ බවද අමාත්‍යවරයා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් වත්මන් රජය සියයට 7ක් වැනි ගිනි පොලියට ණය ගන්නේ නැතැයිද  ජනතාව පිළිබදව සිතා කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම වත්මන් රජය ව්‍යාපෘති බහුතරයක් ක්‍රියාත්මක කරනුයේ ජනතාවගේ මුදල් වලින් නොව විදේශ ආයෝජන වලින් යැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

දෙමළ ජනතාවට ස්වයං තීරණ ගැනීමට ආණ්ඩුව අවස්ථාව ලබාදිය යුතුයි

ජිනීවා යෝජනාවන් ක‍්‍රියාත්මක කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට දෙමළ ජනතාව වෙනුවෙන් ස්වයං තීරණ ගැනීමට ආණ්ඩුව අවස්ථාවක් ලබාදිය යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කරගෙන තිබෙනවා.
ජීනිවා යෝජනාවලිය මෙරට තුළ ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ විශේෂ විවාදයක් අද උතුරු පළාත් සභා සංකීර්ණයේ දී පැවති බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේ.
එහිදි මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ.
මෙම යෝජනාව සදහා උතුරු පළාත් සභාව නියෝජනය කරන සිංහල මන්ත‍්‍රීවරු දෙදෙනෙකු හා උතුරු පළාත් සභා විපක්ෂ නායක එස්. තවරාසා මහතා විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් පළාත් සභාවේ බලය පවතින දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරු සියලු දෙනා අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළ බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අද දෙරණ සමග සදහන් කළේ ය.

ගීතාට මන්ත්රී ධූරයකට අවසර නැහැ: නීතිපති

 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 91 වන ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව නීතිපතිවරයා විසින් අද (14) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ හිමි පුරවැසිභාවය  මේ දක්වා අවලංගුකර ඇති බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නොමැති බැවින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

ඉකුත් මහමැතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මසුරසේන යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ ලබන මැයි 5 වන දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ අනුව  ලබන අප්‍රේල් 05 වන දිනට පෙර දෙපාර්ශවයේ කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන යොමුකරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට හා වගඋත්තරකාර පාර්ශවයට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිවලට අයහපත් බලපෑමක් සිදුව ඇත්තේ නියෝජ්‍ය අධිපති නිසා: රවී කරුණානායක

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිවලට අයහපත් බලපෑමක් සිදුව අති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (12) අරලියගහ මන්දිරයේ පැවති, ග්‍රීන් බ්ලඩ් සංවිධානය මඟින් සංවිධානය කල ආර්ථික හා ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ විශේෂ සාකච්ඡා මණ්ඩපයට සහභාගී වෙමිනි.
මෙම සාකච්ඡා සභාවේ දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යය ඉරාන් වික්‍රමරත්න මහතා ද අදහස් දැක්වූ අතර ඊට ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ විශාල පිරිසක් සහ වෘර්තීයවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
 සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලැබුවේ ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ සතිර සරත්චන්ද්‍ර සහ විමුක්ති දුෂාන්ත යන මහත්වරුන් විසිණි.

බන්ධනාගාර රැදිවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතාවක්

බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරිමටත් වැලිකඩ සමූහ ඝාතනයේ මිනිමරුවන් අත් අඩංගුවට ගැනීමටත් රජයට බලකිරීමේ අදහස ඇතිව සුරැකිමේ කමිටුව සහ රැදවූවන්ගේ ඥාතින්ගේ සහභාගීත්වයෙන් ඊයේ 14 වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දි විරෝධතවයක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය කි”යාත්මක කර වැලිකඩ සමූහ ඝාතනය හේතුවෙන් මරණයට පතුවූ අයගේ පවුල්වලට සාධාරණත්වය ඉටුකිරීම වෙනුවට එම සිද්ධියෙන් මියගිය 16 දෙනෙකුට පමණක් වන්දි මුදල් ප”ධානය කර තමන්ගේ විරුදධවාදීන් හීලෑ කිරිම යහපාලනය නොවන බවද විරෝධතාකරුවන් සදහන් කළහ.

බන්ධනාගාරගතවුවන් වෙනුවෙන් නිවෙස්වලින් රැගෙන එන ආහාර පරික්ෂා කිරීමේ කටයුතු ප”මිතියකට අනුව සිදු නොකෙරෙන බවද ඥාතීන් පවසති.

බන්ධනාගාරය ඉදිරිපිට මෙම විරෝධතාවය පවතින අවස්ථාවේ ඊට සහයෝගය දිමක් වශයෙන් බන්ධනාගාර රැදවූවන් 250ට අධික පිරිසක් ආහාර වර්ජනය කළ බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන ්කලේය.

මේ වනවිට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ සිටින්නන්ගේ සිර දඩුවම වසර 20ට සීමා කරන ලෙසද මෙහදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

බන්ධනාගාර ආඥා පනත‍ේ 40 වන වගන්තියේ ප”ථිපාදන අනුව සිව්මස සමාලෝචනය කි”යාත්මක කළ යුතු වුවත් මෙම සමාලෝචන කි”යාවලිය නිසිපරිදි කි”යාත්මක නොවන හෙයින් දිර්ඝ කාලීන සිර දඩුවම් විදින රැදවියන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් මෙම විරෝධතාව

සංවිධානය කළ බන්ධනාගාර රැදවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට නම් 6ක් !

