හිටපු නීතිපති අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට අද (19) පෙරවරු 9.00 ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට සිදුකර තිබුණු ඔහුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අත​ර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (19) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්,

0fd85a3f09df56895b9c7dd48c7bfafe

a075fe83ba7803f6483dac5095b8cf5d

හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7 ක රැඳවුම් නියෝගයක්

හෙරොයින් කිලෝ 179ක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අදාළ රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ජාවාරම මෙහෙයවනු ලබන විදේශගතව සිටින සැකකරු සහ මෙරට සිට මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

22d63414c66132d7c03b335f2587decd

වැඩි කළ ඉන්ධන සලාක​ය තවත් සතියක් ලබාදීමට තීරණයක්

උත්සව සමය වෙනුවෙන් වැඩි කරන ලද ඉන්ධන කෝටාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන වන මීළග සතියේදීත් එලෙසම ලබාදීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.

පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබුණා.

අදාළ ඉහළ දැමූ ඉන්ධන කෝටාවන් පහතින්,

4a23bb2642ac5bdefba557e6f176d361

ගාලු මුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් ආදි​ය පැවැත්වීම සඳහා අවසර ලබානොදීමට තීරණයක්

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති අතර එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ ඒ සඳහා වැය කිරීමට නියමිතයි.

අප්‍රේල් 20 වැනිදායින් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා මින් ඉදිරියට එම භූමියේ පැවැත්වීමට අවසර හිමි නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

3feab3e5d5df57d1285ae046d3b4c1f9

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

විදුලි බල සැපයීම, ඛණිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්

571ee0221e27e08dbda1344aa838d562

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (18) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, අනුරාධපුරය, කුරුණෑගල, මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

7ebe5662bab12cafc74bffefd99a68e4

 

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කෙරේ

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගී සේවාව සාමාන්‍ය සේවාවක් හෝ සුඛෝපභෝගී සේවාවක් බවට පත්කරන ලෙස සියලු බස් හිමියන් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී ලෙස ඇති බවත් මේ වන විට බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර උපායමාර්ගික සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අද (18) උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම සංවාදය සඳහා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සහභාගී වීමට නියමිත අතර එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම උපායමාර්ගික සංවාදය මෙය බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීමට සමගාමීව මෙම සංවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 21 වනදා කොච්චිකඩේ සිට කටුවපිටිය දක්වා ජන පවුරක් නිර්මාණය කරනවා – කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

ඒ අනුව එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා මෙම ජන පවුරක් සකස් කරන බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 21 උදේ 8 සිට පෙරවරු 9 දක්වා කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා කොළඹ මීගමු මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කරන බවත් පෙරවරු 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කටයුතු කරන බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.