දන්නා චරිතෙක නොදන්නා පැත්තක හීනත් අරන් යන ගමනක අරුතක්

ලක්රුවනි ප්‍රනාන්දු අප දන්නා හදුනන චරිතයක්.  නුවර මුල්ගම් වූ ලක්රුවනි කුඩා කල සිට නර්තනය ගායනය වගේම රංගනයට එක ලෙස හපන්කම් දැක්වූ චරිතයක්. පාසලේ විවිධ තරඟ ඔස්සේ තම කෞශල්‍යයන් විදහාමාන කරමින් ඇය පැමිණි ගමනක් ඇත. මෙවර 2019 රාජ්‍ය සිනමා සම්මාන උළලේ දී මොටර්බයිසිකල් චිත්‍රපටයේ ගයනා කල හීනත් අරන් එන්න ගීතය ඔස්සේ ඇය හොදම ගායිකාවට ලැබෙන සම්මානය සදහා ද නිර්දේශ වූවාය. අද දවසේදී ඇය ඇමරිකාවේ කැලිෆෝනියා ගත කරන ජීවිතයකි. සියල්ල සමග අපිට ඇයව මෙලෙස එකතු කර ගැනීමට නිමිත්ත වන්නේ බොස්ටන් ලංකා සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් තරඟාවලියයි. එහි තෙවන ස්ථානයේ කිරුළට හිමිකම් කියනට සමත්වූ මැය ලංකාවේදී පුද්ගලික රැකියාවක උසස් තනතුරක් දරමින් ද මුළු දිවයිනටම සාමදාන විනිශ්චකාරවරියක් වෙමින්ද කලා කටයුතුද එක ලෙසට කරගෙන ගියාය. හඩ ශිල්පිණියක නර්තන ශිල්පිණියක වේදිකා මෙන්ම නාට්‍ය සහ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිණියක මෙන්ම ගේයපද රචිකාවියක් ලෙසින් එක් එක් කාල වලදී සිය කලා ප්‍රතිභාවන් විදහාමන කල තවත් කලාකරිනියක් ලෙසින්ද ඇයව වර්ණ ගැන්විය හැකිය. එකීමෙකී සියල්ල සමග ඇයගේ ගමන ගැන බොස්ටන් අප සිදු කළ සජීවී සංවාද සටහනකි මේ….

