සරම ඔසවා කුකුලේ බැඳ තිබු රම්බෝ පිහිය පෙන්නපු නගර සභාවේ මන්ත්‍රී

බලංගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන හිටපු සභාපති වරයකු වන නිමල් ගාමිණී වීරසිංහ මහතා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ඊයේ (13) පැවැති මාසික  සභා රැස්වීමට රම්බෝ වර්ගයේ උල් පිහියක්  රැගෙන ප්‍රදර්ශනය
කිරීමෙන් සභාවේ නොසන්සුතාවක් ඇති විය. බලංගොඩ නගර සභාවේ සැප්තැම්බර් මාසයට නියමිත මාසික සභා රැස්වීම බලංගොඩ නගර සභාවේ සභාපති වසන්ත කුමාර ගුණරත්න මහතාගේ (ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණ) ප්‍රධානත්වයෙන් ඊයේ එම සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම රැස්වීමට සහභාගී වූ බලංගොඩ නගර සභාවේ මන්ත්‍රී නිමල් ගාමිණී වීරසිංහ
මහතා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ටික වෙලාවක් සභාවේ රැඳී සිට පිටව යනවාත්
සමගම තම සරමට යටින් කකුලේ ගැට ගසා තිබුණු උල් පිහිය සභාවට ප්‍රදර්ශනය
කළේය.  එම අවස්ථාවේ වෙනත් මන්ත්‍රීවරයෙකු එම පිහිය ඔහුගෙන් ඉල්ලා ගෙන ඔහු සන්සුන් කළේය. ඔහු සභාවෙන් පිටව ගිය පසු අදහස් දැක්වූ බලංගොඩ නාගරික මන්ත්‍රීනි සුනේත්‍රා ඩී. වීරසිංහ මහත්මිය (එක්සත් ජාතික පක්ෂය) මෙවැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සභාවට අවි ආයුධ රැගෙන ඒම තම ජීවිත වලට මහත් තර්ජනක් බව සඳහන් කළාය.

තව දුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ මෙම සභාවේ
මන්ත්‍රීවරියන් සිවු දෙනකු සිටින නිසා සභාපතිවරයා මේ පිළිබඳ සැලකිලිමත්
විය යුතු බවයි.  මේ පිළිබඳව අදහස් දැක්වූ බලංගොඩ නාගරික මන්ත්‍රීනි එම්.
චන්ද්‍රලතා මහත්මිය (ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණ) මෙසේ කීවාය.  අවි ආයුධ
ගෙන විත් සභිකයන් බිය වැද්දීම තරයේ හෙළා දකිනවා. සභාවේ නිදහසේ අදහස්
ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට අයිතිය තිබිය යුතුයි.

-වයි.ඒ.එස්. වීරවංශ
Gossip Lanka News

ඔක්තෝබර් 31 වන දිනෙන් කල් ඉකුත්වන කොවිඩ් එන්නත් මිලියන 7.5

කොවිඩ් එන්නත් මිලියන 7.5ක තොගයක් වසංගත රෝග අංශය සතුව පවතින අතර එන්නත් ඔක්තෝබර් 31 වන දිනෙන් කල් ඉකුත්වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

වර්ධක මාත්‍රාව ලබා ගෙන නොමැති වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන් වහාම අදාළ එන්නත් මධ්‍යස්ථානයන් වෙත ගොස් එය ලබා ගන්නැයිද වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලිමක් කරයි

අවුරුදු 20ට වැඩි ජනගහනය මිලියන 14.2ක සිටින නමුත් මින් කොවිඩ් පළමු
වර්ධක මාත්‍රාව මිලියන 8. 17 පිරිසක් ලබා ගෙන නොමැති බව වසංගත රෝග
විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.

වසර අවසාන වන විට සංචරණය වැඩි වීම හා යුරෝපා රටවල සීත සෘතුව පැමිණීමත් සමග නැවත කොවිඩ් වයිරසය පැතිර යා හැකි බැවින් වර්ධක මාත්‍රාව ලබා නොගත් පිරිස් ඒ සඳහා යොමු වන්නැයි සමිත ගිනිගේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත ‌රෝගවලින් පෙළෙන පුද්ගලයන් එන්නත්කරණයට යොමු වීමෙන් සංකූලතාවන් සහ මරණ අඩුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි

එළඹෙන සෙනසුරාදාවන් 4ක් තුළ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයකම එන්නත් මධ්‍යස්ථාන 3 බැගින් ආරම්භ කර කඩිනම් එන්නත්කරණයක් සිදුකරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් දුන් බවද හෙතෙම පැවසීය.

