ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් වැලැක්වූ අනතුර

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය ඊයේ තුර්කියට ඉහලින් වූ උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය
එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් සමග ගැටීමට යාමෙන් සිදුවීමට
ගිය විශාල විපතක් වළක්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ගේ දක්ෂකම
නිසා හැකිවී ඇති බව වාර්තා වෙයි.

මගීන් 275 දෙනෙකු සමග ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹු UL 504 දරන ගුවන් යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ සවස ලඟා වී තිබුණි.

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලේ සිට කටුනායක බලා ගමන් ඇරඹු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුල්වීමෙන් පසු අන්කාරා ඉහළින් පියාසර කරමින් සිටියදී එහි ගුවන් පාලක මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගුවන් යානය පියාසර කරවන ලෙසට දැනුම් දී තිබෙයි.

තමන්ට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටි ශ්‍රී ලන්කන්
ගුවන් නියමුවන් ඇතුළු යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට නිරීක්ෂණය වී
ඇත්තේ ඒ වන විටත් ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින්
පියාසර කරන බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් පියාසර කරමින් සිටින
බවයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරන මාර්ගයට ශ්‍රී ලන්කන්
ගුවන් යානය රැගෙන යන ලෙස අන්කාරා හි පිහිටි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන් ඔවුන් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දීමට පියවර ගනු ලැබ ඇති බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ඒ වන විට ඩුබායි බලා පියාසර
කරමින් සිට ඇති අතර එහි ගමනාන්තය වී තිබුනේ සිංගප්පූරුවයි. එමෙන්ම මෙම
ගුවන් යානය ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොලෙන් පිටත්වී තිබුනේ ශ්‍රී
ලන්කන් ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකට පසුව වීමද විශේෂත්වයකි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය සිදුකළ දැනුම් දීමෙන්
පසුව පරීක්ෂා කිරීමෙන් පසු, අන්කාරා ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය
විසින් ශ්‍රී ලනක්න් ගුවන් යානයේ කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ
රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු ගුවන් යානයක පියාසර කිරීමක්
අනාවරණය නොවූ බැවින් ශ්‍රී ලන්කන් ගුවන් යානයට ඉහළ නැගීමට අවසර දුන්
බවයි.

ඒ වන විට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තම යානාවේ පිහිටි
රේඩාර් පද්ධතියෙන් හඳුනා ගත් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවා යානය අදාළ
සීමාවට රැගෙන නොගස් නැවත වරක් අන්කාරා ගුවන් ගමන් පාලකට දන්වා ඇත්තේ ඔවුන් ගේ තීරණය ගැන පරීක්ෂා කර බලන ලෙසයි.

එම දැනුම් දීමෙන් සුළු මොහොතකට පසුව ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය
විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට දැනුම් දී ඇත්තේ අඩි 35,000ට
ඉහළ අහසේ ගුවන් යානයක් ගමන් කරමින් ඇති බවට නිරීක්ෂණය වූ බැවින් පෙර
දැනුම් දුන් නියෝගය අවලංගු කරන බවයි.

තුර්කි ගුවන් ගමන් පාලක මැදිරිය විසින් සිදුකළ දැනුම් දීම අනුව ශ්‍රී
ලනක්න් ගුවන් යානය අඩි 35,000ක් ඉහළ මට්ටමට ඔවුන්ගේ යානය ගෙන ගියා නම් එය විශාල ඛේදවාචකයක් වීමට ඉඩ තිබුණි. මන්ද ශ්‍රී ලන්කන් ගුවන් යානයේ වේගයට අධික වේගයෙන් බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරමින් තිබු බැවින් එම යානා දෙක උඩු ගුවනේදී ගැටීමට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබු බැවින්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් ඇතුළු
කාර්ය මණ්ඩලයේ සුපරික්ෂාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා
ගැනීමට හැකිවූ අතර මගීන් 275 දෙනා ද සමග යානාව ආරක්ෂා සහිතව ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළට ලඟා වූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

https://www.gossiplankanews.com/

ෂෙඩ්වල පෙට්‍රල් ඩීසල් තිබෙන ප්‍රමාණ දැනගන්න රජයෙන් වෙබ් සයිට් එකක්

ICTA ආයතනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් හඳුන්වා දී ඇත.

නිලධාරීන් පවසන පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත්
තොරතුරු දිනපතා පෙරවරු 9.00 වන විට වෙබ් අඩවියට උඩුගත කෙරෙන අතර ඉන් පසු සෑම පැය භාගයකට වරක් වෙබ් අඩවිය යාවත්කාලීන කෙරෙනු ඇත.
මෙම වෙබ් අඩවියට අන්තර්ජාලයට පිවිසිය හැකි  ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් සම්බන්ධවිය හැකිය.

