ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් ලබන 13 වැනිදා දිවයිනට

දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් දෙදින නිල සංචාරයක් සඳහා ලබන 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාවේ සහ පකිස්ථානයේ සංචාරය කිරිමට නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ඇලිස් වේල්ස් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මානව හිමිකම්, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාසයන් ඇතුළුව කලාපීය හා ද්විපාර්ශික ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කිරිමට නියමිත වේ.

කෞතුකාගාර වල තියෙන්න ඕන යකඩ ගොඩවල්

මේ දින වල බෙහෙවින්ම කතා බහට ලක් වන්නේ හපුතලේදී කඩා වැටුණු ගුවන් යානය ගැන. හපුතලේ තම්බපීල්ල ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්නැයි පාර්ශව 05 කට බණ්ඩාරවෙල අධිකරණය නියෝග කලේ ඊයේ 4 වනදා. තවම ඒ ගැන තොරතුරක් නැහැ කොහොම වුනත් ඒ අනුව රජයේ රස පරීක්ෂක, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මෙලෙස කරුණු දැක්වීමට නියමිතයි.
මේ අතරතුරදී හපුතලේ ගුවන් අනතුරින් මිය ගිය ගුවන් හමුදා සෙබලුන් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල මහ රෝහලේදී අද සිදු කෙරෙන්නේ එම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පී. ඩබ්ලිව්. සී. එල්. එස්. වඩුගේ ප්‍රධානත්වයෙන්.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මිය ගිය එම නිලධාරීන්ගේ දේහයන් ගුවනින් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමද සිදු වෙනවා.
හපුතලේ, තම්බපීල්ල වතු ප්‍රදේශයකදී ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එම යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් නිරීක්‍ෂකයින් දෙදෙනෙකු මිය ගියේ පසුගිය 3වනදා පෙරවරුවේ. වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට පියාසර කරමින් තිබූ මෙම යානය නිරීක්ෂණ මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුරට ලක්වුණා
කොහොමවුණත් මේ ගැන සෙවීමේදී අපට විවිධ තොරතුරු වාර්තා වුණා. මෙම ගුවන් යානා වසර 30ක් පරණයි. එවන් පරණ යකඩ ගොඩවල් කෙතරම් දුරට ධාවන තත්වයේ තියෙනවද යන්න ප්‍රශ්ණයක්. හරියටම කිවුවොත් චීනයේ  Harbin Aircraft Industry Group විසින් නිශ්පාදිත ද්විත්ව එන්ජින් සහිත මෙම අනතුරට පත් Herbin Y – 12 යානයේ වයස අවුරුදු 33ක්. තමන්ටත් වඩා ව‍යසින් වැඩි වාහනයක මහපොළොවෙ යන්නත් මිනිස්සු බය එකේ පුංචි කිරි සප්පයො ඉන්න, හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න තරුණ සෙබළුන් ඔවුන්ටත් වඩා වයසක බඩකඩිත්තුවක නැගලා අහසින් යන්න කියන්න තරම් අපේ රට දුප්පත්ද කියලා ප්‍රශ්ණයක් අපිට එනවා. නමුත් මිට පිළිතුරක් දක්වමින් ගුවන් හමුදාව පවසා තිබුණේ වසර 30ක් පරණ වුණත් මෙම ගුවන් යානා ධාවන තත්වයේ තිබු බවක්
 විදේශ රටවල ගුවන් සෙබළු අපේ රටට විවිධ පුහුණු කටයුතු සඳහා ආවම පිස්සො වගේ අපේ යානා අතගානවා, සෙල්ෆී ගහනවා කියලා මම අහලා තියෙනවා. හෙලිකොප්ටරයක් යද්දිත් එළියට දුවන අපිට මේවා මැජික් වුණාට ඔවුන්ට එහෙම වෙන්නෙ විදිහක් නැහැනෙ? හේතුව දුක්බරයි. මොකද ඒ රටවල මෙවැනි යානා සේරම භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නෙ. ඒව බලන්න යන්න ඕන ගුවන් හමුදා කඳවුරුවලට නෙමෙයි, කෞතුකාගාරවලට.
හෙට අලුත් සිද්ධියක් ඇවිල්ලා මේක යට යාවි. මිනිස්සුන්ට මැරිච්ච කොල්ලො ටික අමතක වේවි. හෙටත් තව හිරිමල් කොල්ලො ටිකක් පටවගෙන පරණ යකඩ ගොඩවල් බිම ඉන්න මිනිස්සුන්ගෙත් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඉගිලේවිද ? එසේ නොවන්න වගකිවයුතු බලධාරීන් වග බලා ගත යුතුව ඇත.
මේඝා