මේ අනුව සැප්තැම්බර් 17, 24, හා ඔක්තෝබර් 1 සහ 8 යන සෙනසුරාදා දිනයන් හි
මෙම විශේෂ එන්නත් මධ්‍යස්ථානයන් ක්‍රියාත්මක වනු ඇති.

(වරුණි පෙරමුණ / ශ්‍රියානි විජේසිංහ)
Gossip Lanka News

පාස්කු ප්‍රහාරයේ නඩුවට මෛත්‍රීට උසාවියෙන් නොතීසි

ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ
තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16) නොතීසි නිකුත් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා
සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික
පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත්
කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කල පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

ජල බිලට පොලු තැබූ මැති ඇමතිවරු ගැන තීරණයක් ගනී

මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයින් 30 දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර තිබෙනවා.

මැති ඇමැතිවරුන්ගේ මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

එම මුදල අය කර ගැනීම සඳහා කතානායකවරයාගේ සහය ලබා ගැනීමේ අරමුණින් යුතුව මේ බව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ලබාගත් ජලය වෙනුවෙන් බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මෙම කණ්ඩායමට
විශ්‍රාමික සහ මියගිය දේශපාලඥයෝ පිරිසක්ද ඇතුළත්.

හිඟ බිල්පත් නොගෙවූ සියලුම දේශපාලනඥයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට
ඉදිරියේදී කටයුතු කරන බව මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඇමැතිවරුන් කිහිප දෙනෙකු පමණක් සිය හිඟ ජල බිල්පත් පසුගිය දිනවල ගෙවා දැමූ බව එම ආරංචි මාර්ග පැවසුවා.

ලංකාවට ඉන්දියාව මූල්‍යාධාර දීම නවතියි

මෙම වසරේදී ලබා දී ඇති අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍යාධාරවලට
අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍යාධාර ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බව
මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික ණය
ගිවිසුමකට එළඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමත්
සමග ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවය.

දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට එරෙහිව
සටන් කරන ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩි වශයෙන් ආධාර ලබා දුන් රට බවට
ඉන්දියාව පත් වුව ද දැන් තත්වය මැයි සහ ජූලි මාසවල පැවති තත්වයට වඩා
යහපත් බව රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.

“අපි දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් වටිනා ආධාර ලබා දීලා
තියෙන්නේ. දැන් ඒ හැමදේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත තියෙන්නේ. ආධාර දීම
රටවල්වලට දිගට ම කරන්න බැහැ,” යනුවෙන් ඉන්දීය රජයේ ආරංචි මාර්ගයක්
රොයිටර්ස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාවේ මෙම තීරණය
පුදුමයට කරුණක් නොවන බව ත්, මහා පරිමාණ සහය තවත් සුළු කාලයකට ඉදිරියේදී
ලැබෙන බව නව දිල්ලිය මීට මාස කිහිපයකට පෙර “සංඥා කර” තිබුණු බවත්ය.

කෙසේ වෙතත්, මෙම වසර අගදී ජපානය, චීනය සහ සමහර විට දකුණු කොරියාව සමග
ශ්‍රී ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවට
ඉන්දියාවට ආරාධනා කරන බව එම මූලාශ්‍රය ප්‍රකාශ කර තිබේ.

තව ත් ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඩොලර් බිලියනයක
හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා සහ මැයි
මාසයේදී සිදු කරන ලද ඉන්ධන මිල දී ගැනීම සඳහා දෙවන ඩොලර් මිලියන 500ක ණය
මාර්ගයක් සඳහා වූ ඉල්ලීම සුළු ප්‍රගතියක් ලබා ඇති බව ය.

ඉන්දියාවේ මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී
ලංකා මහ බැංකුව මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව
ප්‍රතිචාර නොදැක්වූ බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැප්තැම්බර් මස මුලදී ඩොලර්
බිලියන 2.9ක ණයක් ලබා ගැනීම සඳහා මූලික ගිවිසුමකට එළැඹි අතර එය නිල ණය
හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සහ පුද්ගලික ණය හිමියන් සමග සිදු
කෙරෙන සාකච්ඡා මත රඳා පවතී.

“අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහ අප විසින් ම මෙම අවුලෙන් ගොඩ ඒමටයි,”
යනුවෙන් මෙරට මූලාශ්‍රයක් පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරට ත්
වාර්තා කර තිබේ.

