රුපියල් 5000 නෝට්ට්ටුව අවලංගු කරන්න අවශ්‍ය නැහැ

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් යුත් රුපියල්
5000 නෝට්ට්ටුව අවලංගු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි වත්මන් මහබැංගු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සදහන් කළේය.

මීට පෙර අවස්ථාවලදීද මහබැංකු අධිපතිවරයා වශයෙන් විදෙස් පුරවැසිභාවය සහිත පුද්ගලයන් කිහිප දෙනෙක්ම කටයුතු කර ඇති බැවින් එවන් අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි ඒ මහතා සදහන් කළේය.

එසේම මහබැංකු අධිපතිවරයා පත්කරනු ලබනුයේ ජනාධිපතිවරයා වන බැවින් අදාළ රුපියල් පන්දහසේ නෝට්ටුවට හිටපු මහබැංකු අධිපතිවරයා අත්සන් තැබීම නීතයානුකූල වනු ඇතැයි තමා සිතන බවද හෙතෙම අවධාරණය කළේය.

අද ( අප්‍රේල් 09) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය
හමුවකදී රුපියල් 5000 නෝට්ටු අවලංගු කරන බවට පැතිර යන කටකතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරුදෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය.

බැසිල්ට සිතාසි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි චෝදනා සම්බන්ධ සාක්ෂි විභාගය නොවැම්බර් මස 08 වනදා සිට සිදු කිරීමට තීරණය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ එදිනට අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසයි.

චෝදනා 07ක් යටතේ නීතිපතිවරයා විසින් අදාළ පැමිණිල්ල ගොණු කර තිබුණි.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ද චූදිතයින් අතර වෙයි.

GMOA වැඩ වර්ජනය නිසා සිදුවන අපහසුතා වළක්වන්න- ජනපතිට ලිපියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 100කට අධික
ප්‍රමාණයක් හෙට දිනය පුරා දියත් කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු අංශ බිදවැටීමෙන් සිදුවන අපහසුතා වැළැක්වීමට කටයුතු කිරීම රජයේ වගකීම වන බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වර්ජනයට සහභාගී වන සංගම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

සයිටම් ආයතනය ජනසතු නොකිරීම, රජය යෝජනා කර ඇති විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව සහ එට්කා වැනි අන්තර්ජාතික ගිවිසුම් වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 100කට අධික ප්‍රමාණයක් හෙට දිනය පුරා  දීප ව්‍යාප්තව වැඩවර්ජනයක යෙදීමට නියමිතය.

මෙම වැඩ වර්ජනයෙන් සාධනීය විසදුම් නොලැබේ නම් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ
වර්ජනයක් දක්වා වෘත්තිය සමිති ක්‍රියා මාර්ග වලට යාමට වැඩ වර්ජනයට සහභාගී වන සියලු පාර්ෂවයන්ගේ එකගතාවය හිමිව තිබෙන බවද ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපියේ සදහන් වේ.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පූර්ණ ලෙස ජන සතු කිරීම, රජය යෝජනා කර ඇති විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව හකුලාගැනීම සහ රාජ්‍ය සේවය දියාරු කිරීම සහ  රාජ්‍ය සේවය පෞද්ගලීකරණය අහෝසි කිරීම යන යෝජනා මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය දියත් කෙරේ. එසේම එට්කා වැනි ජාත්‍යන්තර වෙළද ගිවිසුම් හේතුවෙන් මෙරට රැකියා වෙළදපල අනතුරේ හෙලා ජාතික සම්පත් විකුණාදැමීම නැවැත්වීම යන යෝජනා මෙම සංගම් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා වේ.

ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපියේ පිටිපත් අග්‍රමාත්‍යවරයා, ජනාධිපති
ලේකම්, සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතද යොමු
කිරීමට පියවර ගෙන ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවර ෙයක්

යාපනය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතා  අද (01) පෙරවරුවේ එම විශ්වවිද්‍යාලයේ 08 වන උපකුලපතිවරයා වශයෙන් වැඩභාරෙගන අැත.
යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය ලෙස කටයුතු කළ වසන්ති අර්සරත්නම් මහත්මිය විශ්‍රාම ගැන්විමෙන් පසු එම පුරප්පාඩුව සඳහා මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතා පත් කර තිබේ.
මීට පෙර රත්නම් විග්නේෂ්වරන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරනු ලැබීය.

සිරිකොතට ෙවඩි තැබූ ෙකාස්තාපල් අත්අඩංගුවට

සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. වැඩිදුර අාරංචි මාර්ග සදහන් කරන්ෙන් ඔහු මානසික අාබාධයකින් ෙපෙළන අෙයක් බවටද මත පළ ෙකෙරන බවයි.

ශ්‍රී ලංකාවට GSP!

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්ව තිබේ.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බවයි.

අදාළ යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් ලැබී තිබේ.