ITN සභාපති පුටුව සුදත් රෝහණට

ITN ආයතනයේ නව සභාපතිවරයා ලෙස සුදත් රෝහණ මහතා පත් කිරීමෙන් අනතුරුව අද වැඩ භාර ගැනීම සිදු වුණා.
නිදහස් කලා සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි.
නිදහස් කලා සන්ධානය හැටියට අපේ යෝජනාව වුනේ කලා කරුවන් ගේ ආයතනයකට අවශ්‍ය වන්නේ හුදු පරිපාලක යෙකු නොව කලාව හා කලාකරුවන් හදුනන නිර්මාණශීලි අයෙකු බවයි. එය දැන් ලැබිල තියෙනව. අපගේ පලවෙනි ඉල්ලීමම පිලි අරගෙන ආයතනය නිසා පුද්ගලයා බැබලෙන ක්‍රමය පැත්තකට දමා පුද්ගලයා නිසා ආයතනය බැබලෙන ක්‍රමයකට විතැන් වීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ටත්අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ටත් ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ටත් අපගේ ගෞරවය පුදකරන අතර මෙතෙක් සිටි විෂය භාර අමාත්‍යවරයා විසින් දේශපාලන මඩගොහොරුවක් බවට පත්කර තිබූ I T N ආයතනය නිර්දේශ පාලනීකරනය කර නැවත ත් අංක එකේ නාලිකාව බවට පත්කිරීමට සුදත් රෝහණ සහෘදයා ට හැකිබව අප දන්නා අතර ඒ සදහා ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා. එසේ ම කලකදී ඔය ආයතනයේ සිටි මෝඩ වාහෙලා කිහිපදෙනෙක් විසින් නිදහස් කලා සන්ධානය නැමැති පෙට්ටි කඩයේ සභාපති ලෙස හඳුන්වනු ලැබූ සුදත් රෝහණ සහෘදයාම අද ඒ ආයතනයේ සභාපති වීම දෛවයේ කෙබඳු සරදමක් ද. සභාපතිතුමනි ඔබට සුභපැතුම්.
ලාල් කුලරත්න.

යාපනයේ ප්‍රතිමා ස්ථාපිත කිරීමේදී කලබලයක්

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමගම ඊයේ (21) එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මෙම ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පවසා ඇත්තේ එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.
මෙම ස්ථානයට ගිය දේශපාලනඥයින් හා චිත්‍ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ද සිදු වී ඇති අතර යාපනය දේශපාලනඥයින් මේ ක්‍රියාවට ඉඩ ලබා දිය නොහැකි බව බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා.
යාපනයේ තරුණ තරුණියන් ද බොහෝ ස්ථානවල අලංකාර චිත්‍ර අඳිමින් නගරය ලස්සන කළ අවස්ථාවේදී ඒ පිළිබඳව දැඩි සතුටට පත් වූවත් මේ ආකාරයේ සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීම පිළිබඳව සතුටට පත්වීම හෝ ඊට ඉඩදීම කළ නොහැකි ක්‍රියාවක් ලෙසයි යාපනයේ දේශපාලනඥයින් පිරිස ප්‍රකාශ කොට තිබෙන්නේ

මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි විශ්වවිද්‍යාල ආයතනයක්

ජනමාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක් පිහිටුවන අතර ඒ සඳහා වසර 2020 දී බඳවා ගැනිම ආරම්භ කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, මාධ්‍යවේදී තාරුණ්‍ය සඳහා අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි උසස් ඩිප්ලෝමාවක් ලබා දීම සඳහා මාධ්‍ය සඳහා වන විශ්ව විද්‍යාල විද්‍යායතනයක් දින සියයක් ඇතුළත ආරම්භ කරන බවයි . මාධ්‍යවේදීන් සඳහා විවිධ ඩිප්ලෝමා ලබා දීම විවිධ මාධ්‍ය ආයතන හරහා සිදු කෙරෙන බවත්,එසේ වුවද,මෙම පාඨමාලාව සඳහා ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයින් හා ආචාර්ය,මහාචාර්යයවරුන් ගේ සහයෝගය ලබා ගන්නා බව ද මෙහිදී පැවසුවා එසේම මේ සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා වසරකට සිසුන් 500-1000ක් අතර බඳවා ගන්නා බව පැවසු අමාත්‍යවරයා, සති අන්තය හා පස්වරුවේ දේශන පැවැත් වීමට සැලසුම් කර ඇත.

විදේශ ආයෝජකයින් ලංකාවට

නතර වී ඇති සංවර්ධන කටයුතු යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
යළිත් වරක් එම සංවර්ධන කටයුතු සිදුකිරීමට අයෝජකයින්ට ආරාධනා කර සිටින බවයි තංගල්ල වනවාස කුඩා විහාරයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රටේ සම්පත් විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් පසුගිය රජය චිසින් සිය පාලන සමයේ සිදුකළ සංවර්ධන කටයුතු අතහැර දමා තිබු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Switzerland warns Sri Lanka’s reputation on Rule of Law at stake

Switzerland has warned that Sri Lanka’s reputation as a country that upholds the rule of law is at stake.
The warning came after an employee of the Swiss Embassy in Colombo was today detained on the grounds that she allegedly made false statements.
The Federal Department of Foreign Affairs (FDFA) in Switzerland is concerned about the development and calls on the Sri Lankan judicial authorities to ensure better protection of its employee’s personal rights in any further proceedings and compliance with national law and international standards.
The FDFA and the Swiss Embassy in Colombo will continue to meet their responsibilities as an employer and do everything in their power to assist the member of staff concerned.
On 25 November 2019, the local employee of the Swiss Embassy reported that she had been abducted in Colombo to force her to disclose embassy-related information. Both the victim and the Swiss embassy cooperated fully with the Sri Lankan authorities during the proceedings.
The FDFA has repeatedly called for due process to be followed. In particular, the FDFA has criticized the 30-hour interrogation to which the employee was subjected over three days despite being in poor health and the public statements by senior Sri Lankan officials questioning her account before the investigations had been completed.
Following the arrest of its employee, the FDFA expects the Sri Lankan law enforcement authorities to comply with national law and international judicial standards and to ensure that the employee’s rights are now better protected.
As an employer, the FDFA calls on the Sri Lankan authorities to meet their obligations under applicable law and give due consideration to the employee’s poor state of health. Switzerland wishes to emphasis that in this high-profile case Sri Lanka’s reputation as a country that upholds the rule of law is at stake.
The FDFA and the Swiss Embassy in Colombo will continue to support their employee as far as possible.
The FDFA has reiterated to the Sri Lankan authorities that it is seeking a common and constructive way forward to resolve the security incident. On 16 December 2019, the Swiss ambassador in Colombo emphasized this again in a face-to-face meeting with Sri Lanka’s President Gotabaya Rajapakse

යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර සහන සැපයීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතවෙයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මහජන ජීවිත සහ දේපළවලට සිදුවන ආපදා සහ අලාභ පිළිබඳව අනතුරු අඟවමින් දිවයිනේ පළාත් කිහිපයකම මුදාගැනීමේ, අළුත්වැඩියා කිරීමේ සහ සහන සේවා සැපයිමේ මෙහෙයුම්වල යුද්ධ හමුදා භටපිරිස් මුලතිව්, කිලිනොච්චි, මධ්‍යම සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයන්හි අඛණ්ඩව නිරත වෙමින් සිටිනවා.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින සන්ධ්‍යාවේ බණ්ඩාරවෙල, ඔබ්බඩ ඇල්ල ප්‍රදේශයෙහි නායයෑමට ලක්ව දුම්රිය ගමන් මාර්ගය මතට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කර දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට සමත්වුණා.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම හදිසි ආපදා අවස්ථාවට සිය දායකත්වය ලබා දී තිබෙනවා.
මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් දෙසැම්බර් මස 5 සහ 6 දිනයන්හි නායයෑමට ලක්වූ පස්සර සහ ස්ප්‍රිංවැලිවත්ත ප්‍රදේශයේ මෙන්ම 6 වන සැතපුම් කණුව අසල මාර්ගවල ගමනාගමනය ඇණහිට තිබු බැවින් 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භටපිරිස් පස් ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වන අයුරුත් දැක ගැනීමට හැකි වුණා.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් කඩිනමින් එම පස් සහ ගල් ඉවත් කර මාර්ගය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. ඒවගේම, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් සිකුරාදා (6) දින ඒ 35 මාර්ගයේ වල්ලිපූරාම් කෝවිල වෙත කඩිනමින් ගොස් අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් හානියට පත් පාලමේ බිම් පෙදෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනවිරත්න විසින් “ඇති වන හදිසි ආපදා තත්ත්වයන් හිදී අවශ්‍ය සේවය සැපයීමට සූදානම්ව සිටින” ලෙස එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙත දැනුම්දෙන ලදී. තවද, 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්. කස්තුරිමුදලිගේ ගේ අධීක්‍ෂණය යටතේ 9 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් 682 සහ 683 වන බලසේනා භටපිරිස්හි සහයෝගය ඇතිව අඩි 16 x 80 ක් දිග පාලමක් ප්‍රතිසංස්කරණය කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කරලීමට සමත්වෙලා.
එසේම, මරිටිමෙපට්ටු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොමලමුනේ කැළණි පාලම අවට ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවී පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 8 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව මුදාගැනීමට 593 වන බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සමත් වූ අතර පීඩාවට පත්වූ පුද්ගලයින් ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කිරීමත් ප්‍රසංසනීයයි.
593 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී.ආර්. පලම්කුඹුර ගේ අධීක්‍ෂණය යටතේ මෙම හදිසි මෙහෙයුම දියත් කළා.
මේ අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ 222 වන බලසේනාවේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගංවතුර තර්ජනයට ලක්ව ඇති සිත්තරු සමගිපුර ප්‍රදේශයේ ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වූ අතර එමගින් සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබුණා. ඒවගේම දිගටම භටපිරිස් වැලි කොට්ට අතුරා ගං ඉවුරේ ආරක්‍ෂාව තව දුරටත් තහවුරු කරලා
20191207_floodsfhq-cen_01 20191207_floodsfhq-cen_2220191207_floodsfhq-cen_0320191207_floodsfhq-cen_17