ජනාධිපති කොමිෂන් සභා 05ක් වෙනුවෙන් රුපියල් කෝටි 19කට අධික මුදලක් වැය කරලා

ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ,වංචා දූෂණ, අක්‍රමිකතා මෙන්ම සමාජ ගැටලු
විමර්ශනය කිරීම වෙනුවෙන් 2010 සිට 2016 දක්වා කාලය තුළදී පමණක් ස්ථාපිත
කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභා 5ක් වෙනුවෙන් රුපියල් දහනව කෝටි පනස් – ලක්ෂයකට අධික මුදලක් වැය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ 2022.05.05 දිනැතිව 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුලදී පවත්වනු ලැබූ ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තොරතුරු ඇත ගැනීමේ පනතට අනුව අයදුමිපත කිහිපයක් යොමු කිරීමෙන් පසුව, ඉන් එක් අයදුම්පිතයක් වෙනුවෙන් ලබාදුන් පිළිතුරු තුළිනි.කෙසේ නමුත් අදාළ තොරතුරු ඉල්ලීමක් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් එම තොරතුරු ,තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතේ 5(1) (අ)
සහ 5(1) (ඌ) වගන්තීන්ට ප්‍රකාරව ලබාදීමට නොහැකි බව දක්වන ලද අතර, ඒ
සම්බන්ධයෙන් නම් කළ නිලධාරීයා හට අභියාචනා කිරිමෙන් පසු ඉල්ලා සිටි එම
තොරතුරු තුලින් කොටසක් ලබාදීමට කටයුතු කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉල්ලා සිටි තොරතුරු අතර, 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුළදී කොපමණ ජනාධිපති විමර්ෂන කොමිෂන් පිහිටුවා තිබේද? එම කොමිෂන් සභා පිහිටුවනු ලැබුවේ කුමන කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටද ඉහත කොමිසන් සභා වෙනුවෙන් පමණි මුදලක් යොදවා තිබේද යන්න කොමිෂන් සභා අනුව වෙන් වශයෙන් තොරතුරු ලබාදෙන්න.එම කොමිෂන් සභා මගින් ලබාදුන් තීන්දු තීරණ මොනවාද යන්න ඒ ඒ කොමිෂන් සභා අනුව සාරාංශගත තොරතුරු වෙන් වශයෙන් ලබාදෙන්න.එම කොමිෂන් සභා මගින් ලබාදුන් තීන්දු තීරණ ක්‍රියාත්මක කර තිබේද?

එම තීන්දු ක්‍රියාත්මක කර තිබේ නම් එමගින් ලබා දී තිබෙන ප්‍රගතිය
සම්බන්ධයෙන් ඒ ඒ කොමිසම අනුව වෙන් වශයෙන් තොරතුරු ලබාදෙත්ත. මේ ආකාරයෙන් ඉල්ලා සිටි තොරතුරුවලට අදාලව පිළිතුරු ලබා දී ඇත් වාර්ෂිකව ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් සිදුකළ වියදම් හා පවත්වන ලද කොමිෂන් සභා සම්බන්ධ තොරතුරු පමණක් වේ. එමෙන්ම බැඳුම්කර වංචාව ඇතුළුව 2017 සිට 2021 දක්වා කාලය තුළදී පවත්වනු ලැබූ ජනාධිපති කොන් සභා වෙනුවෙන් සිදුකළ වියදම් ඒවායේ ප්‍රගතීන් සම්බන්ධයෙන් ඉල්ලා සිටි තොරතුරු මේ වනතක් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර නොමැත.

එමෙන්ම ඉහතින් පෙන්වා දෙනු ලැබූ රුපියල් කෝටි 19ට අධික මුදලක් වැය
කරමින් පවත්වනු ලබූ ජනාධිපති කොමිෂන් සභා අතර, 2010.08.05 වන දින පත්කරන ලද රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂය සුසන්ත අනුර බණ්ඩාර මහතාගේ මරණයට අදාල කරපු පරීක්ෂා කිරීම සඳහා වන පරික්ෂණ කොමිෂන් සභාව, 2010.05.15 දින පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පිළිබදව වූ පරික්ෂණ  කොමිෂන් සභාව, මාතලේ මහ රෝහල් පරිශ්‍රය තුළදී හමුවූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් වූ කරුණු විමර්ශනය කිරීම් පරික්ෂණ කොමිසන් සභාව, එමෙන්ම 2013 08.12 දිනපත් කළ 1983.01.01 සිට 2009.05.19 දින දක්වා කාලය තුළදී උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ෂනය කිරිම් කොමිෂන් සභාව, 2015 0.3.03 දින පත්කරනු ලැබූ 2010 ජනවාරි මස 10 වැනි දින සිට 2015 ජනවාරී මස 10වැනි දින දක්වා කාලසීමාව තුළ සිදුවූ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම
සම්බන්ධයන් විමර්ශනය කිරීම සදහා වූ පරිමාණ කොමිෂන් සභාව මේ අතර වේ.