51

කොහොමද ලක්රුවනි, මෙහෙන් හීනත් අරන් ඔයා ඔහේ ගිහිං නේද ?
හදිස්සියේ වුණ දෙයක්. “මම දෙවියන් වහන්සේට ස්තුති වන්ත වෙනවා හැමදාම මට දීපු සියළු දේට වගේම මගේ ටැලෙන්ට් සියල්ලටම” …
අපේ කතාව ඇරඹුණේ ඔන්න ඔහොම ….
මුලින්ම අහන්න ඕන කොහොමද කැලිෆෝනියා ජීවිතය ?
දැන් ඇවිල්ලා වසර 3ක්. හරිම කාර්ය බහුලයි. පුතාට දැන් අවුරුදු 12ක්. පුතයි මහත්තයි ලංකාවේ. ඒ දෙන්නව මතක් වෙන එක තමයි ඉවසන්නම බැරි. නිතරම අපි කතා කරනවා ඒත් පුතාව මතක් වේවී හැමදාම අඩනවා..
දරුදුක සියල්ලට පොදු වූ සත්‍යකි. ඇගේ ස්වර පවා ඒ ශෝචනියත්වය විරහව කාන්සිය මනාව අපට එක ලෙසට දැනවිය.
හරි අපි ඕක පොඩ්ඩකට අමතක කරලා ඔයාගේ පොඩි කාලෙට යමුද? ඒකාලේ කලාවට යොමුවුණේ කොහොමද ?
මම පොඩි කාලෙත් හරිම ආසයි කලාවට. නර්ථනය ගායනය දිගටම විෂයක් විදිහට හැදෑරුවා. වේදිකා නාට්‍ය අභාෂය ඉහළින් ලබා ගත්තා.අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ගමන් කලාවට යොමු වුණා. කොහොමත් පොඩි කාලේ ඉදලා බෑන්ඩ් පිස්සුව නම් තිබ්බා
32
බොස්ටන් ඩ්‍රීම් වොයිස් වලට සම්බන්ද වීම කොහොමද දැන්නෙන්නේ ?
ෆේස් බුක් එකෙන් තමයි දැක්කේ. මේක මෙහෙ පළමු වරට පැවැත්වූ දෙයක්. හරි පුදුමයි මෙහෙම තරඟයක් පැවැත්වීම ගැනත්. මම ලංකාවේදී සිරස සුපර්ස් ස්ටාර් ගායනා තරඟයෙන් අවසන් 100යට පැමිණියා. ඒ ඔස්සේ රියලිටි අත්දැකීමක් තිබුණත්  මේක අළුත්ම අත්දැකීමක් වුණා.
අපි වෙන රටක වැඩ එක්ක බෙහෙවින්ම කාර්ය බහුල වෙලා ඉන්නේ. එවන් පරිසරයක ගතට හිතට මනසට ඩ්‍රීම් වොයිස් හොද ඔසුවක්. අනික මේ තරඟාවලිය හරහා මෙහෙ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව පවුලක් වගේ එකට එකතු වුණා. ගොඩක් අයව අදුර ගත්තා. ඒ ලස්සන අවස්ථා හරි වටිනවා.
රියලිටි අත්දැකීමුත් තියෙන නිසා, කියන්නකෝ රියලිටි ගැන ඔබේ පෞද්ගලික අදහස මොකද්ද ?
මම සාමන්‍යයෙන් කිසි දෙයක් විවේචනය කරන්න යන්නේ නැහැ මම මට කළ හැකි උපරිමය කරනවා. ඉතින් මම හිතනවා මම මගේ වැඩේ හරියට හොදටම ඉටු කළා කියලා.
ගෙදර අයගෙන් ලැබුණ සහයෝගය කොහොමද ?
මගේ අම්මා තාත්තා කලාවට බෙහෙවින්ම ප්‍රියයි. තාත්තා ලක්දාස් ප්‍රනාන්දු  රංගනය වගේම ජායා රූප ශිල්පයත් ප්‍රගුණ කල අයෙක්. පොඩි කාලේ අම්මා සුවිනීතා පෙරේරා තමයි අපිව ලගට අරන් සිංදු කියන්නේ. අද මගේ පුතා හැමෝටම වඩා හොදට ගායනා කරනවා. වාද්‍ය භාණ්ඩ වලටත් ඔහු දක්ෂයි. සේරම බලාගෙන ඉතිං හස්බන් හැමදේටම පස්සෙන් ඉන්නවා.
මේ තරඟය ගත්තම පුතා තමයි කිව්වේ “ඔන්න අම්මා ගිහින් දිනන්න ඕන” කියලා. ඉතිං ජනග්‍රහණය මිස් වුණ එක ගැන පොඩි දුකක් තියෙන්නේ පුතාගේ ඉල්ලීම ඉටු කර ගන්න බැරි වීමත් එක්ක. තරඟදී සිංදු තෝරනකොට ලංකාවේ කොච්චර රෑ පාන්දරද කියලා බලන්නේ නැහැ. මම හස්බන් ටිරෝන්ට කෝල් කරනවා. හැමදාම වගේ මේ වෙලෙත් එයාලා මාත් එක්කම හිටියා.
ඔහේ ගියත් හරි කලාව මග හැරිලා නේද ?
දැන් ඉන්නේ වෙනස්ම ශේෂ්ත්‍රයක. අනික නිදහසකුත් නැහැ. ඒකයි මුලිකම හේතුව. ඒත් මෙහෙ ෂෝ තියෙනවා. ඒවා වලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. බොස්ටන් ලංකා එකෙනුත් අපිට අපේම නිර්මාණයක් කරන්න අවස්වතාවක් දීලා තියෙනවා. ඒකත් සම්පුර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි කාලේ ඉදලා මුයිසික් ඇගේ තිබ්බ දෙයක් සංගීතය නම් කවදාවත් නැති වෙන්නේ නැහැ.
මේවන විට ඇය විසින්ම රචිත ගීත නිර්මාණ කිහිපයක්ම ඇය රසිකයන්ට ලබා දී අවසන්ය. ජිවිතේ සමහර ස්ථර වලදී අපට යම්යම් තීරණ සතුටින් හෝ දුකින් හෝ ගැනීමට සිදු වේ. එවන් කැපකිරීමක් සමග කාල පරිච්ජේදයක් ලක්රුවනි ගත කරමින් සිටියි. කෙසේවෙතත් ඇයගේ නිර්මාණ ඉදිරියේදී එළි දකිවී යැයි සුභ හීනෙත් ඇයට දීලා අපි ඇයට මෙලෙසින් සමු දුන්නා
By Ashanthi W.