US donates landslide monitoring instruments to Sri Lanka

The United States donated landslide monitoring instruments to Sri Lanka’s National Building Research Organization (NBRO) to more effectively manage the risk of landslides in Nikgaha, Kalutara.
As part of the initiative, engineers and geologists from the U.S. Geological Survey (USGS) visited Sri Lanka from November 5 to 15 to partner with Sri Lanka’s scientists on the installation and use of the equipment, which will enable NRBO staff to quickly identify areas vulnerable to landslides and avert the loss of life and property.
“Better preparedness will help save lives,” said U.S. Ambassador to Sri Lanka Alaina B. Teplitz. “This equipment will enable NBRO to issue targeted regional landslide warnings, which are crucial for rural communities.”
Sri Lanka is highly prone to landslides due to monsoon rainfall, population growth, and new construction in the country’s hilly interior. Worth four million Sri Lankan Rupees, the equipment will enable the NRBO to remotely monitor groundwater levels and rainfall in areas at risk for landslides.
The USGS team also led workshops for NBRO staff on improving the quality of landslide mapping, the use of high resolution topographic data, and the role scientists can play during disaster response. Participants learned how data generated by Light Detection and Ranging (LiDAR), a very precise method to measure the surface of the earth, can be used to identify landslide hazard areas. The workshop also addressed techniques for collecting landslide data in the field, including using tablet computers to collect and interpret field data.
The equipment, installations, and the research exchange were supported through the Office of Foreign Disaster Assistance (OFDA) of the United States Agency for International Development (USAID). Since 2018, USGS and USAID/OFDA have worked with NBRO reduce landslide risk and save lives

