රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදීමට රජය උත්සාහ දරණ බව උත්තර ලංකා සභාගය පවසනවා.
ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේදී 4.2% කින් පමණ හැකිළෙනු ඇති බවට ලෝක බැංකුව ප්‍රකාශ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ.
එසේම රුපියලේ මිල ඉහළ නැංවීමට කටයුතු කරන්නේ කෘතිම ආකාරයෙන් බවට හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.
රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදී පාලකයින්ගේ අරමුණුවලට යාමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Category: news_sub
සති අග තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට
තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා මෙම සතිය අග ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ වන විට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216 ක් දක්වා අඩුවී ඇති බවයි අද (07) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.
අන්තරේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
රාජාංගනයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ් කිරීමට නියෝග
රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරගත කර සිටියා.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට හර්ෂ ද සිල්වා පත්කෙරේ
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපතිවරයා සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.
නතාෂා සහ බෘනෝ යළි රිමාන්ඩ් කිරීමට නියෝග
නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඔවුන්ට එරෙහි නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අන්තරේ අද කොළඹට
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව මාස 05 ක් වසා දමා ඇති බෞද්ධපාලි සරසවිය වහා විවෘත කරන ලෙස සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 39 හා ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
එසේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිවද මෙම විරෝධතාව පවත්වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අද (07) දහවල් 12.00 ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතාව ආරම්භ කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට විදේශ ගමන් තහනමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම තහනම පනවා ඇති බවයි සඳහන් වන්නේ.
2023 ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 ට මරුතැන්කේනි පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තමා පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන තුරු තමාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරයි
දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කථානායකවරයා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව ව්‍යවස්ථාවට අනුකූල නොවන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති පරිදි සංශෝධනය කළහොත් ගැටලුවක් මතු නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේ.
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ භූ කම්පනයක්
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
ඒ අනුව ඊයේ රාත්‍රීයේ රික්ටර් මාපකයේ 2ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ.
මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