ස්විස් සිදුවීමේ වර්තමාන තත්වය

මේ දින වල වැඩියෙන්ම කතා වෙන්නේ ස්විස් සිද්ධිය. ඒ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සාමාජිකාවක් පැහැර ගත් බව කියන සිද්ධිය. මේ වන විට මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා තිබෙනවා.
එමෙන්ම ස්විට්සර්ලන්තය සඳහා ද සමගාමීව අක්ත ගන්වා සිටින ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති, කරුණාසේන හෙට්ටිආරච්චි මෙම පරීක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සඳහා ළඟදීම ස්විට්සර්ලන්ත බලධාරීන් හමුවීමට නියමිතයි.
ඉකුත් නොවැම්බර් 25 වනදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් මෙලෙස පැහැර ගෙන ගොස් යළි මුදා හැර ඇති බවටයි වාර්තා පළ වුණේ ඇයව සුදු වෑන් රථයකින් මෙලෙස පැහැර ගත් බවට සදහන් වෙමින්. එහිදී රජයල එල්ලවූ චෝදනාවකුත් තියෙනවා. කොහොම වුනත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට ආණ්ඩුව වහාම පියවර ගෙන තිබෙනවා.
මෙතෙක් සිදුවීම ගැන පැමිණිල්ලක් නම් නැහැ ඒත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැතත් සිද්ධිය පිළිබද කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන බව.
ඒ සදහා සී සී ටී වී දර්ශනද උපයෝගී කර ගන්නා ලෙසටද අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.අග්‍රාමාත්‍ය වරයා අද (28) දින නිවාස සංවර්ධන අමාත්‍යංශයේදී වැඩ භාර ගැනීමෙන් අනතුරුව ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් පැහැර ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ අද පස්වරුව වන විටත් මෙම සිද්දිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර නැතත් ඒ සම්බන්ධව විමර්ශන පවත්වා හැකි ඉක්මනින් පූර්ණ වාර්තාවක් ලබා දීමට ක්‍රියාකරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි.
තව දුරටත් මේ ගනකියනවා නම්  කොළඹ පිහිටි ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් පසුගිය සඳුදා දින සේවය නිමවා නිවසට යන අතරතුර පැහැර ගෙන ගොස් පැය කීපයක් රදවා තබා ගෙන, සිදුකල ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැර ඇති බවටයි කියවුණේ.
මෙයින් එම කාන්තා නිලධාරිනිය අතිශයින් බියට පත් වී ඇති අතර පසුව ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වන ස්විස් තානාපති ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කර මෙම සිදුවීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් පවත්වා, වැරදි කරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙස දැනුම් දීමක් සිදු කළා
ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිටින ස්වට්සර්ලන්ත තානාපති වරයා ද ඊයේ දින ශ්‍රී ලංකා රජයේ විදේශ ඇමති වරයා ද මුණගැසී මේ ගැන දැනුම් දුන්බවත් විදෙස් මාධ්‍ය හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර තිබුනා.
මේ සිදුවීම ගැන ශ්‍රී ලංකවේ සිටින ස්වට්සර්ලන්ත තානාපති වරයා එරටට දැනුම් දීමෙන් පසුව ඒ සම්බන්ධව ඔවුන්ගේ විරෝධය පල කිරීමට ස්වට්සර්ලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති වරයාවද, ඔවුන් විසින් ස්වට්සර්ලන්ත විදේශ අමාත්‍යංශයට කැඳවා තිබු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුන අතර ස්වට්සර්ලන්තය එම සිද්ධියට විරෝධය පළ කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබුනා.
මෙසේ සඳුදා දින රඳවා තබා ගෙන ප්‍රශ්න කල ස්වට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ගෙන් විමසා ඇත්තේ මෑතක දී ශ්‍රී ලංකවෙන් ස්වට්සර්ලන්තයට පිටත්ව ගිය පොලිස් නිලධාරියෙකු සම්බන්දව බවත්, වාර්තා වන පරිදි ඔහු විසා ලබා ගත් ක්‍රම වේදය හා එසේ නිකුත් කිරීම සම්බන්දව අභ්‍යන්තර තොරතුරු සම්බන්ධව මෙම කණ්ඩායම තොරතුරු දැන ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඇයට ඔවුන් විසින් තර්ජනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පල කරනවා
මෙම සිදුවීම සම්බන්ධව ඊයේ(27) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මණ්ඩලයේ සම මාධ්‍ය ප්‍රකාශක වරුන්ගෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ මේ පිලිබඳ ඔවුන් දැනුවත් වී නොමැති බවයි.
සමහරෙක් මේ දෙස බලමින් සැක පල කරන්නේ කිසියම් කොට්ටාසයක් විසින් රාජපක්ෂ රජය අපකීර්තියට පත් කිරීමට මේවා සිදු කරන බවටය. කෙසේ වෙතත් සැබෑ පරීක්ෂණයකින් සියල්ල හෙළි වනු ඇත. කෙසේ නමුත් මෙම  සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකා නව රජයේ නාමයටත් ශ්‍රී ලංකාවටත් අපකීර්තියක් වීමට ඉඩ ඇති හෙයින් මෙවන් සිදුවීම් නොවීමට වගබලා ගැනීමට බලධාරීන් උත්සුක විය යුතුය.
By Ash.W.

