ඇමරිකානු ෆෙඩරල් ලැයිස්තුවට වැටෙන්න ප්‍රමාද විය හැකියි – ඇමරිකානු තානාපතිනි ඇලයිනා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකානු පුරවැසිකම් අත්හළ අය පිලිබදව දක්වා තිබෙන අගෝස්තු ලැයිස්තුවේ සටහන් නොවීම සම්බන්ධයෙන් මේ වන විට කථාබහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටියේ ෆෙඩරල් ලේඛනය කෙනෙකුගේ පුරවැසිභාවය අත්හැරීමට මාස ගණනක් පිටුපසින් සිටිය හැකි බවයි.

ඒ අනුව ඔහුගේ නම ඇතැම්විට පසු ලේඛනයක සදහන් විය හැකි බවද ඇය කියා සිටියා.

 නමුත් මෙම ප්‍රකාශය ඇය සිදු කළේ නිල වශයෙන් නොවන බවද ඒ සමගම දන්වා තිබෙනවා.

ඇය දක්වා සිටින්නේ  පුරවැසිභාවය අත්හැරීම පරිපාලන ක්‍රියාවලියක් බවත් පුරවැසිභාවය අත්හරින්නට ඉල්ලන අයට එය ලබාදීම හෝ නොදීම හෝ ප්‍රමාදවීම ගැන දන්නේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් බවයි.

 තවද කෙනෙකුගේ නමක් සම්බන්ධයෙන් කාරණා රහස්‍ය වන නිසා පුද්ගලික පැහැදිලි කිරීමක් කිරීමට ඔවුන් බැඳී නොසිටින බවද තානාපතිවරිය සදහන් කර තිබෙනවා.

විදෙස් ජාතික ශ්‍රමිකයන් 28, 591 ලියාපදිංචි වෙයි….

2019 මාර්තු මස වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ජාතික ශ්‍රමිකයන් 28, 591 දෙනෙක් ලියාපදිංචි වී සිටින බවත් විදේශීය ශ්‍රමිකයන් සදහා ලබාදන ක්‍රියාකාරී සේවා නියුක්ති බලපත්‍රද ඔවුන් සඳහා නිකුත් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර 7,991ක්පෞද්ගලික අංශයේ සමාගම් සදහා බලපත්‍ර 10,354ක්බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා බලපත්‍ර 10,077ක්ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා බලපත්‍ර 169ක් නිකුත් කර තිබෙනවා.

 ඒ අතුරින් චීන ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 10,384ක් සහ ඉන්දියානු ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 11,095ක් නිකුත් කර තිබෙනවා.

2019 පෙබරවාරි මස 15 වැනිදා දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නේවාසික වීසා අතර ප්‍රධාන රටවල් 5ක් සඳහා වීසා නිකුත් කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කර ඇති වීසා සංඛ්‍යාවට වැඩි විදෙස් ජාතිකයන් සංඛ්‍යාවක් මෙරට සේවය කරන බවද වාර්තාවනවා. 

සුදු ගෝන පැටියක්..

ඇල්ල කන්තලේ මාර්ගයේ කණුව ප්‍රදේශයේදී සෝමාවතිය රක්ෂිතයේ මවගෙන් වෙන් වී අතරමං වී සිටි සුදු ගෝන පැටියකු සොයාගෙන තිබෙනවා.

සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකුගෙන් ලැබුණු තොරතුරක් මත  මෙම සත්වයා සොයාගෙන තිබෙනවා.

මෙම සුදු ගෝනා මසක් පමණ වයසැති පැටියෙක්.

නිරෝගී සුවෙන් පසුවන මෙම ගෝන පැටියා ගිරිතලේ වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු කර තිබෙනවා.

වෙල්ගමගේ අලුත්ම වාහනේ….

හිටපු අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මිලට ගත් සුපිරි මෝටර් රථය පිළිබඳ මේ දිනවල කතා බහක් ඇතිව තිබෙනවා.

ඔහු මෙසේ මිලට ගෙන තිබුණේ Aston martin DB 11 convertible නම් මෝටර් රථයක්.

ලංකාවේ පුද්ගලයෙක් මෙවැනි මෝටර් රථයක් හිමිකරගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තාවනවා.

මෙම රථය නිෂ්පාදිත රටෙහි මිළදි ගැනිමක් සිදු කරන්නේ නම් එහි වටිනාකම $250,000 ඇරඹෙන අතර එය ආසන්න ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 4.5ට ආසන්න මුදලක්වනවා.