මේ ආකාරයෙන් රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කරමින් කොමිෂන් සභා
පත්කරනු ලැබුවත්, ඉන් ලබාදුන් නිර්දේශ කොතරම්දුරට ක්‍රියාත්මක කර තිබේද?
එමෙන්ම අගතියට පත් වින්දිතයන්ට කොතරම් දුරට යුක්තිය ඉටුවී තිබේද යක්ක
සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

රහුල් සමන්ත හෙට්ටිආරච්චි

විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යුරෝපා සංගමයෙන් හෙළා දකී

ගෝටාගෝගම අරගලකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ යොදවා රජය සිදු කළ මර්දනකාරී පිළිවෙත යුරෝපා සංගමය මගින් හෙළා දැක ඇත. මේ ගැන ලිපියක් යොමු කරන සංගමයේ විදේශ කටයුතු ප්‍රකාශකවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන අතර ලංකාවට GSP+ සහනය ලබාදීමේදී එකඟවූ කාරණා ගැනද මතක් කර දෙයි.

අදාළ ලිපියේ පරිවර්තය පහතින්

ශ්‍රී ලංකාවේ මෑත කාලීන නොසන්සුන්තාව පිළිබඳව යුරෝපා සංගමයේ ප්‍රකාශය

ජනාධිපති රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු රටේ නව ජනාධිපති ලෙස රනිල්
වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කඩිනම්
ක්‍රියාමාර්ගයෙන් පසුව, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළ ශ්‍රී
ලාංකික පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම්
තහවුරු කිරීමේ අවශ්‍යතාවය යුරෝපා සංගමය අවධාරණය කරයි. විරෝධතාකරුවන්ට එරෙහි අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා ලැබී ඇති අතර යුරෝපා සංගමය සාමකාමීව රැස්වීමේ සහ නිදහසේ අයිතියේ වැදගත්කම අවධාරණය කරනු ලබයි.
සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දකී.

රටෙහි ආර්ථිකය තිරසාර මාවතකට ආපසු ගෙන ඒම සඳහා ව්‍යුහගත ප්‍රතිසංස්කරණ සැලැස්මක් කඩිනමින් ස්ථාපිත කිරීම හදිසි අවශ්‍යතාවයකි. මෙම සන්දර්භය තුළ, යහපාලනය සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කරමින් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මවලට ගරු කරමින්, වඩාත් ස්ථාවරත්වය සහ ආර්ථික
ප්‍රකෘතිය වෙත නැවත පැමිණීම සහ ප්‍රතිසන්ධාන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන
යාම ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලාංකික ජනතාවට පක්ෂව කෙරෙන සියලු
ප්‍රයත්නයන් සඳහා යුරෝපා සංගමය අඛණ්ඩව සහාය දෙනු ඇත.

වසර ගණනාවක් පුරා, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් ශ්‍රී ලාංකික
ජනතාවට යුරෝ බිලියන 1 කට වැඩි ආධාර ලබා දී ඇත. GSP+ යෝජනා ක්‍රමය යටතේ යුරෝපීය තනි වෙළඳපොළට මනාප ප්‍රවේශය 2017 දී නැවත හඳුන්වාදීම ශ්‍රී
ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වී ඇත. නව රජය සිය GSP+
කැපවීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කරනු ඇතැයි යුරෝපා සංගමය
අපේක්ෂා කරයි. වර්තමාන සහ අනාගත සහයෝගිතා වැඩසටහන් (යුරෝ මිලියන 70) ශ්‍රී ලංකාවේ වඩාත්ම හදිසි අවශ්‍යතා සමඟ පෙළගැසී ඇත. යුරෝපා සංගමයෙහි ඒකාබද්ධ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය හරහා ඖෂධ බෙදා හැරීමට අමතරව, වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ඉලක්ක කරගත් ක්‍රියාවන්ට අරමුදල් සැපයීම සඳහා සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවද සමීපව නිරීක්ෂණය කරයි.