රජයෙන් බදු සහන රැසක්

ජාතිය ගොඩනැඟීමේ බද්ද,උපයන විට ගෙවීම් බද්ද ඇතුළු බදු රැසක් අහෝසි කිරීමට අද(27) පැවති නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
අද දිනයේ දී ආර්ථික පුනර්ජීවනය සඳහා ජනතාවට මෙම සහන පැකේජය ජනාධිපතිවරයා විසින් ලබා දි ඇතැයි ද ජනතාවට මේ තුළින් හුස්ම ගැනීමට මෙන්ම ව්‍යවසාකයින්ට නව බලාපොරොත්තු රැසක් සමඟ මෙම යෝජනා සියල්ලට අගමැතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
මෙම සංශෝධන සඳහා වු ගැසට් නිවේදන හා අණපනත් ඉතා කඩිනමින් සැකසීම ආරම්භ වන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඒ අනුව, ගෘහස්ථ නිෂ්පාදන සඳහා වු භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැඟීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද, කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන බද්ද , උපයන විට ගෙවීම් සඳහා වන ආදායම් බදු, පොලී මත අය කරන විවිධ වාර්ගයේ ඇනවුම් බදු හා ණය සේවා බදු යන සියලු බදු වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා
එමෙන්ම සියලු දෙනා ගොඳුරු වෙන වක්‍ර බද්දක් වන සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට අනුමැතිය හිමි වු බවත් වැට් අය කිරීමේ දී පිරිවැටුම සඳහා වු අගයානුකූල බද්ද මිලියන 1කට තිබූ බවත් එය දෙසැම්බර් 1 වන දා සිට මිලියන 25 කට වැඩි නම් පමණක් වැට් බද්දට යටත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා
සියලූම ආගමික ස්ථාන සියලූ බදු වර්ගවලින් නිදහස් කර තිබේ. විදෙස් රටවලින් උපයාගෙන එන අදායම් සියල්ල බදුවලින් නිදහස් කරමින් විදුලි සංදේශ ගාස්තුවලට අය කරන බද්ද සියයට 25 කින් අඩු කර තිබෙනවා