වෙල්ගම මහතා පවසන පරිදි මේ සඳහා ඔහුට වැයවී ඇත්තේ කොටි 7.5ක් පමණ මුදලක් බවද වාර්තාවනවා.

එම නවතම රථයේ ඡායාරූප කිහිපයක් පහතින්.

1 (1) (13)1 (5) (10)1 (7) (7)1 (3) (14)

විජය කුමාරතුංගයන් සමුගෙන 31 වසරක්….

ලාංකීය සිනමාවේ සිහින කුමරා ලෙස ජනාදරයට පාත්‍ර වූ විජය කුමාරතුංගයන්ගේ අමරණීය කටහඬ අපට අහිමි වී අදට වසර 31ක් වනවා.

1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලැබූ විජය කලා ලොවට පිවිසුනේ1967 වසරේදී.

හන්තානේ කතාව’ තුළින් සිය රංගන හැකියාවන් පෙන්වා පසු කාලයේදී අසීමිත ජනප‍්‍රියත්වයක් ලැබූ විජය හැත්තෑව දශකයේදී ලාංකේය සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තබන්නට දැක්වූ දායකත්වය අතිමහත්.

රිදී තිරයේ සිහින කුමරා ලෙස අභිශේක ලැබූ විජය විටෙක ජනකාන්ත ගායකයෙකු ද වුණා.

සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළ විජය ඒකීය ශ්‍රී ලංකාවක්ජාතීන් අතර සමගියෙන් යුත් සමානාත්මතා සමාජයක් වෙනුවෙන් පෙනී සිටි‍මින් ඒ වෙනුවෙන් මුලු ජීවිතයම කැප කළා.

ජනකාන්ත නළුවකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන් 1988 වසරේ අද වැනි දිනෙක කිරුළපන පොල්හේන්ගොඩදී ඝාතනයට ලක් වුණා.

ලක්ෂ සංඛ්‍යාත සහෘදයන්ගේ සෝ සුසුම්දුක් කඳුළු මැද ඔහු මෙලොව හැර ගියද විජයගේ මිහිරි මතකයන් සදා අමරණීය වනු ඇත.

1 (3) (9)1 (2) (8)1 (1) (8)

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ…

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ…

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ පිහිටුවීමට එම රටේ ජනාධිපතිවරයා එකඟතාව පළ කොට ඇතැයි වාර්තාවනවා.

ඉතිහාසයේ පළමුවරටයි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාඛා පිටරටක පිහිටු වීමට ලැබීම මෙලෙසින් සිදුවන්නේ.

මාලදිවයිනේ ජනපතිවරයා නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනපති සහ අගමැති සමඟ පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා කරන ලද යෝජනාවකට අනුව මාලදිවයිනේ ජනාධිපති විසින් මෙම ව්‍යාපෘතිය සඳහා එකඟත්වය පළ කර මාලදිවයිනේ තනි දූපතක් මේ සදහා ලබා දීමට පොරොන්දු වූ බව වාර්තා වනවා.

එහි සිටින ශිෂ්‍යයන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කරනු ඇති. 

කුඹුරු සිතියම්ගත කෙරේ….

මෙරට කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්.

ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව නිවැරදි දත්ත නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලය පුරා කෘෂිකර්ම කේෂ්ත්‍රයේ පැවති ගැටළු සදහා විසදුම් ලබාදීමට හැකියාවක් පැවතියේ නැහැ.

ඒ අනුව වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව මගින් ලබාගන්නා දත්ත ඔස්සේ කුඹුරු සිතියම්ගත කිරිම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ වන විට යාපනය,ගම්පහ,මාතලේ දිස්ත්‍රික්කවල කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිතියම්ගත කිරීම සිදු කර ඇති අතර මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5ක්.

නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයින් 2522ක්

නීති විරෝධී ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ සිදුකරන ලද වැටලීම්වලදී රුපියල් මිලියන 130කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අයකරගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්‍යාතප්තව සිදුකරන ලද වැටලීම්වලදී එම වසර තුළ නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයින් 2522 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269ක් සහ කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 253ක් ඒ අතර වන බව සදහන්.

එහිදී එම පුද්ගලයින්ගෙන් විදුලිබල මණ්ඩලයට වු අලාභය ලෙස 12 කෝටි එක්ලක්ෂ 34,324ක මුදලක් සහ නඩු ගාස්තු ලෙස එක් කෝටි එක් ලක්ෂ 51500ක මුදලක් අයකරගෙන තිබෙනවා.

