පළාත් 5 ක් සදහා නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඉකුත් 31 දිනට පෙර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇති අතර ඒ හරහා පුරප්පාඩු  වූ ආණ්ඩුකාර ධුරයන් සදහා මෙම පත්කිරීම් සිදු කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ද,

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා ද,

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා ද,

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද,

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ද

මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

වයස අවුරුදු හතළිස් දෙකක පුද්ගලයෙකු සහ ඔහුගේ වයස අවුරුදු  දාහතරක ඥාතීන් පිරිමි දරුවකු අද උදේ උදෑසන මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර මානිංගමුව ප්‍රදේශයේ  ගවයින් බැඳීම් සඳහා බදින ලද තුවක්කුවක් පත්තු වීමෙනුයි.
ප්‍රදේශවාසීන් විසින් වෙඩි වැදීමවෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තන්තිරිමලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
මහා සංඝරත්නය සහ ජනාධිපති ගරු මෛත්‍රීපාලපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ත් හෙට පෙරවරුවේ මාතලේ අලුවිහාරයේ දී මෙලෙසින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික  මහෝත්සවය යෙදී තිබෙනවා.
තෙවැනි ධර්ම සංගායනාවවේ දී සූත්‍ර පිටකය , විනය පිටකය, සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථෙරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී මහින්දාගමනයේ  ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වූ අතර මෙසේ උරුම වූ සම්බුදු දහම රාජ්‍ය ගෞරවය ලබමින් ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ පෝෂණය වී තිබේ.
මහරහතුන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැකගෙන ආ ත්‍රිපිටකය ලෝකේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ පලවෙනි සියවසේ මාතර අළුවිහාරයේ දී බව සඳහන්වේ.
මෙම ඓතිහාසික අවස්ථාවට පසුව වර්ෂ 1956 දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස  මුද්‍රණය කෙරුණු අතර ඉන්නන් අනතුරුව එළඹෙන ඓතිහාසික වැදගත්ම අවස්ථාව මෙයයි.
2000කට අධික ස්වාමීන් වහන්සේලා පිරිසක්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහා මහෝත්සවය හේතුවෙන් රාජ්‍ය ආයතන විහාරස්ථාන සහ නිවෙස් වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලීමක් කරයි.

නව ආණ්ඩුව පිහිටුවා ඇමති මණ්ඩලයක් පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු නිසා මාසයක් තුළ එම ප්‍රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා ආණමඩුව නාගවිල සේරුකැලේ ප්‍රදේශයේ ජනතාවට ගම් පෙරලිය යටතේ භාන්ඩ ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවති ජන හමුවකදී ප්‍රකශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින්  මන්ත්‍රීවරයා පවසා සිටියේ තමාට නියෝජ්‍ය, රාජ්‍ය හෝ කැබිනට් නොවන ඇමතිකමක් අවශ්‍ය නොවන අතර තමාට කැබිනට් ඇමතිකමක්ම අවශ්‍යවන බවත් තමන් නොසිටින්න ආණ්ඩුවක් හෝ යු එන්පියක් නොමැති බවයි. රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය. රංගේ බණ්ඩාර තමයි කෙලින් මිනිහා, එක්කෙනෙකුටවත් කොන්ද කෙලින් තිබුණේ නැහැ හෙළිකරන්න. රංගේ බණ්ඩාර මේක හෙළිකළා, රංගේ බණ්ඩාර එඩිතර නිර්භීත අවංක මිනිහා කියලා රටේ හැම තැනම කියනවා. අර කෝටි පනහත් අරගෙන ඇමතිකමකුත් අරගෙන ඇයි එස් බීට එකතු වුණේ නැත්තෙ එහෙම කරන්න තිබුණා නේද? ඇයි එහෙම නොකලේ කියලා හැමෝම අහනවා යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදී.

                  පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එස් බී  දිසානායක මහතා අතර සිදුවූවා යැයි කියන සංවාදයක හඬ පටයක් මාධ්‍ය වෙත මුදාහරින ලද අතර එය සමාජ ජාල වෙබ් අඩවි  තුළ රංගේ එන්නේ නැද්ද යනුවෙන් ප්‍රසිද්ධියට පත් විය. පාලිත රංගේ බණ්ඩාර මහතා සිය පිල වෙනස් කර තම පිලට එක්වන්නේ නම් කැබිනට් ඇමතිකමක් ලබාදෙන බව පවසමින් එස් බී දිසානායක මහතා විසින් දෙන ලද දුරකථන ඇමතුමට අදාළ එම හඩ පටය හරහා දේශපාලන කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය විය.

                  පෙනීයන අන්දමට රංගේ බණ්ඩාර මහතා තමන්ට ඇමති ධුරයක් නොලැබීම සම්බන්ධයෙන්  සිටින්නේ අප්‍රසාදයෙනි. ජනතාවරමින් පාර්ලිමේන්තුවට පත්වෙන පුද්ගලයින් ඉක්බිතිව ජනතාව අමතක කර සිය පෞද්ගලික අපේක්ෂාවන්  වෙනුවෙන් කටයතු කරන තත්ත්වයක් වර්තමානය වන විට උදා වී ඇත. මහජන නියෝජිතයන් තනතුරු හා වරප්‍රසාද හමුවේ සිය පාක්ෂිකයන් අතරමන් කිරීම වර්තමානයේ පොදු තත්ත්වයකි. ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ පොදු ජනතාව දෙස අවධනය යොමු කරමින් මිස තම සාමාජිකයන් පමණක් සතුටු කිරීම නොවන බව මහජන නියෝජිතයන් දැනගත යුතුය.

