අද (04) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ තමා අමාත්‍යධුරයකට නිර්දේශ වී සිටියදී එය ලබා නොදීමත්, ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ලැබිය යුතු ගෞරවය නොලැබීමත් යන හේතු මත අද ජාතික දින සැමරුම් උලෙළට සහභාගි නොවුණු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුගේ නිදහස  ආරක්ෂා නොවන තැනකට ගොස් රටේ නිදහස ගැන කථා කිරීමට නොහැකි බවයි.
ෆීල්ඩ් මාර්ෂල් නිලයට ගරු නොකරන සහ හමුදා විනය කඩකරන ස්ථානයක ගොස්  සිටීමට නොහැකි නිසාවෙන්  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික දින සැමරුම් උලෙළ වර්ජනය කළ බව පැවසීය.
එමෙන්ම මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත්  මීට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිටි ස්ථානයේ  අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් මේ වැනි හේතු නිසා අද ජාතික දින සැමරුම් වර්ජනය කළ බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර අඩු කළ හැකි බැවින් එවැන් තත්ත්වයක් වලක්වා ගැනීම ජාතික ආණ්ඩු යෝජනාවේ අරමුණ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

මත්පැන් මිල ඉහළට….

දේශීය මත්පැන් බෝතලයක මිල 27දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමා තිබෙනවා.

වෙළදපොළ ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම සිය මත්පැන් බෝතලයක මිල රු. 10/- කින් ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රු. 20 බැගින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුලදී මේ ආකාරයෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් පියවර ගැනීම සුවිශේෂ කරුණක්.

රවීන්ද්‍ර යසස් හදිසි අනතුරක….

රාජ කපුරු වැනි වේදිකා නාට්‍ය ඔස්සේ රසික හදවත් දිනාගත් ප්‍රකට වේදිකා නළු හා පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක අද උදෑසන 4.45 ට පමණ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ගම්මංපිල ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන් ගත් වාහනයේ වේගය පාලනය කරගත නොහැකිව අසල ගසක හැපීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් තුවාල ලත් ඔහු දැනට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කර තිබෙන අතර වාහනයට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

1 (3) (6)1 (2) (5)

 

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප‍්‍රකාශයට පත් කිරීම 21වන දින පෙරවරුවේ මුලතිව්හි විදනන්ද විද්‍යාලයේදී  සිදු කරන ලදී. ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලබන 28වැනිදා දක්වා කි‍්‍රයාවට නංවා තිබෙන අතර ඒ යටතේ ප‍්‍රධාන වැඩසටහනක් ලෙස ජනවාරි 21 වැනිදා සිට 25 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කරනු ලබයි. මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගේ ඉගෙන ගනිමු යන තේමාව යටත් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල රටේ සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි නිර්මාණය කර ඇත. මේ හරහා පන්ති කාමරය තුළ දරුවන් හා දෙමාපියන් දැනුවත්  කිරීමේ වැඩසටහන්, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති රීති හා මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කරනු ලබයි. උත්සවය අමතමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවයි.

 පාසැල් දරුවන් මත් උවදුරෙන් මුදවා ගැනීම සදහා මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍යයි. මේ හරහා දුම්වැටි මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය සදහා පාසල් ළමුන් පෙළබවිම අවම කරගත හැකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිවු වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ අගය කළ යුතුය. පසුගිය දා ජනාධිපතිවරයා පිලිපීන සංචාරයක නිරත වූ අතර ඔහුගේ ඉල්ලීම පරිදි ශී‍්‍ර ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පිලිපීන රජය සිය  සහය ලබා දීමට  කැමැත්ත පල කරමින් ඒ සදහා අවශ්‍ය තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතයි.මත් උවදුර තුරන් කිරීම ලෙහෙසි නැත. මත්ද්‍රව්‍ය ව්‍යාපාර සම්බන්ධ චෝදනා ලබන්නන්ට මෛත්‍රි පාලනය යටතේ ද ඇමති පදවි ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ අභිමත අන්දමට ආණ්ඩු හසුරුවන බව නොරහසකි. මත් උවදුර මැඩලීම අවශ්‍ය නම් එය ද කළ හැකිය. ඊට අවශ්‍ය වන්නේ නිතීය ක්‍රියාත්මක කිරීමට අදාළ දේශපාලන අතපෙවීම් නැවත්වීම පමණි.