වංචනික ලෙස විදුලිය පරිහරණය කිරීමේ සිද්ධීන් පිළිබඳ අඛණ්ඩව වැටලීම් සිදුකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් 0112 422 259 යන දුරකථන අංකයට හෝ 1901 සහ 1987 යන ක්ෂණික දුරකථන අංක වෙත දැනුම්දිය හැකියි.

ශිල්පී රයන්ගේ මොටර් රථය කේරල ගංජා සමඟ පොලීසියට හසු වෙයි

පසුගියදා ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයෙකු වු මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් භාවිතා කළ මෝටර් රථය සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැති පුද්ගලයා බවට හෙළි ව තිබෙනවා.

රංගන ශිල්පි රයන් වැන් රොවන් විදේශ ගත විමට පෙර දින කිහිපයක සිට සුරන්ජි සුද්දාට අයත් මෙම හෝටලයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වි ඇති බව පොලීසිය සිදු කළ මුලික පරික්ෂන වලදි අනාවරණය වි ඇත්තේ.

වැලිගම පොලිසිය විසින් සුරන්ජි සුද්දාගේ වැඩිමහල් සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කොට ගෙන ඇති අතර ඒහිදි ඔහු කියා ඇත්තේ මෙම මෝටර් රථය රයන් වැන් රොවන් පැමිණි මෝටර් රථය බවයි.

මෙම මෝටර් රථය පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්‍රම්  5,750 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙන්නේ මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් මෝටර් රථයක් බවටයි

මදුෂ් අත්අඩංගුවට

ඩුබායිහි තරු හයේ හෝටලයකදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට කොටුවීමේ සිදුවීම පිළබඳ නවතම වාර්තා ලැබෙමින් පවතිනවා.

එම වැටළීමේදී ප්‍රකට ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නවක ගායක නදීමාල් පෙරේරා මෙන්ම දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය නිසා ප්‍රකට වූ එහි ලයනල් සර්ට රඟපෑ ටෙලිනළු රයන් වැන්රෝයන්ද
සිටීම විශේෂත්වයක්.

මෙම පිරිස අත්අඩංගුවට පත්වන්නේ මාකඳුරේ මදුෂ්ගේ එක් පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් ඩුබායිහි පිහිටි තරු හෝටලයක පවත්වමින් තිබුන සාදයක් අතරතුරයි.

සාදයේ ගීත ගැයීම හා නර්තන අංග සඳහා මාකඳුරේ මදුෂ් හා සමීප ඇසුරක් පවත්වන පෙරකී කලා ශිල්පීන් පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
අත්අඩංගුවට පත් පිරිස අතර සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා සමග කංජිමාන් ඉම්රාන්කෙසෙල්වත්තේ දිනුක,අංගොඩ සුද්දා සහ රනාලේ චුට්ටා යන පාතාල ප්‍රබලයින් 5 දෙනෙක් නිශ්චිත වශයෙන් සිට ඇති අතර ඉතිරි 20 ක පිරිස අවස්ථාව සඳහා ආරාධනා ලද අය හා පාතාල සහචරයින් ලෙස හැසිරෙන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තාවනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෙරොයින් තොගයක් තිබී ඇති බව වාර්තා වුණා.
මෙම වැටළීම ලංකාවට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙනුවෙන් ඩුබායි මෙට්‍රො පොලිසිය සමග ලංකාවේ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කරන ලද්දක් වන අතර අත්අඩංගුවට පත්කිරීම හා එහිදී හසුකරගත් දෑ පිලිබඳ මූලික විමර්ශනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නීතිරීති අනුව සිදුවනු ඇතැයි වාර්තාවනවා.

එරට නීති අනුව මත්ද්‍රව්‍ය සමග හසුවීම මරණීය දණ්ඩනයට යටත්වන වරදක් වන අතර ඉතා කෙටි කාලයකින් එම තීන්දුව ලබාදීමේ ක්‍රමවේදයක්ද පවතිනවා. මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.
අත්අඩංගුවට පත්වීමෙන් පසු සියල්ලන් හෝටල් කාමරයක ඉන්දවා ලබා ගත් ජංගම දුරකථන ඡායාරූප කිහිපයක් පහතින්

51361415_10156943312738550_8265401232412114944_n (1) 51607254_10156943288588550_6843507637116469248_n43408181_1949902431736922_3494277790209933312_n