වෙබ් අඩවියේ ලිපිනය මෙසේය.
https://fuel.gov.lk/

සනත් නිශාන්ත හා සමන්ලාල් ඇප මත නිදහස් ඩෑන් ප්‍රීයසාද් තවමත් බන්ධනාගාරයේ

මැයි මස 9 වැනිදා ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය
සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්
නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, එක් සැකකරුවෙකුට මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කරන බවයි.
ඩෑන් ප්‍රීයසාද් නමැත්තාට ඇප නොදුන් අතර ලබන 22 වැනිදා දක්වා තවදුරටත්
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූයේ ඔහුට තවත් නඩුවක ඇප මතසිටියදී මෙම වරද සිදුකිරීම නිසාය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මහතාට ස්ථාන මාරුවීමක් දෙන ලෙස සහ පොලිස් ආඥා පනත යටතේ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව අධිකරණයට කරුණු දක්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.

මේ අතර අධිකරණ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,
පාර්ලිමේන්තු මන්ත්‍රී නිලාන් ජයතිලක ඇතුළු සෙසු සැකකරුවන් අද අධිකරණය
හමුවේ පෙනී සිටියේ ය.

දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට

මරණ දඩුවම් ලදමුත් ජනපති සමාව ලැබ නිදහස්ව සිටි  දුමින්ද සිල්වා අධිකරණ
නියෝග අනුව පොලිසිය නැවත අත්අඩංගුවට ගෙන තිබේ.කෙසේ වෙතත්
ඔහු රෝහල්ගතව සිටින නිසා එසේ සිටියදි ඔ ඔහු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ‘රෝහල් ඇඳ අඩස්සියක්’ ලෙස ගෙන ඇති බව පොලිසිය පවසයි.
භාරත ගාතනය නිසා මරණීය දණ්ඩනයට ලක්ව සිටි ඔහු ජනපති සමාව ලබා නිදහස්ව සිටියදි ඊට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ මව ලබාගත් අධිකරණ නියෝග අනුව නිදහස අත්හිටුවීමට ලක් විමෙන් පසු  අධිකරණ නියෝගයකට අනුව  දුමින්ද සිල්වා   අත්අඩංගුවට ගැනුනේ  ශ්‍රි ජයවරධනපුර රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබමින් සිටින විටදීය.

අපස්මාර තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ   ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ,
ස්නායු ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ අධීක්ෂණය යටතේ 18 වැනි වාට්ටුවට ඇතුළත් වී ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඔහු රදවා ඇති අතර පසුව බන්ධනාගාරයට රැගෙන යන්නට අපේක්ෂා කරයි.දුමින්දට මින් ඉහත සිංගප්පුරු ගොස් කාලයක් තිස්සේ එහි රෝහලක නතරවන්නට නිර්දේශ කළේද මෙම වෛද්‍යවරියමය.

මුදල් ඇමති ධූරයේ දිවුරපු රනිල් – මහබැංකු අධිපති ඉවත්වෙයිද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික
ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. අද (25) පෙරවරුවේ කොළඹ,
කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ
අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දී තිබේ.

රනිල්ගේ දේශපාලන දිවියේ මුදල් ඇමති ධූරය ගත් ප්‍රථම වතාව මෙයයි.
අලි සබ්‍රි මහතාගෙන් පුරප්පාඩුවූ ඇමති ධූරය ඔහුට භාරගන්නට සිදුවූයේ එය
බාරගන්නට නැවත සබ්‍රි අකමැතිවීමෙන් පසුය.
ශ්‍රී ලංකාව දරුණුම මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවේ රනිල් මත ඒ අනුව
විශාල කාර්යභාරයක් පැවරේ.
රනිල්ගේ පත්වීමට වත්මන් මහබැංකු අධිපතිවරයා කැමැත්තක් දක්වා නැති බවද
දේශපාලනආරංචි වාර්තා කර තිබුණි.
ඉදිරි දිනවල නන්දලාල් මහතා වෙනුවට නැවත කුමරස්වාමි මහතා මහබැංකු අධිපති ධූරයට පත්වනු ඇතිබවටද ආරංචි පවතී.

උතුරු මැද පළාතේ තැලසීමියා රෝගින් අවදානමක

උතුරු මැද පළාතේ තැලිසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට රුධිරය මාරු කිරීමට අවශ්‍ය රුධිර බහාලුම් මලු හා ඖෂධවල හිගතාවෙන් රෝගීන් 350ක් පමණ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බව එම රෝගීන් රැක බලා ගත්තා රෝගීන්ගේ දෙමවුපියෝ පෙන්වා දෙති.  තැලසීමියා රෝගීන්ට විශේෂිත වෙතම වාට්ටුවක් හා රෝගී සත්කාරක සේවා ඒකකයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින අතර එහි තැලිසීමියා රෝගීන් 300කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවද ඔවුහු පවසති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂිත තැලසීමියා රෝගීන් සඳහා වූ වාට්ටුවක්
හෝ ඒකකයක් නොමැති වුවත් හඳුනාගත් රෝගීන් 100ක් පමණ පොළොන්නරුව මහ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කරන බවද පැවසෙයි.