සටහන – පබසරා රාජකරුණා

නව රජය බලයට පත්වීමත් සමග ඉන්ධන මිල අඩුකිරීමට සමාන්තරව හෙට දින එනම් 26 දින මධ්‍යම රාත්‍රියේ සිට 4.2%  බස් ගාස්තු අඩු කරන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා  බස් හිමියන් සමඟ සිය අමාත්‍යංශයේ දී ඊයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකශ කරන ලදී. එමෙන්ම මහජනතාවට උපරිම සහන ලබාදීම නව රජයේ අපේක්ෂාව වන බවත් ඒ මත ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජතාවට සහන ලබාදෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවද ඇමැතිවරයා පැවසුවේය.  ඉන්ධන් මිල මේ වන විට 15%ක් පමණ අඩු වී ඇති නමුත් බස් ගාස්තු ගණනය කිරීම සඳහා සලකා බලන සෙසු පිරිවැය කාණ්ඩ එකොලහේම මිලෙහි අඩුවීමක් නොමැති අතර එමනිසා සමස්ත බස්ගාස්තුව සියයට 4.2%අඩු වුවද අවම ගාස්තුවේ කිසිදු වෙනස් සිදු නොවේ.

                  ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීමට රජය ගත් පියවර ප්‍රසන්සනීය වේ. බස් සේවාව පොදු ජනතාවට කරන සේවාවකි. බස් ගාස්තුව අඩු කිරීමේ වාසිය වැඩියෙන් දැනෙනුයේ සාමාන්‍ය ජනයා හටය. දරාගත නොහැකි ජිවන වියදම හමුවේ ජිවන අරගලයට මුහුණ දෙන ජනයාහට ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම ජනතා අභිලාශ ඉටු කිරීමකි. බස් ගාස්තුව අඩු කිරීමට සමගාමිව ත්‍රීවිල් ගාස්තු හා ළමුන්  ප්‍රවාහනයේදී අය කරන ගාස්තුද අඩු කල යුතුය. ඒ සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතන අවශ්‍ය පියවර ගත යුතුය.  මේ හරහා වෙනත් ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවාවන් වල නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය අඩුවෙන අතර එහි වාසිය ජනතාවට ලබා දීම ඔවුන්ගේ යුතුකමකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිනපාල පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් නිකුත් කරනු ලබන ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි මිල රුපියල් 120 දක්වා රුපියල් 10 කින් ද පහළ යනු ඇති බව පහළ දමනු ලබන බවටයි.
Octane 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 125 දක්වා හා Octane 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් එකසිය හතළිස් 149 දක්වා රුපියල් 10 බැගින් අඩුවනු ඇත.
එමෙන්ම ලංකා පෙට්‍රල් ලීටරයක මිල රු.101 දක්වා රුපියල් 5කින් ද Super ඩීසල් ලීටරයක මිල රුපියල් 120 දක්වා රුපියල් 10කින් පහව යනු ඇති බව අග්‍රාමාත්‍යවරයා  විසින් පැවසීය.
ඊයේ දින රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එමෙන්ම අදාළ අමාත්‍යාංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සදුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
තවද නවරජයේ කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සවස ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ඒ අනුව පත් කෙරුණු කෙරුණු කැබිනට් නොවන අමාත්‍යවරුන් මෙසේය.
හර්ෂ ද සිල්වා මහතා පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය
අජිත් පී. පෙරේරා මහතා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය
සුජීව සේනසිංහ මහාතා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු,
රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
විජයකලා මහේෂ්වරන් මහත්මිය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ජේ.සී. අලවතුවල මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
ඉරාන් විරක්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය
රංජිත් අලුවිහාරේ මහතා සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
වසන්ත අලුවිහාරේ මහතා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
නිරෝෂන් පෙරේරා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
චම්පිකා ප්‍රේමදාස මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
අශෝක අබේසිංහ මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
එච්.එම්.එම්. හාරීස් මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අමීර් අලී මහතා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිල්ප් වෙදආරච්චි මහතා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඒ. ඉසෙඞ්.එම්. සෙයිඞ් මහතා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
වඩිවෙල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු,
අනෝමා ගමගේ මහත්මිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
එඞ්වඞ් ගුණසේකර මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු, නියෝජ්‍ය අමාත්‍ය
නලින් බණ්ඩාර ජයමහ මහතා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
අජිත් මාන්ප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් අනතුරුව වව්නියාවපුන්තෝට්ටම් ප්රදේශයේදී කේරල ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලීසිය විසින් ඇය සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රැම් 01යි ග්‍රෑම් 330ක් සොයාගෙන තිබෙන අතර සැකකාරිය 35 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිව කාන්තාවකි.

සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ලබන වසරේ මුල් මාස හත ර තුළ දිවයිනේ ඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය වන්නේ ණයවර ලිපි නිකුත් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුවයි.
රට තුළ පැවැති දේශපාලන තත්වය නිසා ඖෂධ ඇඳුම් නවුම් කිරීම සඳහා ප්‍රසම්පාදන ලබාදීමේ ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම මෙම ඖෂධ හිඟය ඇතිවීමට හේතු විය හැකි බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
එලෙස ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති වීම ඖෂධ සැපයීමේ ප්‍රමාද වීමට තවත් හේතුවක් විය හැකි බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා පෙන්වා දෙනවා.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරමින් පැවසුවේ සෞඛ්‍යය අමාත්‍ය ධූරය සඳහා රාජිත සේනාරත්න යළි පත් නොකරන ලෙසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් රුපියල් මිලියන 12 කට අධික වටිනා වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල පුද්ගලයින් දෙදෙනා  විසින් අදාල වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 01ක් ත්‍රිරෝද රථයකින්  ප්‍රවාහනය කරමින් සිටින විටදී නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.