මෙම නව වැඩපිළිවෙලේ පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ආරම්භ කිරීමට නියමිත අතර, දෙසැම්බර් මස 17 වන දින පටන් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී එම පළාත්වල ජනතාව උක්ත ප්‍රමිතියට අනුව ඡායාරූප ලබා ගත යුතුයි.
ඡායාරූප ලබා ගැනීමේ දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organization) ප්‍රමිතියට අනුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් තීරණය  කර තිබේ.
 මෙම ක්‍රමවේදයට අනුව ඡායාරූපය ඉල්ලුම්කරු වෙත ලබා නොදෙන අතර යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි QR  code සහිත ඡායාරූපය මුදු්‍රණය කරන ලද ලදුපතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරනු ලැබේ.
 අදාල ඡායාරූපය වලංගු වන්නේ එය ලබාගත් දින සිට මාස හයක් පමණි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූපගාර මගින් පමණක් මෙම ඡායාරූප ලබාගත් හැකි අතර ඒ පිළිබඳ විස්තර අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ශාඛා  කාර්යාලයෙන් දැනගත හැක.

නිහතමානී සුන්දර කලාකරුවකු වූ උපාලි කන්නන්ගර මහතා ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි..

දුම්බර මිටියාවත පැත්තේ ..
පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ..
ගෙලෙහි රන් මාල දා  හැඩවි..
ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි..

වැනි ගීතවලින් ප්‍රසංග වේදිකාව මුසපත් කළ ප්‍රවීණ ගායන ශිල්පී ,  සංගීතවේදී උපාලි කන්නංගර මහතාගේ සුවහසක් රසික රසිකාවියන්ට මේ පුවත දෑසට කඳුළු ගෙන එන්නක් ..

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා අදහස් දක්වමින්,

“මේ මොහොතේ උපාලි ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන්නේ ..kidney liver දෙකම මැෂින් වලින් තමයි වැඩ කරන්නෙ.. වෛද්‍යවරු කරන්න පුළුවන් උපරිමයෙන් ප්‍රතිකාර කරනවා.
ගෙදර අයට ,රසික ජනතාවට කියලා තියෙන්නේ බෝධි පූජා කරන්න ,දෙවියන්ට යාඥා කරන්න.. අපිට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඒවා..  පෙර පිනක්, ප්‍රාතිහාරයක් ඔහු සුවය ලැබීම..ඉතිං දොස්තරවරු නිරන්තරයෙන් ඔහු ගැන ඉතාම පරීක්ෂාවෙන් ඉන්නේ .. දින තුනක් තිස්සේ …අපිත් ඔහු ගැන අවධානයෙන් තමයි නිරතුරුවම සිටින්නේ .. ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ..”

සොඳුරු කලාකරුවාණෙනි, bostonlanka අපි ඔබට තෙරුවන් සරණින්, දෙවියන්ගේ රැකවරණයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.!

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝදර අලුත් මාවතේ පිහිටි royal garden  නිවාස සංකීර්ණයක් ආසන්නයේදී වෙඩි තැබීම්ක් සිදු කර තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (10) දින සවස 3.00 ට පමණ මෝදර අලුත් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයක් ආසන්නයේදී.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු සහ 58 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ  කොළ පැහැති  ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පිරිසක්ය.
ජෝර්ජියාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට විරුද්ධව එරට වැසියන් ගණනාවක් වීදි බැස තිබෙනවා.
මෙය එරට ජනාධිපති ධුරයට ප්‍රථමවරට කාන්තාවක් තේරී පත්වූ අවස්ථාව ලෙස සුවිශේෂී වන අතර මෙම මැතිවරණ ප්‍රතිඵලය එරට තුළ දැඩි අර්බුද අර්බුදකාරී තත්ත්වයන්ට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙසින් මැතිවරණයේ ජයග්‍රහණය හෝ සියයට 59% ක ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ Salome Zurabishvili ට එරෙහිව Giorgi Kvirikashvili  ට ලබාගත් හැකිවූයේ 40% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
මෙලෙසින් වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉහළ යාමට හේතුව ලෙස දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සහ කොටුව මැනිං වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයන් පැවසුවේ එළවළු තොග ලැබීම සීමාවීම බවයි.
කොළඹ මැනින් වෙලදපොලේ වෙළදුන් පැවසුවේ ඩරට සහ පහතරට දෙවර්ගයේම එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 350ත් අතර වීම නිසා සිල්ලර මිල පාලනය කරගත නොහැකි බවයි.
අයහපත් කාලගුණ තත්වය,  එළවළු තොග නොලැබීම මෙලෙස මිල ඉහල යාමට හේතු වනවා.
වසරේ ගතවූ මාස එක හමාරක පමණ කාලක් තුළ ඩෙංගු රෝගීන් 271 දෙනකු යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය පැවසීය.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මෙලෙස ඩෙංගු රෝගීන් යාපනය නගරය හා ඒ අවට ප්‍රදේශව වලින් වැඩි වශයෙන් වාර්තා වෙන අතර ඩෙංගු මර්දනය වෙනුවෙන් ජනතාවට සිය නිවෙස් අවට ප්‍රදේශ පිරිසුදු කර ගන්නා ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉල්ලා සිටී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ 73 වැනි ජන්ම දිනය අදට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ දී අද දින පෙරවරුවේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා
ඊට ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන් එක්ව සිටි අතර ඒ වෙනුවෙන් සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විය.
අද දින පාර්ලිමේන්තුවේ තැන් ඇති වූ උණුසුම්කාරී තත්වය අතරතුර දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් වැනි යමක් ගෙන ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දීමට තැත් කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් උනා..
මෙම ඡායාරූපවල ඔහුගේ ප්‍රහාරයෙන් වැලකීමට ඇතැම් මන්ත්‍රීවරුන් උත්සහ ගන්නා ආකාරය දැක්වෙන අතර මන්ත්‍රීවරයා අත තිබුණු පිහියක් වැනි ආයුධයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් තත්වය තවත් දරුණු විය හැකිව තිබූ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවා.
මේ අනුව දිවයිනේ ප්‍රධාන පෙළේ දුරකථන සේවා සමාගම් විසින් 10% දක්වා මෙලෙස බදු මුදල් පහත හෙළා තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජ රාජපක්ෂ  මුදල් අමාත්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ජනතාවට බදු සහන ලබාදීමේදීමේ වැඩපිළිවෙළක් ‍ක්‍රියාත්මක කළ අතර එහිදී දුරකථන ඇමතුම් සඳහා වන බදු මුදල අඩු කරන ලෙස මුදල් අමාත්‍ය අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

අගමැති ආරක්ෂක අංශයේ වෙනසක්!

සහකාර පොලිස් අධිකාරී සරත්චන්ද්‍ර ගුණතිලක මහතා අගමැති ආරක්ෂක අංශයේ නව වැඩබලන අධ්‍යක්ෂක ලෙස පත්කෙරේ.
මෙතෙක් එම සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක කුරුවිට මහතා පොලිස් විභාග කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත් කර ඇත.