රන්මිණිතැන්නට පාලක මණ්ඩලයක්

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ කටයුතු සදහා පාලක මණ්ඩලයක් පත්කර ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනමැතිය හිමිව තිබේ.

එහි කටයුතු නිර්මාණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කිරීම සදහා මෙන්ම ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස මෙම පාලක මණ්ඩලය පත්කීරීමට නියමිතය.

ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා අදාළ ආයතන වල නියෝජිතයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත් කිරීම සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කරයි

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කර ඇතැයි ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව විභාගය  සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන් 2,37943කගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන් 77,284 කගේ ප්‍රවේශ පත්‍ර  ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත්  තැපැල් කර ඇත.

මෙවර අ.පො.ස. (උ.පෙ) විභාගය  ලබන අගෝස්තු මස 08 වන දින සිට සැප්තැම්බර් මස 02 දිින දක්වා පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,230 ක් මෙම විභාගය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

නියමිත දිනය පුවේශපත් නොලද පෞද්ගලික අයදුම්කරුවන් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවින්තාන්සියේ පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට  තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවින්තාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැක.

ප්‍රවේශ පත්‍රයන්හි විෂය සංශෝධන , භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍යය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද 2017.07.20 දිනට පෙර  පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කිරීමෙන්  අදාල සංශෝධන සිදු කර ගත හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් යම් විමසිමක් වෙතොත් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208/ 0112784537/ 0113140314යන දුරකතන අංක අමතා හෝ ෆැක්ස් අංක 0112784422 මගින් නැතිනම් ක්ෂණික ඇමතුම් අංක 1911 මගින් තොරතුරු විමසිය හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

රහසිගතව වීදි සුනඛයින් මරා දැමීමේ ඛේදවාචකය යළිත් හිස ඔසවයි

මොරටුව සරසවියේ අයාලේ යන සුනඛයන් සදහා නිර්වින්දන ඹෟෂධ එන්නත් කිරීමෙන් පසුව එම සුනඛයින් මිය යාම සම්බන්ධය නීතිමය පියවර ගන්නා බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

මෙම සුනඛයින් නිර්වින්දනය කිරීම සදහා තහනම් ඖෂධවර්ගයක් යොදාගෙන ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු පෙන්වාදෙයි.

මේ පිළිබද අදහස් දක්වමින්  මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය ආනන්ද ජයවර්ධන පැවසුවේ විශ්ව විද්‍යාලය තුළ සුනඛයන් අධික බැවින් අධ්‍යාපනය සදහා සුදුසු ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට සුනඛයින් එලවා දැමීමටත් එළවා දැමිය නොහැකි සුනඛයින්  සදහා වද එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ වෙත දැනුම් දුන් බවයි.

එහිදී එම එන්නත් විෂ වීමෙන් සුනඛයින් දෙදෙනෙක් පමණක් මිය ගොස් ඇතැයි වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් හෙතෙම මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

 කෙසේ වෙතත් මේ බව අනාවරණය වූ වහාම එම සුනඛයින්ට හිංසාකාරී වන ලෙස කටයුතු නොකරන මෙන් තමා උපදෙස් දුන් බවද ඒ මහතා වැඩිදරටත් පැවසීය

දූෂණ ලේකම් කාර්යාලයේ කාලය අවසන් වීමක් මිස අහෝසි කිරීමක් සිදු වන්නේ නැහැ – රාජිත

දූෂණ ලේකම් කාර්යාලයේ කාලය අවසන් වීමක් මිස  අහෝසි කිරීමක් සිදු වන්නේ නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසීය.

මෙම කාර්යාලය  වසරක කාලයක් සදහා පමණක් ආරම්භ කළ බවත් පසුව තවත් කැබිනට් පත්‍රිකාවක් මගින් මාස 6ක කාලයකට  දීර්ඝ  කල බවත් හෙතෙම කීය.