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පසුගිය මාර්තු 1 වන දින විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩු වී තිබෙන එම ධුරය වෙනුවෙන් මේජර් ජෙනරාල්වරු 6 දෙනකුගේ නම් යෝජනා වී ඇත. මේ වන විට එම නම් 06 ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කොට ඇති අතර සුදුසු අය පත් කිරීම ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇත.

සාමාන්‍යයෙන් මෙම තනතුර සඳහා හමුදාපතිවරයා විසින් යුද හමුදාවේ සිටින වඩා සුදුසුම නිලධාරියකු නම් කර යැවීම සම්ප්‍රදාය වූවත් මෙවර 6 දෙනකුගේ නාම යෝජනා  ලබා දීම හමුදාව තුළ වන බලපොරය පෙන්වන්නක් බව ආරක්ෂක අංශ විචාරකයෝ පෙන්වා දෙති. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සාමාන්‍යයෙන් සැලකෙන්නේ මීළඟ හමුදාපති ධුරයට පත් වීමට ඉහළම සුදුසුකම් සැපිරීමක් ලෙසය. ඒ අනුව චන්න ගුණතිලක මහතාව නම් කරනු ලැබුවේ ද වත්මන් හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසිනි. එහෙත් ගුණතිලක මහතාට වයස අවුරුදු 55 සම්පූර්ණ වීම පසුගිය මාර්තු 01 වන දින සිදු වීම නිසා ඔහුට විශ්‍රාම ගැනීමට සිදු විය.

ඒ කෙසේ නමුත් මේ වන විට නම් කර තිබෙන මේජර් ජෙනරාල්වරු 6 දෙනා අතර වන බොනිපස් පෙරේරා මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී විශ්‍රාම ගැනීමටත් උපුල් විතානගේ මේ වසරේ ජුනි මාසයේදීත්, සුදන්ත රණසිංහ ලබන වසරේ ජනවාරි මාසයේදීත්, මහේෂ් සේනානායක මේ වසරේ අගෝස්තු මාසයේදීත්, ජනක වල්ගම මේ වසරේ මැයි මාසයේදීත්, උදය පෙරේරා ලබන අප්‍රේල් මාසයේදීත් වයස 55 සපුරා විශ්‍රාම ගැනීමට නියමිතය.

මේ අතර හමුදා ආරංචි මාර්ග පවසන්නේ මෙම මේජර් ජෙනරාල්වරු අතරින් තිදෙනකුට වංචා දූෂණ හා කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවය. ඇතැමකු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ චෝදනා විමර්ශනය කිරීම ද මේ වන විට සිදු වෙමින් තිබේ.

එසේම මෙම නිලධාරීන් අතුරෙන් දෙදෙනකු යුද්ධය හේතුවෙන් විශේෂ බඳවා ගැනීමේ ක්‍රමවේදයක් වන Short Service Commission ක්‍රමයට බඳවා ගත් අය නිසා ඔවුන්ට හමුදාපති තනතුර සඳහා සුදුසුකම් නොමැත. එසේම මෙම නිලධාරීන් දෙදෙනාවම ඊට අදාළ විභාගවල දී කිහිප වතාවක් අසමත් වී ඇති බව ද වාර්තා වේ.

මෙම ක්‍රමයට හමුදාවට ඇතුළත් වන අයට මෙරට දී මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීම්  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දී ලබා දී ඇති නමුත් බොහෝ රාජ්‍යයන්වල දෙවන ලුතිනන් තනතුරෙන් ඉහළ පත්වීම ලබා නොදේ.  හමුදාපතිවරයකු ලෙස පත්වීම ලබන්න කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට එක් වී නියමිත ලෙස ඉහළ තනතුරුවලට පත්වීම සිදු විය යුතුය. එසේම මේජර් ජෙනරාල් තනතුර ලබා ගැනීමේ දී දක්වා ඇති ජ්‍යෙෂ්ඨත්වය ද මෙහි දී සලකා බැලේ.

ඒ අනුව මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2009 ජූලි මාසයේ දී මේජර් ජෙනරාල් තනතුරට පත්ව ඇති ජ්‍යෙෂ්ඨතමයා වන අතර අනෙක් මේජර් ජෙනරාල්වරු ඊට වසර එකහමාරකට පසුව එම තනතුරුවලට පත්ව ඇත.

රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශ ධූරයට නීතිඥ කපිල වෛද්‍යරත්න

රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ  වත්මන් ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.

මෙම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ද යෝජනා වී තිබූ නමුත් මේ වන විට වෛද්‍යරත්න මහතා වඩා සුදුසු අය ලෙස තෝරාගෙන ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජුනි මස විශ්‍රාම ගැනීමට නියමිතය.

හෙට්ටිආරච්චි මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම මෙයට හේතු වශයෙන් සඳහන් වේ.