සටහන- පබසරා රාජකරුණා

ශ්‍රී ලාංකිකයන් සිය 70 වන නිදහස් දිනය සමරද්දී  ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පිරිසකට සිය නිල ඇඳුමේ තිබූ සිංහ ධජය සහ ගෙල පෙන්වා සිදු කළ අභිනය හේතුවෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ශ්‍රී ලාංකිකයන් අතර දැඩි කතාබහට ලක් වූ අතර ඔහු වෙනුවෙන් හඩ නැගීමට ලාංකිකයන් බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. එම  මතභේදාත්මක සිදුවීමෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාගේ සේවය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටවූ අතර පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ඔහු යළිත් එම රාජකාරීවල පිහිටවනු ලැබුවාය. එකී සිද්ධිය පදනම් කරගනිමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවඔහුට විරුද්ධව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර ඉකුත් 17 වැනිදා එම අධිකරණය විසින් මෙම නඩුව ජනවාරි 21 දා එනම් අද දින විභාගයට ගැනීමට කටයුතු කරන ලදී.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිකරණයක් ඉදිරියේ පැවරූ මුල්ම නඩුව මෙයයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාය. 2018 ජනවාරි 4 දින ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔහුට මෙම නඩුව පවරා ඇති අතර මේ නඩුවේ පැමිණිලිකරුවන්නේ මජුරන් සතානන්දන්ය. ඔහු ලන්ඩන් නුවර ප්‍රධාන පෙළේ දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන්නෙකි. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගනු ලැබුවද කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන් පෙනී සිටින දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ සාමයට, ඒකීයභාවයටනිදහසට මෙන් ම ඉදිරි ගමනට බාධාවකි. කොටි  ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට අප සමත් වුවද දෙමළ ඩයස්පොරාවෙන් රට බෙරා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස සතානන්දන් වැන්නන් තවත් බිහිවනු ඇත. රට ජාතිය බේරාගත් රණවිරුවන් දෙමළ ඩයස්පෝරාවේ දඩයමට ලක්විය යුතු නැත. රණවිරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ හඩක් නැගීම රජයේ වගකීමක් මෙන්ම යුතුකමකි. දෙමළ ඩයස්පෝරාවෙන් රට බෙරා ගැනීමට ජාතියක් ලෙස අප එක් විය යුතුය. එය වටහාගෙන කටයුතු කරන්නේ නම් දෙමළ ඩයස්පෝරාවට කිසිදිනක අපව පරාජය කළ නොහැකි ය.

සටහන – පබසරා රාජකරුණා 

”දස ලක්ෂපති කාර් ප්ලස්” සහ ”ගැලැක්සි ස්ටාර්”

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දස ලක්ෂපති කාර් ප්ලස්” සහ ගැලැක්සි ස්ටාර්” යන ලොතරැයි දෙක නවත්වා ඇතැයි ලොතරැයි  මණ්ඩලය සදහන් කලා.

ඒවා වෙළෙඳපොළට නිකුත් නොකිරීමට ප්‍රධාන හේතුව මෙම ලොතරැයිපත් දෙකේ අලෙවිය ප්‍රමාණවත් නොවීම බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසනවා.

ගැලැක්සි ස්ටාර්” ලොතරැයිය 2015 වසරේදී ආරම්භ කෙරුණු අතර දස ලක්ෂපති කාර් ප්ලස්” ලොතරැයිය  ආරම්භ වුයේ 2017 වසරේදී.

මේ අතර බදාදා දිනවල දිනුම් අදිනු ලැබූ දස ලක්ෂපති කාර් ප්ලස් ලොතරැයිය වෙනුවට එදින සංවර්ධන වාසනා ලොතරැයියද ඉරිදා දිනුම් අදිනු ලැබූ ගැලැක්සි ස්ටර් ලොතරැයිය වෙනුවට සුපර්බෝල් ලොතරැයියද දිනුම් ඇදීම සිදුකරන බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසනවා.

