පළාත් පාලන ආයතනවල ස්ථිර නොකරන ලද සේවකයින් 8400කට ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරනවා – ජානක වක්කුඹුර

ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

654483eb6841apdf_page_0

654483ebd9870pdf_page_1

මුදල් විශුද්ධිකරණ නඩුවකින් නාමල් නිදොස් කොට නිදහස්

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව සඳහන් කරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතා සාකච්ඡා අවසන් වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කොළඹදී පවත්වා තිබෙනවා.

මෙරට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ආරක්ෂා කර ප්‍රවර්ධනය කරමින් අපනයන විවිධාංගීකරණය සඳහා ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීම ශ්‍රී ලංකා රජයේ දැක්ම වන අතර මෙරට ආර්ථිකය නඟා සිටුවමින්  ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෝලීය වටිනාකම් දාමය හරහා ප්‍රධාන පාර්ශවයන් සමඟ සම්බන්ධවීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හවුල්කාරීත්වය වෙළඳාම සහ ආයෝජන යන දෙඅංශයෙන්ම දෙරටේ ආර්ථික වර්ධනයට ඉවහල් වන බවත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ETCA පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේම රාජ්‍ය නායකයින් එකඟතාව පළ කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්‍රමුඛ ඉන්දීය නිලධාරීන් 19 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මෙම විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්‍ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6543448552736pdf_page_0

දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්වල භාණ්ඩ කිහිපයක මිල පහත දමා ඇති බව එම සමාගම පවසනවා. ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 22 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 948 ක්. එසේම කඩල රුපියල් 09කින් සහ මුං ඇට රුපියල් 77 කින්ද පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීමට අවසර ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික පවුල් 3 කට අයත් 17 දෙනෙකුට මෙම අවසරය ලැබී ඇති අතර අද දින දහවල් 12.00 පමණ වනවිට එම පිරිසෙන් 15 දෙනෙක් ඊජිප්තුවට ළඟා වීමට නියමිතව ඇති අතර දෙදෙනෙක් පලස්තීන ජාතිකයන් වීම හේතුවෙන් ඔවුන් එරට රැඳී සිටිනු ඇති බවද ඔහු සඳහන් කළා.

ඔවුන් සුරක්ෂිතව ඊජිප්තුව කරා ළඟාවීමට නියමිත බවත් අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීම සඳහා ඊජිප්තු තානාපති කාර්යාලය හා ලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය කටයුතු කරන බවයි ගාමිණි සෙනරත් යාපා වැඩිදුරටත් සඳහන් කළේ.

ග්‍රැෆයිට් කතාව හරියටම කිව්වෙ මම – හර්ෂ ද සිල්වා

ග්‍රැෆයිට් පිළිබඳ කතාව තමන් පැවසුවේ 2019 වර්ෂයේ මාර්තු 21 වෙනිදා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ ද ඒ පිළිබඳ ලියා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ සුපිරිසිදු මිනිරන් ග්‍රැෆීන් බවට පත්කර ලෝකයේ අගය දාමයන් වෙත යොමුකිරීම තම ආර්ථික දැක්මේ අංගයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

පසුගියදා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇමරිකාවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳ සටහනක් තබා තිබුනා.

6543233b1e910

ඉන්දීය මුදල් අමාත්‍යවරිය දළදා සමිඳුන් වැඳපුදා ගනියි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් දළදා සමිඳුන් වැඳ පුදාගෙන තිබෙනවා.

ඒ අනුව ඇය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඇය අද (02) දින ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද වැඩ වර්ජනයක

අද (02) දිනයේ රජයේ සියලු විශ්ව විද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

ඒ අනුව වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණයක්ද අද දහවල් 2.00 ජාතික පුස්තකාලයේදී පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සබරගමුව විශ්විද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත පත්කර තිබෙනවා.

ඔහු එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව නොවැම්බර් මස 02 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක කාල සීමාවක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට සිට සංකේත වැඩ වර්ජන මාලාවක් ආරම්භ කරයි

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් (02) ආරම්භ කරන බවයි සඳහන් වන්නේ.

හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බවත් අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වලත් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාත්වල වන අතර, 09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේත්, 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ද මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තීන්දු කරයි

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මරණ පරීක්ෂණය සිදුකළ අතර එහි වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම නියෝගය සිදුකර තිබෙනවා.