US Secretary of State calls on Rajapaksa to ensure accountability

The United States Secretary of State Michael R. Pompeo called on President Gotabaya Rajapaksa today to ensure accountability.
He said the United States congratulates the people of Sri Lanka on their democratic election and stands ready to work with Gotabaya Rajapaksa as the new President of Sri Lanka.
“We call on President Rajapaksa to uphold Sri Lanka’s commitments to security sector reform, accountability, respect for human rights, and non-recurrence of violence,” Pompeo said.
Pompeo said that Sri Lanka continued to show the strength and resiliency of its democracy with a free, fair, and transparent presidential election befitting Asia’s oldest democracy.
“We applaud the Sri Lankan Elections Commission, Sri Lankan civil society, and the candidates themselves for promoting a peaceful election,” he said.
Pompeo said that Sri Lanka is a valued partner, and the US wants to work with the Government and people of Sri Lanka to advance cooperation on bilateral and regional issues, including fostering a free and open Indo-Pacific region where all countries can prosper, deepening good governance, and promoting justice, reconciliation, and human rights

US Embassy commends on holding peaceful election

The Embassy of the United States of America in Colombo, adding well wishes for newly elected President Gotabaya Rajapaksa, commended the country on having a peaceful election.The Embassy stated that Sri Lanka has continued to show the strength and resilience of its republic with a free, fair, and transparent presidential election befitting Asia’s oldest democracy.

The statement further read that they look forward to working with President Gotabaya Rajapaksa in supporting Sri Lanka’s sovereignty and in fostering an Indo-Pacific region where all countries can prosper.

The complete statement issued by the Embassy:

“The United States congratulates the people of Sri Lanka on their democratic presidential election and looks forward to working with President Gotabaya Rajapaksa. Sri Lanka has continued to show the strength and resilience of its republic with a free, fair, and transparent presidential election befitting Asia’s oldest democracy. We commend the Elections Commission, civil society and government authorities for promoting a peaceful election. We are ready to continue our work with the new President and with all the people of Sri Lanka in supporting the country’s sovereignty through heightened good governance, expanded economic growth, the advancement of human rights and reconciliation, and in fostering an Indo-Pacific region where all countries can prosper.

ජනාධිපතිවරණය වෙනුවෙන් කාර්යයන් අවසන් කිරීමෙන් පසු මැකෝ ඉල්ලා අස්වෙයි

මෙවර ජනාධිපතිවරණයේදී ආගමික නායකයන් සිදුකරනු ලැබූ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්, ආගම දේශපාලනයෙන් ඈත් කර තබන්නැයි තමන් සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් හෙට දිනයේදී ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් දේශප්‍රිය මහතා පවසනවා.
එමෙන්ම මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් සිදුකළ යුතු කාර්යයන් අවසන් කිරීමෙන් පසු, තම ඉල්ලා අස්වීම භාරදීමට කටයුතු කරන බවයි
රජයේ මාණ්ඩලික නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

Sihinaye Swaraya – The Crowning of the Dream Voice in North America

10 November 2019 was indeed a special day for all Sri Lankans living in the USA and Canada as they witnessed the crowning of the Dream Voice; the winner of the first ever reality singing competition organized by Boston Lanka Media Network which was opened for singing talents living in the USA and Canada. The Grand Finale took place at the Royal Albert’s Palace in New Jersey, USA with 24 finalists competing for the crown.

The Guest of Honor for the Grand Finale was Sri Lankan ambassador to USA Hon. Rodney Perera. The finalists were judged by Sri Lankan celebrity singers Jagath Wickremesinghe, Indika Upamali along with Arjuna Balasuriya, Badraji Mahinda Jayathilake and Sunethra Sarachchandra. The contestants were professionally backed by the band ‘Araliya’ from New York who did a great job providing quality live background music for the finalists.

The show was full of excitement as the three hosts Dushan Dissanayake, Geethika Wickramasinghe and Mihiri Weerasinghe kept the crowd excited throughout the finale as the finalists sang their songs with dream of becoming the crowned champ. After a nail biting competition, Tharindu Karunarathne (Michigan, USA) was crowned the Dream Voice of North America and Rashenka Amarasekara (Alberta, Canada) along with Lakruwani Fernando (California, USA) were the First and Second Runner Up respectively.