නව නගරයේ දෙවන අදියර සඳහා සුදානම්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කිරීම අද සිදුවුණා.

අද පැවති පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු වුණා.

 හෙක්ටයාර් 269ක බිම් ප‍්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්.

මෙම උත්සවයට අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවකචීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) එක් ව සිටියා.

 වරාය නගරයේ ඡායාරූප කිහිපයක් පහතින්.

49895792_2264698233811682_3479166961391239168_o 50029887_2264700497144789_1855748209167564800_o 50072382_2264698783811627_4205460894810898432_o 50085522_2264700017144837_6489006100271071232_o 50217118_2264700070478165_9076638864348545024_o 50220963_2264700253811480_3916014871115726848_o 50254854_2264699397144899_6662443193285476352_o 50570734_2264700150478157_6128532797947641856_o 50728517_2264698860478286_5732061459161022464_o 50801797_2264698290478343_8434517712880795648_o

2019 වර්ෂය සදහා සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ පාසැල් දරුවනට ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවන් වැඩි කිරීමටඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර ඇත. එතුමාගේ මග පෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය එයට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති අතර පෙර වර්ෂයන් හි මෙම රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සියල්ල සැලකිල්ලට ගනිමින් රජය විසින් අවම වියදමක් යොදවා පාසැල් දරුවන් වෙත වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි නව යෝජනාවන් සකස් කිරීමට නියමිතය. 

2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය මගින් පළමු වරට දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ  “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කර අතර ඒ හරහා පාසැල් සිසුන් ලක්ෂ45 ක් වෙත සුරක්ෂා සිසු රක්ෂණාවරණය හිමි විය. ඒ අනුව පාසල් දරුවන් වෙත පෙළ පොත්නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශියට අමතරව සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම ද 2017 වසරේ සිට ඇතුළත් විය.  මෙහි ප්‍රධාන අරමුණු වන්නේ ලෙඩ රෝගඅනතුරු හා ආබාධ තත්ත්ව වලදී සිසුන් කඩිනම් ප්‍රතිකාර සඳහා යොමු කිරීම හරහා  පාසල් වෙත සිසුන් පැමිණීමේ ප්‍රතිශතය ඉහළ  නැංවීමත් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා  සිසුන් යොමු කිරීමත් ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමත් දැක්විය හැකිය.  සියලු  රාජ්‍ය  පාසල්, ජාත්‍යන්තර පාසල් සහ ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්පිරිවෙන්උපකෘත පාසල්  ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල  ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබයි.

 සටහන- පබසරා රාජකරුණා

නව ලග්ගල නගරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී. ඒ සදහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු,පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමග එක් විය.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට නවීන පහසුකමිවලින් සමන්විතව, කළුගඟ ජලාශයට නුදුරින් නව ලග්ගල නගරය ඉදිකර ඇත. මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද අතර  අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර ඇත. මේ සදහා යෙදවූ  මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි. දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසට මෙම ව්‍යාපෘතිය දැක්විය හැකිය.

 නව ලග්ගල නගරය තුළ රාජ්‍ය ආයතන බොහොමයක් දැකගත හැකි වන අතර ඒවා එකිනෙකට සම්බන්ධ වෙන ආකරයෙන් ස්ථාන ගත කර ඇත. එමෙන්ම ලග්ගල නව හරිත නගරයේ නව ප්‍රාදේශීය රෝහල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ ජනතා අයිතියට පවරා දීම සිදුවිය.

සටහන- පබසරා රාජකරුණා

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් ඉකුත් 03 දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර සිටියේ රාජ්‍ය සංස්ථාව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුථ රාජ්‍ය ව්‍යවසායයන් සදහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛණයට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018.12.31 දින නිකුත් කර ඇති චක්‍රලේඛණයට අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේදී ඔවුන්ගේ සුදුසුකම් නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරන ලදී. එහි සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්. එස්. කරුණාරත්නඅගමැතිවරයා විසින් පත් කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙක් කටයුතු කරනු ලබයි. එමෙන්ම දැනට පත් කරන ලද සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ද සුදුසුකම් නිර්ක්ෂණය කර අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ නම් එම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.