සිහිනයක ස්වරයේ දක්‍ෂයින් අතරින් තාරුක සෙනෙවිරත්න

විදේශීය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බොස්ටන් ලංකා ප්‍රථම වරට සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් රියලිටි වැඩසටහන ගායන හැකියාව ඇති දකෂකයින් සොයා ගිය ගමනක් ඇත. සිහිනයක ස්වරයේ දක්‍ෂයින් අතරින් අති දක්‍ෂයින් කිරුළු පැළදි ඒ උත්කර්ෂවත් මොහොතේදී සිව් වන ස්ථානයට පැමිණි රියලිටි තරුව බවට පත් වූයේ තාරුක සෙනෙවිරත්නය. මේ ඔහු අපට මුණ ගැහුණ මොහොතකි.
ඉතිං තාරුක අපි ලංකාවේ විස්තර එක්ක අපේ කතාව පටන් ගමුද ?
ඔව් මගේ මුල් ගම අනුරාධපුරේ. ශිෂත්වය විභාගෙන් මම සමත් වෙලා රෝයල් විදුහලට ඒමත් එක්ක අම්මලත් සේරම කොළඹ පදිංචියට ආවා. අක්කලා 3 දෙනෙක් ඉන්නවා. මම තමයි බාලම. අම්මයි තාත්තයි දෙදෙනාම දැන් විශ්‍රාමිකයි.
කොහොමද එතකොට ඇමරිකා ගමන ?
මම ආවේ උසස් අධ්‍යාපනයට. 2010 උසස් පෙළ  අවසන් වෙලා ආවේ. දැන් ඉලෙක්රිකල් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරනවා. දැන් විවාහකයි.
ඒ  කාලේ කොහොමද සංගීතයට  යොමු වුණේ ?
පොඩි කාලේ ඉදලා මුයිසික් වලට පුදුමාකාර ආසාවක් තිබ්බේ. තාත්තා තමයි ගොඩක්ම කැමති. පුංචි කාලේ එතකොට මට අවුරුදු 3ක් විතර ඇති. අනුරාධපුරේ තිබ්බා ෂෝ එකක්. එක මට මතක විදියට තාත්තා වැඩ කළ බැංකුවෙන් තමයි ස්පොන්සර් කලේ. කොහොමහරි තාත්තා මට ලඟට ඇවිල්ලා කිව්වා ස්ටේජ් එකට නැගලා සිංදුවක් කිව්වොත් මවුටන් බයිසිකලයක් අරන් දෙනවා කියලා. මම ඉතීන් ඒ ගැම්මට නැගලා කිව්වා “දවසක් පැල නැති හේනේ ” ගීතය. රෝයල් විදුහාලේ “සාගා” ෂෝ එක 2004 අපි තමයි පටන් ගත්තේ. ගෙදර වගේම පාසලේ සංගීතයේ කල ඒවා නම් ගොඩයි.
ඔහු ඒ මතක අතරින් සිනහසෙන්නට වුණා. බොහොමයක් මතක තුළ පියා මව මෙන්ම ඔහුගේ විදුහල ගෑවී තිබුණා.සංගීතය වගේම ඔහු රෝයල් හි ක්‍රියා අතරත් ජනප්‍රිය චරිතයක් වෙලා ඉදලා. කොහොම වුනත් එවන් සුන්දර මතක සටහන් ගොඩයි. ලියන්න  ගියොත් කෙටි කරන්න වෙනවා එහෙම කෙටි කළොත් ඒ සත්‍ය කතා විකෘති වෙනවා ඒ නිසා අපි මේ කතාව එතැනින් නතර කරමින් අපේ ඊළඟ ප්‍රශ්නෙට ගියේ මෙහෙම ….
159
කියන්නකෝ බලන්න බොස්ටන් ඩ්‍රීම් වොයිස් එකට සම්බන්ද වුණේ කොහොමද ?
මට මගේ යාළුවො තමයි කිවුවේ. මෙහෙ ආවමත් මම විවිද ෂෝ වලට සම්බන්ද වුණා. ලංකාවේදී අපේ අක්කා රියලිටි ෂෝ එකකට දාලා තිබ්බත් මට යන්න වුණේ නැහැ. ඒ නිසා මේක මගේ රියලිටි පළමු අත්දැකීම
ඔබත් බිරිදත් දෙදෙනාම මේ සදහා සහභාගී වෙනවා. කොහොමද ලද අත්දැකීම ?
පළමු වරට ලද මේ අත්දැකීම කියල වැඩක් නැහැ. අපි ගොඩක් කට්ටිය ඇදුනා ගත්තා. විනෝදකාමියි වගේම හරිම උද්යෝගයක් තිබ්බා අපිට. මගේ බිරිද ශලිනි බණ්ඩාරනායක 40 දෙනා දක්වා පැමිණියා. මෙහෙම රටක ඉන්නකොට මෙවන් අත්දැකීමක් හරිම වැදගත්. මම ස්තුති වන්ත වෙනවා බොස්ටන් ලංකා හි චිත්‍රාල් ට.
හිතනවද ඔබට බිරිදට සාධරන විනිශ්චයක් ලැබුණා කියලා ?
ඔව් මම හිතන් හිටිය 5 දෙනෙක් හිටියා. එකෙන් 4ක්ම ආවා. හැමෝම දක්ෂයි.
මොනාද දැන් ඔහේ ඉදලා කරන්න හිතන සංගීත පැත්තේ වැඩ ?
 බොස්ටන් ලංකා එක හරහා අපිට ගීතයක් කිරීමේ අවස්ථාව තියෙනවා. එක ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මෙහෙ ෂෝ තියෙනවා. කොහොමත් හැමදාම ගිටාර් එක අරං සිංදුවක් කියන්න අමතක වෙන්නේ නැහැ.
1110
ඔබ ජීවිතය සාර්ථක කර ගත්ත තරුණයෙක් විදියට ගොඩ යන්න හිතන අනෙක්  තරුණයන්ට මොකද කියන්නේ ?
මෙහෙමයි. අපි කරන දේ මොකක් වුණත්, කුමන රැකියාවක් වුණත් තමන් දක්ෂ මොනාටද කියලා හොයාගෙන ඉස්සරහට යන්න ඕන. එක විභාගයක් අසමත් වුණා කියලා එතනින් මුළු ජිවිතයම ඉවරයි කියලා හැලෙන්න හොද නැහැ. ඕනෑම දේක සෙකන්ඩ් චාන්ස් එකක් තියෙනවා.විශේෂයෙන් විභාග ප්‍රථිපල වලින්නම් ජිවිතේ නවත්ත ගන්න එපා.බොහෝ  පැති තියෙනවා. සුදුසු දක්ෂ පැත්ත තෝරන් ඉහළටම යන්න
 ලංකාවේ විතරක් නෙමෙයි පිට රටක වුණත් සිටින ඕනෑම කෙනෙක්ට ඔහු එලෙස අවසානයේ කියූ කතාව මහඟු අධර්ශයකි. සැබවින්ම එසේ විය හැකි නම් ඕනෑම කෙනෙක්ට සාර්ථක වීම පහසු වනු ඇත.
641312314