පළමු කැබිනට්ටුව 19ට අත ගසයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන නව රජයේ පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා
නව රජයේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ද පසුගියදා අදහස් දක්වමින් සඳහන් කලේ  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඇති වූ අර්බුද නිමා කිරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන යෝජනාවක් නව රජයේ පළමු කැබිනට් රැුස්වීමේදී ගෙන ඒමට තමන් අදහස් කර බවයි
ඒ අනුව 19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියද අහෝසි වන බවත් රට ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවන්ට ලක්වන වගන්ති පමණක් වෙනස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා
අශ්වරු

2020 මහ මැතිවරණය: සමස්ත ඡන්ද ප්‍රතිඵලය

පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.

ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම සමහර දිස්ත‍්‍රික්කවලදී වෙන්ව තරග කල පක්‍ෂ එක් කර ගැනීම මගින් පහසුවෙන්ම 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැබී ඇත.

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, TMVP පක්‍ෂද ආණ්ඩුව සමග දැනටමත් ගිවිසුම්ගත පක්‍ෂයි.

එම මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6853690 (59.09%) 145

සමගි ජන බලවේගය 2771980 (23.99%) 54

දෙමළ ජාතික සන්ධානය 327168 (2.82%) 10

ජාතික ජන බලවේගය 445,958 (3.84%)

අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය 67,766 (0.58%) 2

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 61,464 (0.53%) 2

එක්සත් ජාතික පක්ෂය 249,435 (2.15%) 1

අපේ ජන බල පක්ෂය 67,758 (0.58%) 1

TMVP 67,692 (0.58%) 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 66,579 (0.57%) 1

TMTK 51,301 (0.44%) 1

ACMC 43,319 (0.37%) 1

ජාතික කොංග්‍රසය 39,272 (0.34%) 1

මුස්ලිම් කොංග්‍රසය 34,428 (0.30) 1

ජයග්‍රහණයට දෙවන සුභපැතුම අමෙරිකාවෙන්

ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.
“අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ. COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ,” යනුවෙන් පැවසීය.
“නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි,” යනුවෙන්ද ඔවුන් පවසයි.
රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව අමෙරිකානු තානාපති කාර්යාලය කීය. මේ අතර ඊයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වන අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කළේ ය.
අශන්ති වරුනසුරිය

විදෙස් ලොතරැයි වංචාවට හසුවූ ප්‍රවීන රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි

ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි හට ලොතරැයි දිනුම් ඇදීමකින් ඇමෙරිකානු ඩොලර් 85000ක මුදලක් ඇදී ඇති බව පවසා බැංකු වලින් ඔහු ලවා මුදලින් රුපියල් දොළොස් ලක්ෂයකට අධික මුදලක් වංචනික ලෙස තැන්පත් කරගත් තරුණයකු අත්අඩංගුවට ගත් බව අපරාධ වංචා විමර්ශණ ඒකකය සඳහන් කර සිටිනවා.
පානදුර හිරණ පදිංචි වීරප්පුලිගේ ඩබ්ලිව් ජයසිරි නම් රංගන ශිල්පියා විසින් එම ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොස්ගම පදිංචි  අයකු බණ්ඩාරවෙල අපරාධ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
අයි. සී. සී.ආයතනය අනුග්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමිව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදී මගින් ජංගම දුරකථන අංකවලට අනුව ජනප්‍රිය රංගන ශිල්පියාට ඇමරිකානු ඩොලර් 85000 ඇදී ඇති බව පවසා පානදුරප්‍රදේශයේ ප්‍රධාන බැංකු 4කින් රුපියල් ලක්‍ෂ දොළහකට අධික මුදලක් තැන්පත් කරවාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ රංග ශිල්පියාගේ පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට අදාළව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පැමිණිලිකරු විසින් මුදල් තැන්පත් සම්බන්ධයෙන් අදාළ බැංකු හතරෙන් වාර්තාවක් ලබාගත් බව අපරාධ විමර්ශන පවසයි.
එම වාර්තාවට අනුව හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැකුවක ගිණුමක් සම්බන්ධයෙන් වූ වාර්තාව අනුව එම ගිණුම් හිමියා කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි අයෙකු බව තහවුරු කරගත් බව පානදුර කොට්ඨාශ අපරධ හා වාචා විමර්ශන අංශය පවසයි.
සැකකරු මේ අයුරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ සහ වංචා සිදු කර ඇත්දැයි විමර්ශන සිදු කරන බවත්, පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

වරාය නගරය අසලින්ම තවත් වරාය නගරයක්

කොළඹ වරාය නගරය ආසන්නයේම ප්‍රදේශයක මුහුද ගොඩකර තවත් නගරයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරනවා
මෙම ව්‍යාපෘතිය 2013 වසරේ ආරම්භ කරන ලද්දක් වුවද පසුගිය අවුරුදු පහක දී එය ක්‍රියාත්මක නොවූ බැවින් එහි කටයුතු දැන් කඩිනමින් ආරම්භ කර කොළඹ නගරයට මෙම නව භූමි ප්‍රදේශය එකතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා

හිටපු ජනපති චන්ද්‍රිකා ඇගේ වාහන 04ක් යළි භාර දෙයි

හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ භාවිතයට ලබාදී තිබූ වාහන 12ක් අතුරෙන් 04 ක් නැවත ජනාධිපති කාර්‍යාලය වෙත භාරදී තිබෙනවා.
මේ සම්බන්ධව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ලිඛිතව දැනුවත් කර ඇත.
ඇය එහිදී ජනාධිපති ලේකම් අචාර්ය පී.බී. ජයසුන්දරට දන්වා ඇත්තේ වන විට රටේ උද්ගතවී ඇති මූල්‍ය අර්බුදය විසදීමට යම් මට්ටමකින් හෝ සහයක් ලබා දීමක් ලෙස මෙම තීරණයට එලඹි බවයි.
වාර්තා වන ආකාරයට මර්සිඩීස් බෙන්ස් රථයක්, නිසාන් පෙට්‍රල්  ජිප් රථයක්, ටොයෝටා ලෑන්ඩ් කුශර් ජිප් රථයක් සහ මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් මෙලෙස හිටපු ජනාධිපතිනිය විසින් ආපසු ලබා දුන් වාහන අතර තිබේ.

කොරෝනාවෙන් මියගිය විදෙස් ගත ලාංකිකයින්

රැකියා සඳහා විදේශගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී කෝවිඞ්-19 වෛරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ ප්‍රකාශ කර සිටියා. මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වෛරසය වැළඳි ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
කුවේට් හිදී 7 දෙනෙකු, සෞදි අරාබියේ දී 15 දෙනෙකු, ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමිකයින් මිය ගොස් ඇති බවත් ඊට කාන්තාවන් දෙදෙනෙකු අයත් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා කියා සිටියේ.
මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යයට කරුණු දක්වමිනි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කරන්න

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ  ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රමුඛතම සංවිධානයක් අවධාරණය කර සිටියි.

ඒ අනුව ‘කැෆේ’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් අවධාරනය කලේ, පවතින අවදානම්කාරී සෞඛ්‍ය වාතාවරණය මත මහමැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවයි.

එසේ නොකළ හොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත්, ඊට අමතරව මහමැතිවරණ‌යේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කල හැකි බව ඔහුගේ අදහසයි.

අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා  පෙන්වා දෙයි.

එම සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සෞඛ්‍ය අංශ, සහ බලධාරීන් පමණක් නොව ජනාධිපති වරයා පවා එකඟතාව පළ කර තිබුනද ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයක් දක්නට නොලැබේ.

මෙවැනි තත්වයක් මත ගෙන් ගෙට යාමේදී සහ ජනහමු පැවැත්වීමේදී ආදි කටයුතු වලදී අනුගමනය කළ යුතු  සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් බොහෝ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

මේ වනවිට කොරෝනා වසංගතය යලි හිස එසවීමේ අවධානමක් ද මතුව ඇති  අතර මේ නිසා තවදුරටත් කල් නොදමා වහාම අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව  කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා අවධාරණය කරයි.

වැරදි කරපු අය බේරෙන්න සල්ලි වියදම් කරනවා : මම ජනපතිතුමාට පැමිණිලි කළා – හිටපු ක්‍රීඩා ඇමති කියයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් මහ තරගාවලියේදි තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මා විසින් සිදු කල පැමිණිල්ල අනුව සිදු කල විමර්ෂණ කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ෂණ කටයුතු නතර කල බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලිමක් කරන බව පැමිණිල්ල සිදු කල හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

අද (03) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” මා විසින්  2011 ලෝක කුසලානය පිලිබදව ප්‍රකාශයක් පසුගියදා සිදු කලා. ඒ ප්‍රකාශය මම මිට කලින් දෙවතාවක් සිදු කලා.මේ පිලිබදව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රිකට්ක්‍රීඩකයින් ප්‍රකාශ සිදු කලා. 2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂන මර්දන ඒකකයේ ප්‍රධානියා විසින්  හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා.

එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිලිබදව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා. මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියළුම තොරතුරු ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සම්බන්ධ නැහැකියලා මම පැහැදිලිව කිව්වා . මම දන්නේ නැහැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත්, මහේල ජයවර්ධනවත් කැඳ වුයේ කුමන පදනමකින්ද කියලා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැහැ, ඒ නිසා මේ පරීක්ෂණ නතර කරා කියලා.

මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ෂන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැහැ  කියලා. තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019 , මේ සිද්ධිය වුණේ 2011 වසරේදී.

කුමාර සංගක්කාර මහතාගේ නිතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැහැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා. පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම පරික්ෂණය අවසන් තොරතුරු නැහැ කියන්න බැහැ.

මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට්පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සදහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා.එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කලේ.

අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා. මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ එක්කයට පරික්ෂණ කරන්න බැහැ. මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කල යුත්තේජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්.

මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිලිබදව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් සිදු කලා.පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා.

පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ෂණය නතර කරන්න පුළුවන්ද‍? 2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කරන්න පුළුවන්ද කියලා මම අහනවා?

කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරික්ෂණ කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කියලා. මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන. අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්, ආයේ දිනන්න නම් මේ තරගා පවා දිම නතර කරන්න ඕනේ. මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නැහැ. හැබැයි මේකට සම්බන්ධය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න” හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ චෝදනා ඇති බව සඳහන් කරමින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි

ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පසුගිය 17වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව ඊට අදාළ නඩුව ඊයේ (ජුලි 01)  කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.