Season two of Sihinaye Swaraya – Dream Voice will be coming to the public in 2020 organized by Boston Lanka Media Network.

 

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා මූලස්ථාන-විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය විවෘත කෙරේ

අති නවීන පහසුකම් සහිතව පැලවත්ත අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදි කෙරුණු ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද විවෘත වුනා.
යුද, ගුවන් සහ නාවික යන ති‍්‍රවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ඉදි කිරීම් ඇරඹුණේ 2011 වසරේ මාර්තු මස 11 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරිණි.
නව යුද්ධ හමුදා මූලස්ථානය ඉදිරිකිරීම සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් මිලියන 53 යි දශම 3 ක්. ශී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක වූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ද මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ
නව යුද හමුදා මූලස්ථානයේ CCTV කැමරා පද්ධති නිරීක්ෂණය වෙනුවෙන් LCD තිර 16 ක් ද ස්ථාපිත කර තිබෙනවා.   විදුලි සෝපාන   19 ක් ද මෙහි වේ.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තව පවතින ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ප‍්‍රධාන කාර්යයාල, මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනු ඇති. යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ගත් ගොඩනැගිලි සඳහා මාසිකව රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය වී ඇති අතර දැන් එය ඉතුරු කර  වනු ඇත.

India keeps close watch on elections in Sri Lanka

India is keeping a close watch on the upcoming presidential elections in Sri Lanka, where pro-China Gotabaya Rajapaksa is pitted against housing minister and deputy leader of the ruling United National Party Sajith Premadasa, India’s Economic Times reported.

The outcome of the election next month will have a bearing on India’s presence in the southern Indian Ocean region.

For the first time in Sri Lanka’s political history, no sitting president, prime minister or opposition leader is contesting for the highest office in the country. Although several candidates are in the fray, the main fight is between Premadasa and former Defence Secretary Gotabaya Rajapaksa of the Sri Lanka Podujana Peramuna. Gotabaya is the brother of former president and pro-China Mahinda Rajapaksa.

Election observers told ET that while Rajapaksa is a high-profile candidate, the elections are evenly poised. Premadasa could emerge as a dark horse — he maintains a low profile, appeals to the rural areas and the minorities, who account for a quarter of the island’s population, and has not been involved in any controversy.

His five-year ministerial tenure has been free of controversy, and during the 2018 political crisis when President Maithreepala Sirisena ousted and then reinstated prime minister Ranil Wickremesinghe, he played a key role in stabilising the situation. When Narendra Modi made his first visit to Sri Lanka as prime minister in 2015, the 52 year-old Premadasa was made his minister in waiting.

The son of Ranasinghe Premadasa, Sri Lanka’s third president who was assassinated in 1993, Sajith is said to stay away from the Colombo elite and positions himself as a man of the masses. According to observers, his caste could help him to get additional votes.

Premadasa has declared that former army chief field marshal Sharath Fonseka would be his national security chief if he is voted to power. Fonseka had fallen out with the Rajapaksa regime marred by the alleged corruption and highhandedness of Gotabaya.

කුමාර වෙල්ගමගේ නිවසට හොරු පනී 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට කිසිවකු ඇතුල්වී තිබෙනවා. බොස්ටන් අප කල විමසුමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනේලයක් කඩා දමා ඇති බවත් කිසිවක් සොයන්නට තැත් කර ඇති බවයි
නිවසේ කිසිවක් සොරාගෙන නොමැති අතර මේ පිළිබදව පරීක්ෂණ පොලිසිය විසින් දියත් කරමින් සිටී
කෙසේ වෙතත් අප කල විමසුමට පිළිතුරු දෙමින් වෙල්ගම මහතා සදහන් කළේ කිසිවක් සොරාගෙන නොමැති බවත් තමන්ව බය කරන්නට කල දෙයක් දැයි සැකයක් ඇති බවයි. කෙසේ වෙතත් සිය දේශපාලන තීරණය වෙනස් නොවන බවද ඔහුව කිසිවෙකුට බය කිරීමට නොහැකි බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.