එලෙස දිගු කල කාලයද කාලය ජුලි 31න් අවසන් වන බැවින් එහි කටයුතු නැවැත්වීමට සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේදී (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එසේම මෙම කාර්යාලය පිහිටවන ලද්දේ  මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට අවශ්‍ය මූලික ලිපි ගොණු සකස් කිරිමට මිස දූෂණ සෙවීමට නොවන බවද  දූෂණ සෙවීමට මේ වන විටත් ආයතය 14 ක් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම ආයතනය පිහිටුවන ලද්දේ මහා පරිමාණ දූෂණ සෙවීමට මිස සිල්ලර චංචා සෙවීමට නොවන බවත් මේ වන විට එම ආයකනයට යොදවන ලද මුදල් ප්‍රමාණය හා එයින් ඉටු  කරන ලද කාර්යයන් පිළිබද ගැටලුවක් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

කැලිකසළ බැහැර කිරීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි -ශ්‍රේෂ්ඨාධිකරනයට යොමු කළ පෙත්සම් විභාගය කල් ය

කැලිකසළ බැහැර කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලීම කල්දමා තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමෙන් ජනාධිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහනගර සභාව ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති බව වාර්තා වේ.

කැලිකසළ බැහැර කිරීම පිළිබඳව විධිමත්, විද්‍යාත්මක ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමින් ගැටළු රාශියක් පැනනැඟී ඇති බවත්, මීතොටමුල්ල ඛේදවාචකය එයින් එකක් පමණක් බවත්, රට පුරා එවැනි ගැටළු දකින්නට ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබේ.

මේ හේතුව නිසා කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබේ.

මෙහිදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයින් පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාළව කරුණු අධ්‍යයනය කිරීමකින් තොරව යමක් ප්‍රකාශ කළ නොහැකි බව හා ඒ හේතුවෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම අගෝස්තු 09 වන දින යළි කැඳවීමටත්, එදිනට පෙත්සම සලකා බැලීමටත් තීරණය කළ බව වාර්තා වේ.

තැපැල් වර්ජනය අඛණ්ඩව ඉදිරියට – තැපැල් වෘත්තිය සමිති පෙරමුණ

නුවරඑළිය, මහනුවර හා ගාල්ල හා කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිලිවලින් තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධතාවය පලකිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් සේවකයන් දියත් කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු බොස්ටන් ලංකා අප කළ විමසීමකට පිළිතුරු වශයෙන් පැවසීය.

මේ වන විට සිය ගැටලු සදහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ෂවයක් ඉදිරිපත්ව නැති බවද හෙතෙම අවධාරණය කළේය.

වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා තැපැල් කාර්යාල 653ක් හා උපතැපැල් කාර්යාල 3410ක් අඩපණව ඇති බවද වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු සදහන් කළේය.

එසේම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරැවේ පමණක් ලිපි ලක්ෂයක් පමණ ගොඩගැසී ඇති බවද හෙතෙම පැවසීය.

ඊශ‍්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන් සතුයි

ඊශ‍්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ආරක්ෂා කිරීමේ වගකීම එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සතුව පවතින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

ඊශ‍්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය සේවා කාලසීමාව ඉක්මවීමෙන් පසු නීති විරෝධීව එරට රැදී සිටීම හේතුවෙන් ඊශ‍්‍රායලයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් අහිමිවීමේ තර්ජනයක් ඇති බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින්  සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළේය.

ඊශ‍්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රමිකයින් 38 දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත් පිරිනැමීමේ අවස්ථාවකට සහභාගී වෙමින් විදේශ රැකියා අමාත්‍යවරිය මෙම අදහස් පල කර තිබේ.