Peter Stano
Lead Spokesperson for Foreign Affairs and Security Policy
The European Union

මෛත්‍රී මොඩිෆයි කර පදිංචිව සිටි සුපිරි නිල නිවස ජනපති රනිල්ට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිට පසුව නීතිමය කටයුතු
නිසා දැනට ඉවත්ව සිටින කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර) පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටින අතර එය ආරක්ෂක හේතුමත හෙළි කර නැත.
විකල්ප ලෙස ජනාධිපති මන්දිරය හෝ අරලියගහ මන්දිරය ජනපතිවරයාගේ පදිංචියට යොදාගත හැකි නමුත් ඒ ස්ථාන දෙකෙහි පිළිසකර කටයුතු සදහා තව දිගු කලක් ගතවන බව වාර්තා විය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පරිහරණය කළ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහුටම ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ලබාගත් අතර එම තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු 29වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදිය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති
සරවනමුත්තු මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ අතුරු
ඉල්ලීම් පිළිබඳ විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීරණය නිකුත්
කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී භාවිත කළ කොළඹ-07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට 2013 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇතැයිද, එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ යැයිද තමන්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැණි යැයිද සඳහන් කරමින් පෙත්සම්කාර පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම ක්‍රියා කලාපයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන මහතා සිය බලය
අයුතු ලෙස පරිහරණය කොට ඇතැයිද, එම කාල සීමාවේදී මහජන මුදල් රුපියල්
මිලියන 180ක් වැය කර අදාළ නිවස අලුත්වැඩියා කර ඇතැයිද පෙන්වාදෙන
පෙත්සම්කරු පාරදෘෂයභාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙන්වාදී තිබිණි. මෙම පෙත්සමට අදාළ අතුරුඉල්ලීම් පිළිබඳ විභාගය පැවැත්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවසක් නොවන්නේ යැයිද දන්වා තිබුනි.
මෙම නඩුව අවසන්වරට විභාගවූ මැයි මාසයේ අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවෙසින් ඉවත් කෙරිණි.
තවමත් පෙත්සම විබාග වන අතරවාරයේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කර ඇත.

Monkeypox සඳහා WHO හදිසි තත්වයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වඳුරු උවදුර ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන ඇත්තේ ඒ ගැන කළ රැස්වීමේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි. වඳුරු රෝගය මේ වන විට රටවල් 80කට ව්‍යාප්ත වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දියාවෙන්ද මෙම වෛරස් ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී තිබේ.

ඇමරිකාවේ පළමු වරට මෙම ආසාදනයට ලක්වූ ළමුන් දෙදෙනෙකුද සොයාගෙන ඇත. රෝග පාලනය සහ වැළැක්වීමේ සෞඛ්‍ය ඒජන්සි මධ්‍යස්ථාන (CDC) අනුව, එක් දරුවෙකු කැලිෆෝනියාවේ වන අතර අනෙක් දරුවා අලුත උපන් බිළිඳෙකු වන නමුත් එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකු නොවේ.

දරුවන් දෙදෙනාගේම තත්ත්වය ස්ථාවර බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ප්‍රතිකාර
සඳහා ඔවුනට Tecovirimat නමැති ප්‍රතිවෛරස් ඖෂධය ලබා දී ඇත. CDC ට අනුව, මෙම ඖෂධය වයස අවුරුදු 8 ට අඩු දරුවන්ට ලබා දිය යුත්තේ ඔවුන් බරපතල ආසාදන අවදානමක් ඇති බැවිනි.

මේ වසරේ පැතිර ගිය පළමු වඳුරු උවදුරු රෝගියා මැයි 6 වනදා බ්‍රිතාන්‍යයෙන්
සොයා ගන්නා ලදී. එ් බොහෝ රෝගීන් පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන සමලිංගික තරුණයන් ය. කෙසේ වෙතත්, මෙම රෝගය ඕනෑම කෙනෙකුට වැළඳිය හැකිය. රෝගියා සමඟ සමට සම ස්පර්ශ කිරීමෙන් හෝ ඔහුට ආහාර ලබා දීමෙන් ද ආසාදනය පැතිරෙයි. මීට අමතරව, ආසාදිත පුද්ගලයෙකුගේ ඇඳුම්, උපකරණ සහ ඇඳ ඇතිරිලි ස්පර්ශ කිරීමෙන්ද වඳුරු රෝගය පැතිර යා හැකිය.

