ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 04ක් එම ස්ථානයට පිටත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේ.
ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 04ක් එම ස්ථානයට පිටත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.
පසුගියදා තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දීම අනුව මෙම කැඳවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව නොවැම්බර් 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් අදාළ ඉල්ලීම සිදුකළ බවයි අද (17) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමටද එම අනු කමිටුවට බලය පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිත බවයි සඳහන් වන්නේ.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය අයදුම් කිරීමට දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.
පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුයිසු පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රටේ ආර්ථික පරිහානියට ප්‍රධානතම හේතුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් හිතවතුන්ට ආර්ථික වාසි ලබාගැනීම සඳහා වසරකට රුපියල් බිලියන 600 ක බදු කපා හැරීම ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
තමන් එකල විපක්ෂයේ සිට එසේ බදු කපා හැරියොත් රට කඩාවැටෙන බවට අනතුරු අඟවමින්, එය නොකරන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කළද, ආණ්ඩුව ඊට සවන් නොදුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.
දූෂිතයින් සමඟින් කිසිසේත් රටක් ගොඩනැගිය නොහැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.