සයිටම් ආයතනය ජනසතු කරන්න- නැත්නම් අඛණ්ඩ වර්ජනයක් – GMOA

සයිටම් ආයතනය ජනසතු කර එම ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක් ලබා දීමට කමිටුවක් පත් කරන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව මුලික කරුණු 5 කින් සමන්විතව මෙම යෝජනාවලිය සකස් වී ඇත.
අද(29) පැවති රැස් වු එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ඒකමතිකව තීරණය කළ බවත් මෙම තීරණයන්ට රජය නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යොමු වන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් සමන්ත ආනන්ද මහතා පවසයි.
මෙහිදි මුලික කරුණු 3 ක් පිළිබඳ මධ්‍යම කාරක සභාව තුළදී සාකච්ඡාවට යොමුව තිබේ.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ සමන්ත ආනන්ද මහතා මෙම අදහස් පළ කළේය.

ලෙනින් පවා වරෙක විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා තිබෙනවා – රාජිත

ලෙනින් පවා වරෙක විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා ඇති හෙයින් රාජ්‍ය දේපල විනාශ කරමින් විරෝධතා කරන සිසුන් මර්දනය කිරීම කළ යුතු යැයි සම කැබිට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

ඊයේ (ජුනි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ඔවුන් පලවා නොහැර අමාත්‍යංශයට ගිනි තබා විනාශ කරනතෙක් තමා බලා සිටින්නදැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

රතුපස්වල සහ කදාන ප්‍රදේශ වල ඇතිවූ උද්ඝෝෂණ වලදී රජපක්ෂ රජය විසින් විරෝධතාකරුවන් ඝාතනය කළ ලෙසට වත්මන් රජය විරෝධතාකරුවන් ඝාතය නොකිරීම මහින්ද රාජපක්ෂට ඇති ගැටලුවක්ව ඇති බැවින් අමාත්‍යංශයට කඩාවැදුන සිසුන් පලවාහැරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා යැයි හෙතෙම කීය.

එසේම විශ්ව විද්‍යාල සිසුන් කිසිදු දිනක තමා හමුවීම සදහා වෙලාවක් වෙන්කරගෙන නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

විරෝධතාකරුවන් අමාත්‍යංශයට කඩාවදින තෙක් පොලීසියේ නිලධාරීන් පවා ඒ පිළිබද නොදන්නා බවත් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් පමණක් පැමිණ අමාත්‍යංශය වැටලූ අවස්ථාවේ ආරක්ෂක පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ලෝකයේ කිසිම පොලීසියක් ලබානොදෙන ලෙස එම අවස්ථාවේ විරෝධතාකරුවන්ට ඉවත්වීමට පොලීසිය  විනාඩි පහලොවක් ලබාදුන් බවද පැවසූ අමාත්‍යවරයා පොලීසිය එම අවස්ථාවේ හැසිරුණ ආකාරය සම්බන්ධයෙන්  ජනාධිපති ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි සදහන් කළේය.

අමාත්‍යංශ දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දේපල පනත යටතේ නඩු පැවරිය හැකි බවත් අමාතයංශයට සිදුවූ හානිය  මිලියන ගණනාවක් වන මුත්   තවම එම ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

කොළඹ කුණු මුතුරාජවලට බැහැර කිරීමට එරෙහිව පෙත්සම 20දා සළකා බැලීමට නියමිතයි

කොළඹ නගරයේ එක්රැස් වන කැලිකසළි මුතුරාජවෙල රක්ෂිතයට බැහැර කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 20 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මුතුරාජවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් 35 දෙනෙකු විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහනගර සභාව, මධ්‍යම පරිසරඅධිකාරිය හා භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු පිරිසක් නම් කර ඇත.
අග්‍රවිනිශ්චකාර ප්‍රියශාන්ත් ඩෙප්ත් හා අනිල් ගුණරත්න යන විනිසුරුවන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදි මධ්‍යම පරිසර අධිකාරිය හා භූවිද්‍යා හා පතල් කාර්යාංශය වෙනුවෙන් පෙනීසිටි රජයේ නිතීඥයා පවසා සිටියේ පෙත්සමට අදාළ උපදෙස් ලබා ගැනීමට කල් අවශ්‍ය වන බවයි.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි මස 20 තෙක් කල් තැබු අතර එදිනට ඉල්ලීමට අදාළ කරුණු දක්වන ලෙස පැවසීය.