සීඑන්එන් වාර්තාවට අනුව, එක්සත් ජනපද රජය මේ වන විට වඳුරු පොක්ස් එන්නත් ලක්ෂ 3 කට වැඩි ප්‍රමාණයක් ජනතාව වෙත ලබා දී ඇත. මෙයින් අදහස් කරන්නේ සති කිහිපයක් ඇතුළත පුරවැසියන් දහස් ගණනක් ඉක්මනින් එන්නත් කරනු ඇති බවයි.
CDC වලට අනුව, එක්සත් ජනපදයේ මිලියන 1.5 ක ජනතාවක් එන්නත සඳහා සුදුසුකම් ලබයි. සෑම කෙනෙකුටම Jynneos එන්නත මාත්‍රා දෙකක් ලබා දෙනු ඇත.

දත්ත වලට අනුව , දැනට ලෝකයේ වඳුරු උවදුරු රෝගීන් 17,000 ක් පමණ සිටින ව පැවසෙන අතර ඉන්  රටවල් 80 ක රෝගීන් 16,886 ක් තහවුරු කර ඇත. මෙයින් දරුණු පීඩාවට පත් වූවන් සංඛ්‍යාව 11,985 කි. ඒ අතරම, රෝගයට ගොදුරු වූ පළමු රටවල් 10 අතරට බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය,
පෘතුගාලය, කැනඩාව, නෙදර්ලන්තය, ඉතාලිය සහ බෙල්ජියම ඇතුළත් වේ. වඳුරු
උවදුරෙන් මේ වසරේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

මේ සති 3 තමයි දුෂ්කරම කාලය – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

පවතින ඉන්ධන හා ගෑස් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා  (14) ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන්
අති දුෂ්කර සති තුනක කාලය එළඹ ඇති  බවයි.

ගෑස් නැවත් පැමිණ ඇති බවත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් එය ලබා දෙන බවත් ඉන් පසුව එන නැව් වලින් තවත් මාස හතරකට ලබාදීමට අපේක්ෂා කරන බවත් කීය.තියන හැටියට ඊළග නැව එන්න දින 14 ක් යනු ඇති බවත් කීය.
ඉන්ධන තත්වය සැලකීමේදී සියයට 50 ක් පමණක් තිබෙන බව කියන අගමැතිවරයා ප්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් තොග ලබාදෙන බවත් දින 7 කට ඒවාට ලබාදීමට ප්‍රමාණවත් බවත් 16 වනදා නැවක් ලංකාවට ඒමට නියමිත බවත් තව නැව් දෙකක් ගැන බලාපොරොත්තු ඇති බවත්ඒ අනුව දළ වශයෙන් මාසය අවසන් වනතෙක් තව කොටස් නිකුත් කිරීමට හැකිවනු ඇතැයි සැලසුමක් ඇති බවත් කීය.මේ ආකාරයට ඊළඟ
මාසයටද එම සැලසුමම ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරන බව කීය. පසුව
ඉන්දියානු ණය ලබාගෙන ඉතිරි ටික කරන්නට අපේක්ෂා කරන බව කීය.
ඩොලර් මෙන්ම රුපියල් හිඟයක් ද පවතින බැවින් මුදල් මුද්‍රණය කිරීමට අවසර
ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අපට ආදායම් නැහැ. මේ නිසා රුපියලේ හිඟ ප්‍රශ්නය මේ වසර අවසන තෙක්ව යනවා.. ඩොලර් හිඟය අයිඑම්එෆ් ලවා විසදාගන්න බලනවා… ඔහු කීය.
ඊයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් තමාට කතා කර සහය දෙන බව කී බවත් ජනපති බයිඩන් තානාපති අමතා සහය පළ කළ බවත් කීය. ජපානය සමග ලංකාවට පැවති ගැටලු විසඳාගනිමින් යන බවත්, ලෝක ආහාර වැඩසටහනද සහය දෙන්නට සූදානමින් සිටින බවත් කීය.

චීනයේ හිටපු තානාපති දන්වා සිටි පරිදි චීනයේ සහය ලබාගත හැකි මට්ටමක්
පවතින බවත්, තෙල් ගන්නට ඉන්දියාවෙන් ණය ලැබෙන බවත් කීය.
ජනතාවට මේ නිසා දුක් විදින්නට සිදුවීම ගැන කණගාටුවන බවත් ප්‍රශ්න
ඉක්මණින් විසදන්නට බැරිව යාම ගැනත් කණගාටුවන බවත් අගමැති අවසන් වශයෙන් පැවසීය.