ඉහළ දැමූ ඉන්ධන සලාක සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

QR අවසරපත් හරහා ලබාගත හැකි ඉහළ දමන ලද ඉන්ධන සලාක සීමාවන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22 ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14 ක් හිමිවන බවයි සඳහන් වන්නේ.

එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14 ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාක සීමාවක් හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කලේ.

ඉන්ධන සලාක වැඩිවන ආකාරය පහතින්.

4d2e496f13252d2e20a83424763b28a7

පොසොන් සතිය හෙටින් ඇරඹේ

පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බවද, පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

අරගල භූමි⁣ය ඇතුළේ ආගම්වලට අගෞරව කිරීම සාමාන්‍යකරණය කෙරුවා – නාමල්

පසුගිය වසරේ පැවති ගෝල්ෆේස් අරගල භූමිය තුළ ආගම්වලට අගෞරව කිරීම සමාන්‍යකරණය කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවසන “අපේ හාමුදුරුවනේ” යන වචනය විහිළුවට ලක්කල සමාජය, ආගම් සමච්චලයට ලක් කිරීම සාමාන්‍යකරණය කළ බවයි ඔහු පවසන්නේ.

අරගල භූමියේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළ යුතු බව ත⁣මා පැවසුවේ එබැවින් යයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

උන්වහන්සේ අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ආගම් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නේ මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්නද කියලා සැකයි – ඩිලාන් පෙරේරා

ආණ්ඩුවේ සමහර කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව දක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. පසුගිය සති කිහිපය තුළම රට තුළ කතාබහට ලක්වන්නේ ආගමික නිගරු කිරීම් සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් බවත්, එහිදී කතාබහට ලක්වන පිරිස් ඉදිරියට ගෙන එන්නේ ආණ්ඩුව විසින් හිතා මතාම බවට සැකයක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ. අදාළ පිරිස් ආගමික කරුණු ඉලක්ක කරමින් පහරදීම් සිදු කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට මිනිසුන්ගේ අවධානය එදිනෙදා ගැටලුවලින් වෙනත් පැත්තකට යොමු කිරීමේ උවමනාවෙන් දැයි සැකයක් මතුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

උණුසුම් කාලගුණය ගැන දැනුම්දීමක්

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවධානාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

23b3efc04e659da8981ef6b8cf0965d5

රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාළව, රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වනවා.

ඒ අනුව අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිත විභාගය සඳහා අපේක්ෂකයින් 472,553 ක් පෙනී සිටීමට නියමිතයි.

විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතුව යන ලෙසත්, විභාග ප්‍රවේශ පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කරගෙන යන ලෙස සහ ජාතික හැඳුම්පත රැගෙන යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන සලාක සීමාවන් ඉහළට

අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි QR අවසරපත් මඟින් ලබාගත හැකි ඉන්ධන සලාක සීමාවන් වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව කුලී රථ ලෙස ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන පරිදි සලාක සීමාවන් වැඩි කර තිබෙනවා.

එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14 ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක් දක්වා ඉන්ධන සලාක සීමාවන් වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සලාක සීමාවන් වැඩිකර ඇති ආකාරය පහතින්.

a477f57abbd5ac549061f77b08b90037

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) දිනයේ ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතුව යන ලෙසත් විභාග ප්‍රවේශ පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කරගෙන යන ලෙස සහ ජාතික හැඳුම්පත රැගෙන යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීට නොහැකි ගංවතුර හෝ ආපදා තත්ත්වයක් පිළිබඳ ගැටලුවක් ඇතිවුවහොත් 117 දුරකථන අංකය හරහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත හැකි බවත් විභාග මධ්‍යස්ථාවල ආරක්ෂාවද තහවුරු කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කරනවා.