නියෝජිතයින් විසි දෙදෙනෙකු අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“පාවෙන ආපන ශාලාවක්“

සයුර නෞකාව  “පාවෙන ආපන ශාලාවක්“ ලෙස නම් කර දියත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව සයුර නෞකාව පාවෙන ආපන ශාලාවක් ලෙස වැඩි දියුණු කර මහජනතාවට විනෝද වීම සඳහා අවස්ථාවන් සලසාදීමට කටයුතු කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

උපන්දින සාද විවාහ සැමරුම් මෙන්ම ආයතනවල විනෝද සංචාර ආදිය සඳහා මෙම නෞකාව ලබාගත හැකි බව සඳහන්ය.

එමෙන්ම පොදු ජනතාවට ඉතා පහසු මිලකට මෙම නෞකාව වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දෙන බව නෞකාව පාවෙන ආපන ශාලාවක් වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

අනුර සේනානායක නැවතත් රක්ෂිත බන්ධනාගාර

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මැයි මස 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(27) කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තාජුඩීන් ඝාතනය වු සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ දෛනික සටහන් පොතේ පිටු ගලවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඒ යටතේ එම ආරක්ෂක අංශයේ සාමාජිකයන් 25දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවත් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් බව වාර්තා ෙව්.

ඊට අමතරව පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සිද්ධියට අදාළව ඩී.එන්.ඒ.පරීක්ෂනවලට භාජනය කළ දැනට ජින්ටෙක් ආයතනයේ තිබෙන අස්ථි කොටස් අධිකරණය භාරයේ නඩු භාණ්ඩ වශයෙන් රඳවා තැබීමට අවසර දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කර ඇති බව සඳහන්ය.

අදාළ ඉල්ලීම පිළිගත් අධිකරණය එම අස්ථි කොටස්  අධිකරණය භාරයේ රඳවා තැබීමට නියෝග කළ බව වාර්තා වී අැත.

ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ පොලිස් බැටන් පොලු ප්‍රහාර හා කදුලු ගෑස් ප්‍රහාර වලින් : මුසම්මිල්

වත්මන් ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ පොලිස් බැටන් පොලු ප්‍රහාර හා කදුලු
ගෑස් ප්‍රහාර මගින් යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය.

ඊයේ (අප්‍රේල්25) ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය
හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනතාව සමග එක්වී සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසදනවා වෙනුවට ජනතාව බිය වැද්දීමෙන් ප්‍රශ්න විසදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි හෙතෙම චෝදනා කලේය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිදුවීම නිරාකරණය කිරීම සම්බන්ධයෙන්ද
වත්මන් රජයට නිශ්චිත වැඩපිළිවෙලක් නැති බවත් මේ වන විට එය සාලාව අවි
ගබඩාව පිපිරුම් සිද්ධියේ දෙවන කොටස බවට පත්ව ඇතැයි ඒ මහතා පෙන්වා
දුන්නේය.

අමාත්‍යවරුන් සදහා බෙන්ස් රථ ගෙන්වීමට මිලියන ගණනක් වෙන් කරන ආණ්ඩුව මීතොටමුල්ල සිදුවීමේ ජීවිතක්ෂයට පත් වූ ජනතාවගේ ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂයකට සීමා කර ඇතැයිද මෙම වාහන ගෙන්වීම නැවැත්වූවා නම් එම පුද්ගලයන් සදහා රුපියල් ලක්ෂ 50ක පමණ වන්දියක් ලබා දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අම්ම මුත්ත කාලෙවත් අහපු නැති පුදුමාකාර සිප ගැනීමක්

සිප ගැනීම කියන්නෙ හරිම සුන්දර දෙයක්. ඒත් අම්ම මුත්ත කාලෙවත් අහපු නැති පුදුමාකාර සිප ගැනීමක්  ගැන තමයි මේ කියන්න යන්නෙ.

අමෙරිකාවේ වාසය  කරන  30 හැවිරිදි දිලිනි ජයසූරිය පසුගිය දවස් වල මෝටර් රථයක් දිනා ගත්තා. ඒ ලොතරැයියක් හූරලානම් නෙවෙයි, පැය 50 ක් පුරා කාර් එකක් කිස් කරලා.

ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ පදිංචි ඇය ශ්‍රී ලාංකීය දියණියක්. ලොව ප්‍රකට මෝටර් රථ සමාගමක් මගින් පැවැත්වූ තරගයකට සහභාගීවීමෙනුයි ඇය මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ. මේ අපූරු තරගය හරහා ඇය ලාංකීය නාමයට කීර්තියක් එක් කරපු හැටිත් අපූරුයි.

එරට රසායනාගාරයක සේවය කරන දිලිනි ජයග්‍රහණයෙන් පසුව අදහස් පළ කරමින් කිව්වෙ ඇයත් සැමියාත් එකම වාහනය බෙදාගෙන පාවිච්චි කරපු නිසා තවත් වාහනයක අවශ්‍යතාව ඇයට තදින්ම තිබුණා කියලා.

96.7 KISS FM radio මගින් පවත්වපු මේ තරගයට අනුව වැඩිම වේලාවක් එම නවීන මෝටර් රථය සිප ගන්නා පුද්ගලයාට එය ත්‍යාගයක් වශයෙන් ලබා දීමට නියමිතව තිබූණා. එහි මුල් වටය සදහා තරගකරුවන් විසි දෙනකු ඉදිරිපත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.