උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සිසුසැරිය බස් රථ විභාග පැවැත්වෙන දිනවල ක්‍රියාත්මක වන බවයි ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

මේ අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ගමනාගමන පහසුකම් සඳහා විශේෂ දුම්රිය ගමන්වාර 16 ක්ද හෙට සිට ක්‍රියාත්මක කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ශ්‍රී ලංකාව ඉදිරියේදී වෘත්තිකයන්ගෙන් තොර රටක් බවට පත්විය හැකියි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෘත්තිකයන්ගෙන් තොර රටක් බවට පත්විය හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ.

මීට පෙර පැවති බදු ප්‍රතිපත්තිය සඳහා එකඟවන නමුත් නව බදු ප්‍රතිපත්තිය හරහා එතරම් විශාල බදු ප්‍රමාණයක් වෘත්තිකයන්ට දරා ගැනීමට නොහැකි බවත් මෙම බදු ප්‍රතිපත්තිය නිසා වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව හේතුවෙන් එය ලංකාවේ සංවර්ධනයට බලපෑමක් එල්ලකරනු ඇති බවයි වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ.

මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ වෙනුවෙන් සිදුකරන සටන ඉදිරියටම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වනවිට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ සිට විභාග මධ්‍යස්ථාන 2,200ක දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයේ ස්ථාවරය IMF වෙත දැනුම්දීම අද – Hindustan Times

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම්දීමට නියමිත බව ඉන්දියාවේ Hindustan Times වාර්තාකර තිබෙනවා. ඒ අනුව අදාළ දැනුම්දීම චීනය විසින් අද දිනය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව සිදුකරනු ඇති බවයි Hindustan Times සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන්ට දඩ

නව බිත්තර මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝණය කරන වෙළඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට රුපියල් 100,000 සිට රුපියල් 500,000 ක් දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බව එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළා.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

නානුඔය අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවයි. නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගියදා (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 53 දෙනෙක් තුවාල ලබා තිබුණා.

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනයට තාවකාලික තහනමක්

පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසා සිටියේ.

නවසීලන්තයේ ඊළඟ අගමැති ලෙස ‍Chris Hipkins යෝජනා වෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් විසින් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නවසීලන්ත පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය යන දෙක සඳහා පුරප්පාඩු ඇතිවීමට නියමිතයි.

එම පුරප්පාඩුව සඳහා මේ වන වන එරට අධ්‍යාපන ඇමති, පොලිස් ඇමති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධූරයන්ද හොඹ වනු ලබන Chris Hipkins යෝජනා වී තිබෙනවා.

ඒ අනුව හෙට (22) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහු නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට නියමිතයි.

නානුඔය මාරක රිය අනතුරු පිළිබඳව පොලීසියෙන් නිවේදනයක්

ඊයේ (20) නානුඔය ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීමේ පුද්ගලයින් 07 දෙනෙකු මිය ගිය අතර තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.

අදාළ නිවේදනය පහතින්,

dbcd116efdf77df544982c7066811c07

නානුඔය අනතුරෙන් පුද්ගලයින් 7 ක් මරුට

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 7 ක් මියගොස් තිබෙනවා.

එසේම අනතුරෙන් 41 ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 6 ක් හා ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු වුණා.