කෙසේ න්වෙතත් මාසයක පමණ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනවලට සහභාගී වන හා රුධිරය මාරු කරගැනීමට පැමිණෙන රෝගීන්ට ලේ ලබා දීමට අවශ්‍ය රුධිර බහාලුම් හෙවත් ලේ බෑග් නොමැති වීමෙන් ලේ මාරු කිරීමට නොහැකිව රෝගීන් දැඩි අසරණ බවට පත්ව ඇති බවද දෙමවුපියෝ පවසති.

ඔවුන් නියමිත කාලවලට රුධිරය මාරු නොකළොත් ජීවිත අවදානම වැඩි වන බවද ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ පිළිබද පොළොන්නරුව හා අනුරාධපුර මහ රෝහල්වල අධ්‍යක්ෂවරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය ව්‍යර්ථ විය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ තැලසීමියා ඒකකයේ රෝගීන් 300කට  වැඩි පිරිසක් සිටින බවත් ඔවුන්ගේ ලේ මාරු කිරීමට මසකට ලේ බෑග් 1000ක් පමණ අවශ්‍ය බවත්ය.

එම ලේ බෑග් හිගය උග්‍රව පවතින බවත් ලේ පරිත්‍යාගශීලීන් සෑහෙන පිරිසක්
සිටියත් ලේ ලබා ගැනීමට බෑග් නොමැතිකම විශාල ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කීය. ඖෂධ කිහිපයක හිගයක් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැලිසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා රුධිර පාරවිලයන කටයුතු මහ රෝහලේ ළමා වාට්ටුවෙන් හෝ කුරුණෑගල හෝ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් සිදු කෙරෙන බවත් දැනට පොළොන්නරුවේ තැලසීමියා රෝගීන් සම්බන්ධයෙන් අවදානම්සහගත තත්වයක් උදා වී නැති බව පොළොන්නරුව ප්‍රාදේශීය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පැවසීය.

ගෝඨාභය ගෙදර යන්න මහේල නැවත ඉල්ලයි

දින දෙකක් වයසැති දැරියක රෝහලට ගෙනයාම සඳහා පෙට්‍රල් නොමැතිවීමෙන් මිය යාම,  අවුරුදු 12ක් වයසැති දරුවෙකුට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඔසුසල් 08කට ගියද සොයා ගත නොහැකි වීමෙන් මිය යාමේ සිද්ධිය වැනි ශෝචනීය සිදුවීම් වාර්තාවන පසුබිමේ ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන ට්විටර් සටහනක් යොදා තිබේ.

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පසුගිය මැයි 09 වනදා බාහිරින් පිරිසක් අරලියගහ මන්දිරයට කැදවා ඔවුන්ට කෑම බීම දී සංග්‍රහ කර  පසුව විරුද්ධවාදීන් වෙත උසිගන්වා පිටත් කිරීමේ චෝදනා ලද ඉල්ලා අස්වූ අගමැතිගේ පුත් නාමල් රාජපක්ෂ
අද (20) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ සම්බන්ධ දීර්ඝ කට උත්තර ලබාදුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගිය අතර
අත්අඩංගුවට ගැනීමක් සිදු වූයේ නැත.

කැබිනට් අමාත්‍යවරු 9 ක් දිවුරුම් දෙති

කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය- නිමල් සිරිපාල ද සිල්වා
අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත
සෞඛ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල .
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
– විජයදාස රාජපක්ෂ
සංචාරක හා ඉඩම් අමාත්‍ය- හරීන් ප්‍රනාන්දු
වැවිලි කර්මාන්ත අමාත්‍ය  -රමේෂ් පතිරණ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ – මනූෂ නානායක්කාර
වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය – නලින් ප්‍රනාන්දු
මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස්

බේරේ වැවට තල්ලු වුණ 47 වියැති අයෙකු රෝහලේදී මරුට

පසුගියදා ගාලුමුවදොර ආසන්න ප්‍රචණ්ඩක්‍රියා වල නිරතවූ අයට ප්‍රතිප්‍රහාර
එල්ලවෙද්දී හිසට හා පපුවට බරපතල පහරදීම් වලට ලක්ව පසුව බේරේ වැවට තල්ලුවී ගිය පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා රෝහල්ගතවී ඇති අතර සතියක පමණ කාලයක් බරපතල තත්වයේ පසුවී රෝහලේදී මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 47 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයෙන් පැමිණි අයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මියගිය අයට පහරදීම් නිසා ඇතිවූ බහුවිධ තුවාල මරණයට හේතුවූ බව සදහන් කර ඇත.මෙය ඝාතනයක් ලෙස සලකා සැකකරුවන් අත්අඩංගුවට ගන්නට සොයන බව පොලිසිය දන්වා ඇත.